English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


පොලීසිය ...... පොලීසිය .... මහෙමත් මුග්ධ වැඩ !


හොඳ වැඩ එකක් අස්සේ දඟ වැඩ, මුග්ධ වැඩ, ජරා වැඩ, තිරිසන් වැඩ සහ මරණ වැඩ කිහිපයක් සම්බන්ධයෙන් ශ‍්‍රි ලංකා පොලිස් සේවය ගැන කථා නොකර සිටීමට බැරිවිම මහා ඛේදවාචකයකි! පොලීසිය එන්න එන්නම පිස්සු වැඩ මෙන්ම මරණ වැඩ ද කරති. එය පුරුද්දකට ද හිතාමතා ද නැතිනම් ආරූඩකරගත් බොරු බලයක් පෙන්වාලීමට දැයි නොවැටහේ්.

කෙසේවෙතත්, පසුගිය ඉරිදා (අගෝ 18) උදැසන කටුණායක ශූද්ධවු පේදුරු පාවුළු දේවස්ථානයේ ඉරුදින දිව්‍ය පුජාව අවසාන වන්නට විනාඩි 5-10කට පමණ පෙර, කාකි ඇඳුමින් සැරසුණූ, අතේ ගිණි අවියක්ද දැරූ පොලිස් නිළධාරියෙක් දේවස්ථානයේ පැති දොරකඩින් ඇතුළුවී ගායනා කණ්ඩායම අසළට පැමිණ, අසළ පාසැලේ ශිෂ්‍යත්ව විභාගය කරන ළමුන්ට බාධා පැමිණෙනවා’යි පවසමින් දිව්‍ය පුජාවේ ශබ්දය අඩුකරන්නැයි නිවේදනය කර ඇත. එහිදි මඳ නොසන්සුන්තාවයකට පත්වු සැදැහැවතුන් පොලිස් නිළධාරියා හට දේවස්ථානයෙන් පිටතට යන ලෙසට දන්වා ඇත. පසුව, එම නිළධාරියාගේ පිස්සු හැසිරීම සම්බන්ධයෙන් සීදුව පොලීසියේ  ඕ අයි සී මහතා පැමිණ දේවස්ථානයේ පාලක පියතුමාගෙන් සමාව ඉල්ලා සිටි බව දේවස්ථාන ආරංචි මාර්ග සඳහන් කළේය. 

දෙව්මැදුරක හෝ කුමන ආගමීක ස්ථානයක නිල වශයෙන් ආගමීක කටයුත්තක් පැවැත්වෙමින් තිබියදී, එසේ ගිණි අවියකුත් අතැතිව ඒ භුමියට හෝ දේව ගෘහය තුළට ඇතුළු විය හැකි ද ? මෙදින කටුණායක දේවස්ථානයට ඇතුළුවී කලර්ස් පෙන්වන්නට හෝ බලය පෙන්වන්නට ගිය පොලිස් නිළධාරියාගේ දැන උගත්කම කොපමණ ද ? ඔහු කතෝලිකයෙකු නොවූවත් කවර හෝ ආගමකට අයත් පුද්ගලයෙක් නොවන්නේද ? අවම වශයෙන් සරළ දැනුමක්වත් ඔහු සතුව නැතිවද පොලිස් නිලයක් දරන්නේ කියා අසන්නට සිදුවෙයි?

මෙම සිදුවීම පිළිබඳව, එදින එම අවස්ථාවේදි සත්ප‍්‍රසාදවහන්සේ බෙදා දෙමින් සිටී ශුද්ධවු පවුලේ පැවදි සොයුරියන් දෙදෙනෙකු වන ගරු පිලොමිනා සහ ඈන් පෙරේරා අයිතිය විසින් විමසා සිටිය දී මෙසේ විස්තර කළෝය.

"ඒ වෙලාව, දිව්‍ය පූජාව නිම වෙන්නට විනාඩි පහක වගේ පුංචි කාලයක් තමා තිබුණේ. අපි දෙදෙනාම සත්ප‍්‍රසාද වහන්සේ බෙදා දෙමිනුයි සිටියේ. පියතුමා එම කාර්යය නිමකර අල්තාරයේ සිටියා. අපි දුටුවා ගායන කණ්ඩායම අසළට පොලිස් නිළධාරියෙක් පැමිණ කුමක් හෝ කියනවා. ඒ සමඟම දේවස්ථානයේ එම ප‍්‍රදේශයේ හිටපු අය මඳ නොසන්සුන්තාවයකට පත්වුණු සේයාවක් දුටුවා, මොකද දිව්‍ය පුජාව පවත්වමින් සිටින විටකදී කෙසේද නිල ඇඳුමින් සැරසීගත් පොලිස් නිළධාරියෙක් දේවස්ථානය ඇතුලට පැමිණියේ කියා. ඇරත් ගිණි අවියකුත් අතේ තබාගෙන. පසුව පියතුමාත් අල්තාරයෙන් බැස ගොස් ඔහුට දේවස්ථානයෙන් පිටතට යන ලෙසට ඉල්ලා සිටියා. ඔහු කියා තිබුණේ දේවස්ථානය අසළ පාසැලේ දී එදින ශිෂ්‍යත්වය විභාගය පැවැත්වෙන බැවින් දිව්‍ය පුජාවේ ශබ්දය අඩුකර ගන්නා ලෙසටයි."

ඇත්තෙන්ම දිව්‍ය පුජාවේ ශබ්දය වැඩියෙන් පැවතියා ද ? ”නැහැ, ඇත්තටම දිව්‍ය පූජාව ආරම්භකරන්නට පෙර පියතුමා දන්වා සිටියා අද පාසැලේ ශිෂ්‍යත්ව විභාගය පවත්වන්නට නියමිත නිසා වෙනදා මෙන් පිටත ස්පීකර්ස් භාවිතා කරන්නේ නැති බැවින් දේවස්ථාන භුමියේ සිට දිව්‍ය පූජාවට සහභාගිවන අය දේවස්ථානය ඇතුළට පැමිණ දිව්‍ය යාටයට සහභාගි වෙන්න කියා. ඒ නිසා දිව්‍ය පුජාවේ ඇතුලත තිබුණ ශබ්දය කෙසේවත් පිටතට යන්නට හේතුවක් නැහැ.”

දිව්‍ය පුජාව ආරම්භ කළේ කීයටද ? උදැසන 8.30 ටයි දිව්‍ය පූජාව පවත්වන්නේ. විභාගය ආරම්භකරන්නට තිබුණේ උදැසන 9.30 ටයි. පූජාව කෙසේවත් විභාගයට බාධාවක් වෙන්නට ඉඩක් තිබුණේ නැහැ.

පොලිස් නිළධාරියාගේ පැමිණිම නිසා දිව්‍ය පූජාව අතරමඟ නතර කරන්නට සිදුවුණා ද ? ”නැහැ එවැනි දෙයක් සිදුවුණේ නැහැ. පියතුමා අල්තාරයේ සිටියා. අපි සිස්ටර්ස්ලා සත්ප‍්‍රසාද ලබාදෙමින් සිටියා. පොලිස් නිළධාරියාගේ පැමිණිම නිසා පියතුමා අල්තාරයෙන් බැස ගොස් ඔහුට ඉවත්වන ලෙසට දැන්වුවා. අපි සත්ප‍්‍රසාදවහන්සේ ලබාදී අවසන් වීමෙන් පසුවයි පියතුමා දිව්‍ය පූජාව අවසන් කළේ්. පොලිස් නිළධාරියාගේ පැමිණීම දිව්‍ය පූජාව පවත්වාගෙන යෑමට කෙසේවත් බාධාවක් වුයේ නැහැ. නමුත්ගිණි අවියකුත් දරාගෙන යාඤාවේ යෙදී සිටි අවස්ථාවක අනපේක්‍ෂිත ලෙසට දේවස්ථානයට ඇතුළු වීම තුළ ඒ යාඤාවේ, සැදැහැවත් පරිසරයට හානීයක් වුවා. ඒ හැර කිසිදු කලබලයක් හටගත්තේ නැහැ. නමුත් ඔහුගේ ඒ, එලෙස පැමිණීම සුදුසු නොවන, යුතු දෙයක් නොවන ලෙසටයි අපි දකින්නේ. ඔහුට තිබුණා කෙනෙකු අත පියතුමාට පණිවුඩයක් යවන්නට. නමුත් එසේ කරන්නට, ශබ්දය අඩුකරන්නැයි ඉල්ලා සිටිය යුතු පරිසරයක් තිබුණේ නැහැ.”

කෙසේහෝ, පොලිසිය විසින් කරනු ලබන, එහෙත් පොලිස් පොතේ නොලියැවෙන මෙවැනි බලහත්කාරකම්, නුසුදුසු ,යුතුනැති දේවල නිමාවක් දකින්නේ කෙදිනක දැයි ප‍්‍රශ්නයකි. 

ඡායාරූපය  -  මී පුර වෙබ් අඩවියෙන්
-MMP



2014-08-19
Advertisement

Find us on Facebook