English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


විවේචනාත්මක සහයෝගයක් ලබාදීම වෙනුවෙන් මානව හිමිකම් දින සැමරුම !
යහපාලන ආණ්ඩුව යටතේ ලබාගෙන තිබෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදි අයිතිවාසිකම් ආරක්‍ෂාකර ගනිමින් ඉදිරි බලාපොරොත්තු ඉෂ්ටකරගැනීම සඳහා ගතයුතු ක‍්‍රියාමාර්ග වෙනුවෙන්  සිදුකරන සාකච්ඡාවක් ලෙසට මෙවර ජගත් මානව හිමිකම් දිනය සමරන්නට කටයුතු සුදානම්කර ඇති බව සිවිල් සංවිධාන නියෝජනය කරමින් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ සභාපති මෙන්ම අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවේ සභාපති බි‍්‍රටෝ ප‍්‍රනාන්දු  අයිතියට ප‍්‍රකාශ කළේය.


 
වර්ථමානයේදි රටක් ලෙසට විශේෂයෙන් මුහුණදෙන ගැටළුවක් පිළිබඳව සඳහන් කළ බි‍්‍රටෝ ප‍්‍රනාන්දු, ප‍්‍රජාතන්ත‍්‍රවාදි ඉදිරි පියවරයන් මේ රජය තබා තිබුණත් රටේ ආර්ථික තත්ත්වය බංකොලොත් භාවයකින් පවතින බව පැවසීය.

එම තත්ත්වය මිනිසුන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදි අයිතින් ආරක්‍ෂා කරගැනීමට බලපානවාද යන්නත් ඒ අවස්ථාවන්වලදී ගත යුතු ස්ථාවරයන් මොනවාද යන්නත් පිළිබඳව මානව හිමිකම් සැමරුම් දිනයේදි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි බි‍්‍රටෝ ප‍්‍රනාන්දු සඳහන් කළේ.
 
මහින්ද රාජපක්‍ෂ පාලන සමය අවසන් කිරීමට පෙරමුණ ගෙන මරණ තර්ජන හා ගුටි කෙළි මද්ධ්‍යයේ එළියේ වැඩක් කළ වීධියේ විරෝධය සහ අභ්‍යන්තර වැඩකොටසක් ඉටුකළ නිදහසේ වේදිකාව එක්වී මෙවර මානව හිමිකම් දිනය සමරන බව බි‍්‍රටෝ ප‍්‍රනාන්දු වැඩිදුරටත් සඳහන් කළේය.

විඩියෝවට සවන් දෙන්න

එළඹෙන දෙසැම්බර් 10 වෙනිදා පෙරවරු 09.30 සිට කොළඹ මහවැළි කේන්ද්‍රයේදි මෙම මානව හිමිකම් සැමරුම පැවෙත්වෙනු ඇත.

-    මෙලනි



2016-12-08
Advertisement

Find us on Facebook