English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


යහපාලන ආණ්ඩුව මහපරිමාන ඉඩම් කොල්ලයකට කැසකවයි !
"සංවර්ධනයේ නාමයෙන් භුක්තිය පැහැර ගැනීම තුළින් මෙරට ගොවීන් ,ධීවරයින් ,ග‍්‍රාමිය ප‍්‍රජාව සහ නාගරික දුගින් අනතුරේ හෙළයි." පාර්ල් 



යහපාලන ආණ්ඩුවේ 2017 අයවැය යෝජනා මගින් ඉඩම් සඳහා ගොවීන්ට ධිවරයින්ට හා ග‍්‍රාමිය ප‍්‍රජාවන්ට ඇති අයිතිවාසිකම් ආරක්‍ෂා නොකෙරන බව ඉඩම් අයිිතිය සඳහා වන ජනතා සන්ධානය (පාර්ල්) පවසයි. එබැවින් තමන් මෙකී අයවැය යෝජනාවලිය සඳහා සහය පලනොකරන අතර ආයෝජක හිතකාමි නව ලිබරල්වාදි ආර්ථික න්‍යායපත‍්‍ර වෙනුවට දුගී හිතකාමී සංවර්ධන මුලපිරීම් දියත්කරන මෙන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි. එමෙන්ම, සංවර්ධනයේ නාමයෙන් ඉඩම් භුක්තිය අහිමි කරවීම සිදු නොවන තිරසර සංවර්ධන යන්ත‍්‍රණය සඳහා සහයෝගය නිරතුරුවම ලබාදෙන බව ද ඉඩම් අයිිතිය සඳහා වන ජනතා සන්ධානය ප‍්‍රකාශ කරයිි.

යහපාලන ආණ්ඩුවේ නව ඉඩම් ප‍්‍රතිපත්තිය පිළිබඳව "ජීවය නැති සංවර්ධනය අවසන ව්‍යසනයකි" මැයෙන්, ඉඩම් අයිිතිය සඳහා වන ජනතා සන්ධානය (පාර්ල්)   විසින් සංවිධානය කරන ලද විවේචනාත්මක සංවාදයක් පසුගියදා කොළඹ දී පැවැත්විණි.




එම සංවාදය සඳහා යාපනය වලිකාමම් කඳවුරුවැසියන් ගේ නියෝජනයක් සමගින් ලංකාව වටා සිදුකෙරෙමින් පවතිනස හ සිදුකිරීමට නියමිත විවිධ සංවර්ධන ව්‍යාපෘතිවල අනාතයින් අදහස් දැක්වු අතර ඔවුන් වෙනුවෙන් මැදිහත්වන, ඉඩම් අයිිතිය සඳහා වන ජනතා සන්ධානයේ නියෝජිතයින් ද අදහස් දැක්වුහ.
 


ආණ්ඩුව මහා පරිමාන ඉඩම් කොල්ලයකට සැරසෙයි යනුවෙන් සඳහන් කරමින් ඉඩම් අයිිතිය සඳහා වන ජනතා සන්ධානය විසින් ප‍්‍රකාශයට පත්කරන ලද සම්පුර්ණ ලියවිල්ල මෙසේ ය.

2017 වර්ෂය සඳහා අයවැය ඉදිරිපත් කිරීමත් සමගින් ඉඩම් සඳහා ශ්‍රී ලංකාවේ දේශීය ජන ප‍්‍රජාවන් සතු අයිතිවාසිකම පිළිබඳව සැලකිල්ලට ගතයුතු බරපතළ ප‍්‍රශ්න ගණනාවක් ඉස්මතු වී තිබේ. ඉදිරිපත් කළ එම අයවැය, රජයේ යෝජිත වියදම් සහ ආදායම් පිළිබඳ ප‍්‍රකාශයකට වඩා රජයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයක ස්වරූපයක් ගත්තේ ය. නව ලිබරල්වාදී ආර්ථික සංවර්ධන න්‍යායපත‍්‍රයන්ට සහය දෙන්නාවූ ලෝක බැංකු නිර්දේශ අනුව යමින් මෙම නව අයවැය හරහා රටේ ශ‍්‍රම වෙළඳපල සහ ස්වභාවික සම්පත් ලිබරල්කරණයට නැතහොත් එ්වා සම්බන්ධයෙන් වන සීමා ලිහිල් කිරීමට වෑයම් දරා තිබේ. රටේ පවත්නා කෘෂි අංශය අඩු ඵලදාවක් ගෙනෙන්නා වූ අඩු ආදායම් ලැබෙන ක‍්‍රියාමාර්ග ලෙස නම් කරන රජයේ ඉලක්කය වී ඇත්තේ වාණිජ කෘෂිකර්මය, එනම් තිරසර නොවන කර්මාන්ත සඳහා විදේශ ආයෝජන ගෙනවිත් පෞද්ගලික සමාගම් වෙත ඉඩම් නිදහස් කිරීම යි. රජයේ මධ්‍ය කාලීන ආර්ථික සංවර්ධන සැලසුම් තුළින් පෝෂණය වන්නේ රටේ ස්වභාවික සම්පත් බිලි දෙමින්, විශේෂයෙන්ම ඉඩම් සහ මානව සම්පත පෞද්ගලික අංශයේ සූරාකෑමට නතුකරමින් ලබාගන්නා ණය මත දිවෙන ආර්ථිකයක් වේ.

රජයේ ප‍්‍රතිපත්ති මට්ටමින් අපේක්ෂිත වෙනස්කම්:

ඉඩම් පිළිබඳ අයවැයෙන් අවධාරණය කළ කරුණු ශ්‍රී ලංකාවේ ඉඩම් පාලනයෙහි සහ ඉඩම් භාවිතයෙහි අනාගතය පිළිබඳව අවදානමේ රතු කොඩියක් 2017 අයවැයෙන් ඔසවනු ලැබීය. සියළුම ඉඩම් ඉඩම් බැංකුවක් යටතට ගෙන එ්මේ යෝජනාව වෙනත් අන්දමකින් පවසන්නේ නම් සමාගම් සහ මහා පරිමාණ, තිරසර-නොවන කෘෂිකර්මාන්ත ව්‍යාපෘති සඳහා විශාල ඉඩම් නිදහස් කරදීම පිණිස වන රජයේ නිශ්කාෂණ ආයතනයක් සඳහා කළ යෝජනාවක් වේ.

රජය මේ කැසකවන්නේ ගොවීන් හා ප‍්‍රාදේශීය ප‍්‍රජාවන් විසින් භාවිතා කරන විශාල භූමි භාග පෞද්ගලික සමාගම් වෙත පවරාදීමට යි. මාදුරු ඔය සහ හැඩ ඔය සම්බන්ධ විවිධ ‘සංවර්ධන ව්‍යාපෘති’ සඳහා ඉඩම් වෙන්කරදී ඇති අන්දම මගින් මේ බව තහවුරු වේ. මහා පරිමාණ වාණිජ කෘෂිකර්මාන්ත කටයුතු සඳහා මාදුරු ඔය දකුණු ඉවුරේ අක්කර 20,000ක් නිදහස් කිරීමට අයවැයෙන් යෝජනා වී තිබේ. විදේශ අරමුදලින් ක‍්‍රියාත්මක වන, රු. බිලියන 20ක තක්සේරුවකින් යුත් හැඩ ඔය ජල යෝජනාක‍්‍රමය සඳහා වනබිම් සහ වගාබිම් අක්කර 3000කට අධික ප‍්‍රමාණයක් කැපකරන්නට වන අතර ගොවි පවුල් සියගණනක් තම වගාබිම්වලින් අවතැන් කරවීමට එය හේතුවීමට ඉඩ ඇත. මහා පරිමාණ කෘෂි ගොවිපල සඳහා අක්කර 1000ක අවම වපසරියකින් යුත් ඉඩම් කට්ටි බද්දට ලබාදීමට නියමිතය. මොණරාගල, මඩකලපුව, කිලිනොච්චිය සහ අම්පාර ප‍්‍රදේශයන්හි සීනි කම්හල් ඇති කිරීමට දේශීය හා විදේශීය ආයෝජකයින් ගෙන එ්මට රජය සැලසුම් කර ඇති අතර, ඊට අවශ්‍ය කරන මහා පරිමාණ උක් වගාවන් සඳහා රජය විසින් ඉඩම් සපයාදෙනු ඇත. යෝජිත මහනගර සංවර්ධන සැලසුම් තුළින් එම ප‍්‍රදේශයන්හි වාසය කරන නාගරීක දුගී ජන කොටස්වල ඉඩම් හා නිවාස අයිතිවාසිකම් පිළිබඳ සැලකියයුතු ප‍්‍රශ්න ගණනාවක් මතු කරනු ලැබේ. සංචාරක කර්මාන්තයේ ශීඝ‍්‍ර ප‍්‍රවර්ධනය හා සංවර්ධනය තුළින් වෙරළබඩ ප‍්‍රජාවන්ට, විශේෂයෙන්ම ධීවර ජනතාවට ඉඩම් සහ සාගරය කරා ප‍්‍රවේශවීමේ අයිතිය කෙරෙහි බලපෑම් එල්ල වී තිබේ. විදේශ ආයෝජකයින් ආකර්ෂණය කරවාගැනීම හා සමාගම්වලට ශ්‍රී ලංකාව තුළ ඉඩම් අයිතිය ලබාදීම හැකි කරවනු පිණිස රටේ පැහැදිලි ඉඩම් ප‍්‍රතිපත්තියක් පැවතිය යුතු බව අයවැයේ සඳහන් වේ. තවද, පෞද්ගලික අංශයේ හවුල්කාරීත්වය ඇතිව පෞද්ගලික නිදහස් වෙළඳ කලාප ඇති කිරීමට රජය විසින් යෝජනා කර ඇත්තේ එ් සඳහා අවශ්‍ය කරන සියළුම ඉඩම් රජයෙන් සපයාදෙන පොරොන්දුව මත වේ.

බිම් මට්ටමේ යථාර්ථයන්

බෙහෙවින්ම වුවමනා කරන ප‍්‍රතිසංස්කරණ කටයුත්තක් වන බවක් රජය සඳහන් කරන ඉඩම් බැංකුවක් ඇතිකිරීම අනෙක් අතට ගත් කල රජයේ ඉඩම් පෞද්ගලික සමාගම් වෙත හා ආයෝජකයින් වෙත විකුණා ග‍්‍රාමීය ප‍්‍රජාව, විශේෂයෙන්ම ගොවීන් හා ධීවරයින්ගේ ඉඩම් භුක්තිය අහිමි කරවාලන්නට දරන වෑයමක් ලෙස දැකිය හැකිය. මෙම ක‍්‍රියාවලිය දැනටමත් ආරම්භ වී හමාරය. සංවර්ධන ව්‍යාපෘති හෝ පෞද්ගලික සමාගම්වල භාවිතය සඳහා ඔවුන්ගේ ඉඩම් ලබාගැනීමේ ප‍්‍රතිඵලයක් ලෙස අවතැන්වූ හෝ ස්වකීය ජීවනෝපාය අන්තරායයට භාජනය වූ ප‍්‍රජාවන්ගේ තෝරාගත් ඉඩම් අයිතිවාසිකම් අරගල 4ක් පිළිබඳ මෙහි පහතින් සාරාංශ ලෙස ඉදිරිපත් කර තිබේ.

සියඹලාණ්ඩුව (මොණරාගල දිස්ත‍්‍රික්කය) – අක්කර 2000

වත්තේගම රජමහා විහාරයට අයත් ඉඩම් අක්කර 2000ක් උක් වගාව සඳහා ‘ඇතිමලේ වැවිලි සමාගම’ නැමැති පෞද්ගලික සමාගමකට ලබාදී තිබේ. මින් පෙර, පවුල් 450ක් විසින් මෙම ඉඩම් හේන් ගොවිතැන සහ බඩ ඉරිඟු වගාව සඳහා යොදාගෙන තිබේ. මෙම ඉඩම් 2016 වසරේ මුල් භාගයේදී පෞද්ගලික සමාගමකට ලබාදෙන තෙක් එකී ඉඩම්වල වගා කටයුතු කරගෙන යාම වෙනුවෙන් එම පවුල් විසින් විහාරස්ථානය වෙත වාර්ෂික බද්දක් ගෙවා ඇත. කලින් එම භූමියේ ගොවිතැන් කළ ගොවීහු දැනට අවට ගම්මානවල කුළී වැඩෙහි නිරත වන්නෝය. ඉඩම අත්කරගනු ලැබූ සමාගම මේ වනවිට එ් වටා විදුලි වැටක් ඉදිකර ඉඩමට ප‍්‍රවේශවීම සීමා කර තිබේ.

කළුදිය ඇල්ල – අක්කර 1850

වන බිම් සහ රජයේ ඉඩම් දළ වශයෙන් අක්කර 1850ක ප‍්‍රමාණයක් මහා පරිමාණ පළතුරු වගාවක් සඳහා කොරියානු සමාගමකට ලබාදී තිබේ. මෙම ඉඩම්වල හේන් ගොවිතැනේ නිරත වූ පවුල් 370ක පමණ ජීවනෝපාය මෙම ඉඩම් තුළින් සරිකර ගැනුනි. මෙම ඉඩම කොරියානු සමාගම වෙත ලබාදී ඇති බවක් අභ්‍යන්තර ආරංචිමාර්ග හරහා සඳහන් වී තිබේ. දැනට, ප‍්‍රදේශයේ පොලිස් නිලධාරීන්ගේ සහය ලබාගනිමින් මෙකී ඉඩමේ මිනුම් කටයුතු සිදුකරගෙන යනු ලැබේ.

උමා ඔය – අක්කර 3000

2011 ආරම්භ වූ උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා පදිංචිය සඳහා සහ වගා සඳහා භාවිතා කළ ඉඩම් අක්කර 3000කට අධික සංඛ්‍යාවක් අත්කරගෙන තිබේ. මාකැටිල්ල ඔය, කුහුල්පොල ජලාශය, හඳපාන්ගල වැව සහ ඇලිකොට ආර ජලාශය ඉදිකිරීම සඳහා මෙම ව්‍යාපෘතිය යටතේ අවතැන්වූ පුද්ගලයින් සංඛ්‍යාව දළ වශයෙන් 2700ක් වේ. ඊට සම්බන්ධව උමං තැනීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් නිවාස සහ ගොඩනැගිලි වෙත බරපතළ හානි සිදුව තිබේ.

මුසලි (මන්නාරම් දිස්ත‍්‍රික්කය)

මන්නාරම් දිස්ත‍්‍රික්කයේ මුසලි ප‍්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ මුල්ලිකුලම්, මලයකාඩු හා මරිච්චිකට්ටි ප‍්‍රදේශවල අක්කර 3000 කට ආසන්න ප‍්‍රමාණයක් තවමත් ශ‍්‍රි ලංකා නාවික හමුදාව යටතේ පවතී. මෙයින් අක්කර 2500 ක් ගොවිබ්ම් වන අතර අක්කර 525 ක් වෙරළ තීරය වෙයි. මෙම භූමි භාගය තුළ පදිංචිව සිටිමින් වී ගොවිතැන් හා ධීවර වගාවන්හි නිරත වූ පවුල් 310 කට ආසන්න ප‍්‍රමාණයක් තවමත් අවතැන්ව සිටිති.

චයිනා හාබර් කෝපරේෂන් නැමති චීන සමාගමට ලබාදී ඇති ඉඩම් පිළිබඳ දළ විස්තරයක් පහත දක්වා ඇත:

x බුත්තල – අක්කර 1500
x වැල්ලවාය (කුඩා ඔය) – අක්කර 1500
x සෙවණගල (ග‍්‍රාම නිලධාරි කොට්ටාශ 2) – අක්කර 2150

ඉඩම් සඳහා වන අයිතිය වෙනුවෙන් වන මහජන සන්ධානය (PARL) වශයෙන් අපගේ ස්ථාවරය කුඩා පරිමාණ ගොවීන් සහ ධීවරයින් විසින් භුක්ති විඳින ඉඩම් ආර්ථිකමක වශයෙන් සාර්ථක ප‍්‍රතිඵල සාක්ෂාත් කර නොදෙන බවක් පවසමින් ඉඩම් පෞද්ගලික සමාගම් වෙත ලබාදීම රජය විසින් දිගින් දිගටම කරගෙන යනු ලැබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශයන්ට අනුව යමින් මහා පරිමාන පෞද්ගලික සමාගම් වෙත ඉඩම් ලබාදීම සාධාරණීකරණය කරන්නට ඔවුන් කටයුතු කරනු ලැබේ. කෙසේනමුත්, මෙය අළුත්ම ක‍්‍රමෝපායයක් නොවන බවද මෙහිදී සැලකිල්ලට ගත යුතුය. 1978දී ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමගින් එක්ව මෙම සැලසුම ක‍්‍රියාත්මක කරන්නට ශ්‍රී ලංකා රජය වෑයම් දරා ඇත. එහෙත්, 2008දී ඇතිවූ ලෝක ආහාර අර්බුදය සමගින් එම සැලසුම අසාර්ථක බව ඔප්පු විය. කුඩා පරිමාන ආහාර නිෂ්පාදකයින් ඔවුන්ගේ ඉඩම්වලින් පලවාහැරීම මෙම ගෝලීය අර්බුදයට තුඩු දුන් ප‍්‍රධානතම සාධකය ලෙස හඳුනාගනු ලැබිණි. එකල ලෝක බැංකුව විසින් ද මෙය පිළිගන්නා ලදී.

ඉඩම් අහිමිවීම රටේ ආර්ථික හා දේශපාලනික ගැටුම් සහ අර්බුද ඇතිවීමට මග පාදයි. ඉඩම් සඳහා ග‍්‍රාමීය ප‍්‍රජාවන්ට, ගොවීන්ට සහ ධීවරයින්ට ඇති අයිතිය නොසලකා හැරීම රටේ ආහාර ස්වෛරීත්වය අස්ථාවර කිරීමට, විරැකියාව උග‍්‍ර කරවීමට‍්‍ර සහ පොදුවේ දේශපාලන නැගීසිටීම් ඇතිවීමට හේතු විය හැකිය. ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමට විරෝධය පෑම සඳහා අප එ්කරාශී වියයුතුය.

ඉහත අවධාරණය කළ රජයේ නව අයවැය යෝජනා මගින් ඉඩම් සඳහා ගොවීන්ට, ධීවරයින්ට හා ග‍්‍රාමීය ප‍්‍රජාවන්ට ඇති අයිතිවාසිකම ආරක්ෂා නොකරන හෙයින් ඉඩම් අයිතිය සඳහා වන ජනතා සන්ධානය වන අපි එකී නව යෝජනා සඳහා සහය ලබා නොදෙන්නෙමු. ආයෝජක හිතකාමී නව ලිබරල්වාදී ආර්ථික න්‍යායපත‍්‍ර වෙනුවට දුගී හිතකාමී සංවර්ධන මුලපිරීම් දියත්කරන මෙන් අපි ඉල්ලා සිටින්නෙමු. සංවර්ධනයේ නාමයේ ඉඩම් භුක්තිය අහිමි කරවීම සිදු නොවන තිරසර සංවර්ධන යන්ත‍්‍රණය සඳහා PARL සහයෝගය නිරතුරුවම ලබාදෙන්නෙමු. නාගරික මෙන්ම ග‍්‍රාමීය ප‍්‍රජාවන්ගේ ආහාර ස්වෛරීත්වය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවයක් ඇති බව අප පිළිගන්නා අතර එ් වෙනුවෙන් දිවයින මුළුල්ලේම කුඩා පරිමාණ ආහාර නිෂ්පාදකයින්ට ඉඩම් සහ ස්වභාවික සම්පත් සඳහා වන අයිතිය ලබාදීමට අපගේ සහය ලබාදෙන්නෙමු.

ඉඩම් සඳහා වන අයිතිය ඉල්ලා සිටීම සඳහා සාමුහිකව ක‍්‍රියාත්මකවීම පිණිස සියඹලාණ්ඩුව, කීනගලලන්ද සහ උමා ඔය ප‍්‍රදේශයන්හි ග‍්‍රාමීය ප‍්‍රජාවන්ට සහය ලබාදීමටත්, ඔවුන් සංවිධානය කිරීමටත් එක් රැස් කර මෙහෙයවීමටත් අපි අපේක්ෂා කරන්නෙමු.

ඉඩම් අයිතිය සදහා වන ජනතා ව්‍යාපාරය, නො. 10, මල්වත්ත පාර, මීගමුව


ඡායාරූප හා සටහන  -  මෙලනි මානෙල් පෙරේරා




2016-12-22
Advertisement

Find us on Facebook