English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


තේ දළු අගින් ගිලිහී යන තේවාරම් හා සාංගියම්!!
ජගත් මානව හිමිකම් දිනය හෙට උදාවෙයි. එම දිනය විවිධ සැමරුම් වලින් ද විවිධ වැඩසටහන් වලින් ද යුතුව සමරන්නට ශ‍්‍රි ලාංකීක ජනතාව ද සැළැසුම් කර ඇති බව වාර්තා වෙයි. මෙම සියලූ වැඩසටහන් සැමරුම් මද්ධ්‍යයේ විවිධ හේතු මත තවමත් තමන්ගේ මුලික අයිතිවාසිකම්වත් හිමිවී නැතිි පුරවැසියන් බහුතරයක් ශ‍්‍රි ලංකා භුමිය මත දෙපා රුවාගෙන සිටිති. එවැනි මුලික අයිතිවාසිකම් අහිමි වී සිටින එක්තරා ජන කොට්ඨාශයක් පිළිබඳව කළ සොයා බැලීමක් මෙවර මානව හිමිකම් දිනය නිමිති කොටගෙන අයිතිය වෙබ් අඩවිය විසින් මෙසේ හෙළිදරව් කරමු.

දියදාවත්ත වතුයා

තේ වතුවල සේවය කරන දමිළ ප‍්‍රජාවගේ සංක‍්‍රමණයට වසර 200ක් සපිරෙන්නට ආසන්නය. ඒ සා මහත් දීර්ඝ කාලයක් තුළ ගැහැණු පිරිමි භේදයකින් තොරව ඔවුන් තේ දල්ලේ රසය තුළින් ජාත්‍යන්තරය තුළ ශ‍්‍රි ලංකාව ඔසවා තබන්නට සිය ජීවිත කැපකර ඇත. එහෙත් ඒ කැපවීමට, වැයකරනු ලබන දහදියට, ගතට දැනෙන වෙහෙසට මෙන්ම දෑගිලි තුඩු මත මකාදැමිය නොහැකි සේ පතිත වන තේදල්ලේ කහට ට සරිලන වැටුපක් නොලබමිණි. වර්තමානයේදි, ඊට සාමාන්තරව, වතුකර දෙමළ ජනතාවට, දරුවන්ට අධ්‍යාපනය , ආගම හා සංස්කෘතිය ද අහිමිවී ගොස් ඇති ආකාරය ඉතාම ඛේදනීය ය. පුදුමය නම් එවැනි අභාග්‍යයක් පිළිබඳව තේරුම් ගැනීමට ද ඔවුන් අපොහොසත් වී සිටිමයි.

දෙණියායේ මාධ්‍ය මිතුරෙකුගෙන් ලද තොරතුරු අතැතිව කණ්ඩායමක් වශයෙන් අප මාතර දෙණියාය බලා පිටත්වුයේ් එහි ඇත්ත නැත්ත දැනගෙන එය සමාජය හමුවේ තබන්නටය. කථාව ඇත්තය. දමිළ මාධ්‍ය සහිත පාසැල් 06ක් තිබුණ ද, අති බහුතරය දමිළ හින්දු දරුවන් හට අකුරු කරන්නට සිදුව ඇත්තේ සිංහල පාසැල්වලය. එහිදි හින්දු ආගම වෙනුවට ඉගෙනගන්නට සිදුව ඇත්තේ බෞද්ධාගමය. ඒ නිසා, හින්දු ළමෝ තේවාරම් වෙනුවට ගාථා කියා බුදුන් වඳිති. ඇතැම් පාසැල්වල දමිළ භාෂාව හා හින්දු ආගම ඉගැන්වීමට දමිළ ගුරුවරු නොමැත. ගුරුභවතෙකු නොමැති බැවින් සිංහල ගුරුවරයාගෙන් දමිළ පෙළ පොත පමණක් කියවා ගනිති. එහෙත් දමිළ භාෂාව විෂයක් ලෙසට ප‍්‍රශ්න පත්තර පාසැලට ලැබෙති. තේ වතු සංඛ්‍යාවට අනුව දමිළ පාසැල් නොමැති බැවින් දෙමාපියෝ සිය දරුවන් ලඟම ඇති සිංහල පාසැලට යවති. එය  ඕනෑ කමින් නොව, කරන්නට වෙනත් දෙයක් නොමැති නිසා එසේ කරති යැයි කීවොත් සාධාරණය. එතැන් පටන් දරුවා සිය දමිළකම පසෙක තබා සිංහල ඉගෙනීමටත් බෞද්ධ දර්ශනය ඉගෙනීමටත් පෙළෙඹී ඇත. මව් බසට වඩා දෙවන බස වන සිංහල, ඉතා චතුර ලෙසට උච්චාරණය කරති.
 
දමිළ බස වෙනුවට සිංහල බස ද හින්දු ආගම වෙනුවට බෞද්ධ දර්ශනය ද ක‍්‍රිස්තියානි හෝ ඉස්ලාම් ආගම ද පාසැලේ දී හදාරණ දරුවෝ, සිය ලයිම් කාමරයට විත් මුරුගන්, පුල්ලෙයාර්, සරස්වතී දෙවිවරුන්ගේ රූප චිත‍්‍රයට නගති. එසේ කරන්නේ් ආගන්තුක ධර්මයක්, දර්ශනයක් ගැන පාසැලේදි උගත්ත ද වැඳීමට අවස්ථා නොලැබෙන ඒ දෙවිවරු තවමත් තමන්ගේ ම දෙවිවරුය යන ආදර භක්තිය නිසාම යැයි කිව හැකිය. මන්ද,  ඇයි මේ වගේ රූප අඳින්නෙ කියා ඇසුවිට ”මේ අපේ දෙවියෝ. මම එයාට කැමතියි” යන හැඟීම ඉස්මතු කළේ අලංකාර ලෙසට දේව රූප චිත‍්‍රයට නගා තිබු දියදාවත්ත වතුයායේ ළමුන් කිහිප දෙනෙකි.