English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


සීමා නිර්ණය වාර්තාව ප‍්‍රතික්‍ෂේප වෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මෙම කමිටුව සඳහා පත්කළ හිටපු ආණ්ඩුකාර සාලිය මැතිව් සහ එක්සත් ජාතික පක්‍ෂයෙන් පත්කළ ජ්‍යෙෂ්ඨ නිතිඥ එස් මිස්බා යන දෙපළ සීමා නිර්ණ අවසන් වාර්තාවට අත්සන් තබා නොමැති බැවින් පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්ථපා විසින් සීමා නිර්ණය අභියාචනා කමිටු අවසන් වාර්තා ප‍්‍රතික්‍ෂේප කර ඇතැයි වාර්තා වෙයි.

එසේ අත්සන් නොකිරීම පිළිබඳව විමසීමේදි ඔවුන් ප‍්‍රකාශකර ඇත්තේ අදාළ වාර්තාව සිය අත්සන් තැබීම සඳහා තමන් වෙත නොලැබුණු බවයි. සීමා නිර්ණය අභියාචනා කමිටු අවසන් වාර්තාව කියවා බැලීමකින් තොරව අත්සන්කළ නොහැකි බව ද ඔවුන් පවසා ඇත.

ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් නිතිඥ උපුල් කුමාරප්පෙරුම සහ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් මහාචාර්ය බාලසුන්දරම් පිල්ලෙයි අත්සන් තබා ඇති අතර කමිටුවේ සභාපති අශෝක පිරිස් සහ සෙසු සාමාජීකයින් කිහිපදෙනෙකු ම ඊට අත්සන් තබා ඇතැයි වාර්තා වෙයි.

-    මෙලනි
 




2017-01-02
Advertisement

Find us on Facebook