English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


නීතිය හදන්න කලින් ඔළුව හදාගන්න - මානව හිමිකම් දින සැමරුම

විධායක ජනාධිපති ධුරය අහෝසිකිරීම, ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා බලතල බෙදා හදා ගන්නා දේශපාලන විසඳුමක් ඇති කිරීම සහ මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම උදෙසා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා සටන් වදිමු යන තේමාව ඔස්සේ සිවිල් සමාජ සංවිධාන මානව හිමිකම් දින සැමරුම දෙසැම්බර් 10 වෙනිදා කොළඹ මහවැලි කේන්ද්‍ර ශ‍්‍රවණාගාරයේදි පැවැත්වුණි.

dsc_0342

සභාවේ මුලසුන දරණ ලද්දේ ශ්‍රී ලංකා වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති සහ මාධ්‍ය නිදහස උදෙසා ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු ෆ්‍රෙඩී ගමගේ, රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක ලේකම් සහ වීදියේ විරෝධය සම කැඳවුම්කරු පිලිප් දිසානායක සහ රයිට්ස් නව් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ සහ නිදහසේ වේදිකාවේ සම කැඳවුම්කරු නීතිඥ සුදර්ශන ගුණවර්ධන විසිනි. ජයතිලක බණ්ඩාරගේ ගායනා සමග වැඩසටහන ආරම්භ විය. පිළිගැනීම සහ වැඩසටහන හැඳින්වීම පිලිප් දිසානායක විසින් සිදු කරන ලදී.



මණ්ඩප සාකච්ඡා තුනක් ඔස්සේ වැඩසටහන සංවිධානය කර තිබුණේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ අභියෝගය විවිධ දෘෂ්ටිකෝණයන්ගෙන් සහභාගිකයන්හට පැහැදිලි කිරීම උදෙසාය. ඒ අනුව පළමු මණ්ඩප සාකච්ඡාව විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම යන තේමාව යටතේ පැවැත්විණි. එහිදී නිදහසේ වේදිකාවේ සම කැඳවුම්කරු, සාධාරන සමජයක් සඳහා ජාතික ව්‍යාපාරයේ ආරම්භක සාමාජික, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ සංවිධානයේ සහ නීතිඥ එකමුතුවේ සම කැඳවුම්කරු, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය පිළිබඳ නීතිඥ ජේ සී වැලිඅමුණ, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ සහ නිදහසේ වේදිකාවේ සම කැඳවුම්කරු, ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු සහ සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරයේ සම කැඳවුම්කරු, පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු, සිවිල් සමාජ සංවිධාන සහ වෘත්තීය සමිති එකතුවේ සම කැඳවුම්කරු සහ  රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය අදහස් දැක්වූහ.

දෙවැනි සකච්ඡා මණ්ඩපය ජාතික සමගිය සහ බලය බෙදා හදා ගැනීම යන තේමාව ඔස්සේ පැවැත්විණි. එය මෙහෙයවීම පිලිප් දිසානායක විසින් සිදු කළ අතර ‘රාවය’ පුවත්පතේ ප්‍රධාන කර්තෘ සහ ‘පුරවැසි බලය’ ව්‍යාපාරයේ සම කැඳවුම්කරු නීතිඥ කේ. ඩබ්ලිව්. ජනරංජන, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු පිළිබඳ නීතිඥ නිරාන් අන්කටෙල් සහ නිදහසේ වේදිකාවේ සම කැඳවුම්කාරිය සහ කාන්තා දේශපාලන පීඨයේ අධ්‍යක්ෂ, වර්ගවාදයට සහ වෙනස්කොට සැලකීම්වලට එරෙහි ජාත්‍යන්තර ව්‍යාපාරයේ සභාපතිනි ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු අදහස් දැක්වූහ.



අයිතිවාසිකම් ආරක්ෂා කිරීම යන තේමාව ඔස්සේ පැවැති තෙවැනි මණ්ඩප සාකච්ඡාව මෙහෙයවීම සුදර්ශන ගුණවර්ධන විසින් සිදු කළ අතර එහිදී වමේ කේන්ද්‍රයේ සම කැඳවුම්කරු රාජා උස්වැටකෙයියාව, ජාතික ඉඩම් සහ කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ සභාපතිනි සුමිකා පෙරේරා, ජාතික සේවක සංගමයේ මාධ්‍ය ලේකම්, උප සභාපති සහ ‘සමගි බලවේගයේ’ සම කැඳවුකරු සුනිල් ද සිල්වා සමග ‘නිදහසේ වේදිකාවේ’ සම කැඳවුම්කරු සහ අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු අදහස් දැක්වූහ.


තවත් ඡායාරුප නැරඹිමට

උපුටා ගැනිම  -  සමබිම වෙබ් අඩවිය
 - මෙලනි



2016-12-22
Advertisement

Find us on Facebook