English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ටීඑන්ඒ පක්‍ෂය වහාම තහනම් කළොත් මොකද වෙන්නේ ?
"ප‍්‍රජාතන්ත‍්‍රවාදි ගනුදෙණුව අවසන්කර යළිත් අවි අතට ගැනීමට සැළැස්වීමක් සහ උතුරෙන් ආරම්භ කරන සටන දකුණින් අවසන් කරන්නට මාවත සුදානම් කිරිමක් වනු ඇත. එහෙත් ඔවුන්ට උතුරෙන් ආරම්භ කරන්නටවත් මොවුන්ට දකුණින් අවසන් කරන්නටවත් ඉඩදීමට අපි සුදානම් නැහැ. මේවා පරාජය කරන්නට නිවරැදි නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි. ඒ සඳහා පෙළගැසිය යුතුයි."


උතුරේ තිබෙන ප‍්‍රධානම ප‍්‍රජාතන්ත‍්‍රවාදි දේශපාලන ව්‍යුහය ටීඑන්ඒ දේශපාලන පක්‍ෂය බවත් එම පක්‍ෂය තහනම් කළොත් උතුරේ දමිළ මිනිස්සුන්ට පාර්ලිමේන්තුව හා ගනුදෙණු කරන්නට වෙනත් පක්‍ෂයක් තිබෙනවාද යන්න වෘත්තිය සමිති නායක සමන් රත්නප‍්‍රිය ප‍්‍රශ්න කරයි.

ඔහු මෙවැනි ප‍්‍රශ්නයක් නගා ඇත්තේ උයද ගම්මන්පිල මන්ත‍්‍රිවරයා විසින් පසුගිය දිනෙක උතුරේ දමිළ ජනතාව නියෝජනය කරන ටීඑන්ඒ දේශපාලන පක්‍ෂය තහනම් කරන්නැයි ප‍්‍රසිද්ධියේ ගෙනා යෝජනාවට පිළිතුරු සපයමින්, සිවිල් සංවිධාන විසින් පවත්වන්නට යෙදුණු මානව හිමිකම් සැමරුම් උළෙලකදීය.

වීදියේ විරෝධය සහ නිදහසේ වේදිකාව විසින් සංවිධානය කර කොළඹ මහවැලි කේන්ද්‍රයේදි පවත්වන්නට යෙදුණු 68වන මානව හිමිකම් සැමරුමේදි සමන් රත්නප‍්‍රිය වැඩිදුරටත් අදහස් දක්වමින්, අමිර්තලිංගම් මහතාව එළවා දැමීමෙන් පසුව ඇතිවුනු තත්ත්වය කුමක්ද යැයි පවසමින් , සමන් රත්නප‍්‍රිය කියා සිටියේ මේ විධියට ඔවුන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදි දේශපාලන පක්‍ෂය තහනම් කළොත් උතුරේ ඉන්න තරුණයෝ කල්පනා කරනු ඇත්තේ, තමන්ට ප‍්‍රජාතන්ත‍්‍රවාදි අවකාශයක් නැතිනම් ඉතිරිව ඇත්තේ යළිත් වරක් ආයුධ අතට ගැනීම පමණක් යැයි  කියාය.

ටීඑන්ඒ පක්‍ෂය අහෝසි කිරිමෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදි ගනුදෙණුව අවසන්කර යළිත් අවි අතට ගැනීමට සැළැස්වීමක් සහ උතුරෙන් ආරම්භ කරන සටන දකුණින් අවසන් කරන්නට මාවත සුදානම් කිරිමක් තුළින් නැවත ලේ හැලීමකට ශ‍්‍රි ලංකාව දක්කාගෙන යැමකට අරඇදීමක් යැයි සමන් රත්නප‍්‍රිය සඳහන් කළේය.

"ගලබොඩ අත්තේ් ඥානසාර වැනි සිවුරුදාගත් පුද්ගලයින්ට හෝ උදය ගම්මන්පිල වැනි දේශපාලනඥයින් යැයි කියාගන්නා අයට මේ රට නැවත විනාශකරන්න දෙන්න අපි ලැහැස්ති නැහැ. ඒ නිසා අපිට උවමනා වෙනවා ඒ මතය පරාජය කරන ජාතික සංහිදියා වැඩපිළිවෙලක්. එවැනි වැඩපිළිවෙලක් ගෙනෙන්න පුළුවන්වෙන්නේ රටේ මිනිස්සු එවැනි තැනකට ඒකාත්මික වුනොත් විතරයි. අදහස්වලින් පමණක් මෙකී ඒකාත්මික භාවය ලබාගන්නට බැහැ. නීතියත් සාදාගත යුතුයි. ඒ සඳහා අපට අවශ්‍ය නිවරැුදි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හදා ගන්නට අවශ්‍යයි. ඒ සඳහා පෙළගැසිය යුතුයි." යනුවෙන් ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.
 
ඡයාරූප  -  රිෆෝම් ශ‍්‍රි ලංකා-රයිට්ටු ලයිෆ් වෙබ්
-මෙලනි



2016-12-22
Advertisement

Find us on Facebook