English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


දේශපාලන සිරකරුවන් - ජනතා මර්ධනීය පනත අහෝසි කළ යුතුයි !

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතට මානුෂික මුහුණුවරක් නැති බවත් එය තවදුරටත් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතක් නොව , මර්ධනය කිරීමේ පනතක් බවත් ඒ තුළින් උත්සාහා කරන්නේ මිනිසුන් මර්ධනය කිරිමට පමණක් බවත් දේශපාලන සිරකරුවන් නිදහස්කර ගැනීමේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු ගරු මාරිමුත්තු ෂත්‍යවේල් පියතුමා ප‍්‍රකාශ කරයි.

එබැවින් දේශපාලන සිරකරුවන් නිදහස්කර ගැනීමට මෙකි මර්ධනීය පනත එනම් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතු යැයි පියතුමා කියා සිටියි.  

"ඒ මර්ධනීය පනත ඉවත් කළ යුතුයි. අනික් අතට අපි යහපාලන ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙනවා මේක යහපාලන ආණ්ඩුවක් නම් සහ ජනතාවාදි ආණ්ඩුවක් නම් ජනතාවගේ සුභ සෙත සඳහා ජනතාවගේ යහපත සඳහා දේශපාලනය කළ යුතුයි කියලා."

නමුත් අද, යහපාලනය ද සිදුකරමින් සිටින්නේ පක්‍ෂ දේශපාලනය යැයි පවසන සත්‍යවේල් පියතුමා, ආණ්ඩුව රැකගැනීමට ඔවුන් දරණ මෙම උත්සාහය තුළින් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට පවා ඔවුන් කැමැත්තක් නැතැයි පවසයි.

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතට වඩා බරපතල පනතක් ගෙනෙන්නට උත්සාහා දරන බව ද පවසන සතිවේල් පියතුමා, එවැනි මොහොතකදී ඔවුන් විසින් දේශපාලන සිරකරුවන් අත්අඩංගුවට ගත්දවසේ සිට මේ දක්වා ඔවුන් වෙත සිදුවී ඇති අඩුපාඩුකම්  මානව හිමිකම් කඩවීම් ඔවුන්ගේ වරප‍්‍රසාද කඩවීම් පිළිබඳව සම්පුර්ණ වාර්තාවක් දෙසැම්බර් මස 28 වෙනිදා මානව හිමිකම් කොමිසම වෙත භාරදුන් බව පැවසීය.



"අපි කියා සිටින්නේ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත තබාගනිමින් දේශපාලන සිරකරුවන්ට නිදහස ලබාගන්න බැහැ. ඒ නිසා මෙය අහෝසි කළ යුතුයි. දේශපාලන සිරකරුවන්ට වන්දි ලබාදිය යුතුයි. ඔවුන්ගේ මානව හිමිකම් කඩකලාවු අයව නීතිය ඉදිරියට ගෙනආ යුතුයි. සියලූම දේශපාලන සිරකරුවන් වෙත යුක්ති සාධාරණය ඉටුවිය යුතුයි." යන ඉල්ලීම් ඉදිරියේ තවදුරටත් දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරය ක‍්‍රියාත්මක වන බව සත්‍යවේල් පියතුමා අවධාරණය කළේය.

දේශපාලන සිරකරුවන් නිදහස්කර ගැනීම සඳහා දැවැන්ත උත්සාහයන්වල නිරත වු බවත් මේ වන විට ජනාධිපති අගමැති දෙදෙනා වෙත ම ඉල්ලීම් ඉදිරිපත් කර ඇති මුත් කිසිදු ආකාරයක සහනදායි පිළිතුරක් ලැබී නොමැති බව සත්‍යවේල් පියතුමා වැඩිදුරටත් පැවසීය.

සටහන සහ පිංතුරය  -  මෙලනි මානෙල් පෙරේරා



2016-12-29
Advertisement

Find us on Facebook