English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


තවමත් ඉල්ලා අයැදිය යුතුව ඇති මානව හිමිකම්!
ජාත්‍යන්තර මානව හිමිකම් දිනය දෙසැම්බර් 10 වෙනිදා..ලු!
ඒ, 68 වෙනි මානව හිමිකම් දින සැමරුම...ලු!




67ත් වසරක් පුරාවට අප ශ්‍රී ලාංකීකයින් විවිධ විශ්වාසයන්, දර්ශනයන්, ආගම් අදහන විවිධත්වයක් ඇති සිංහල, දමිළ, මුස්ලිම් සහ වෙනත් ජාතික ප්‍රෘතග්ජනයින් ලෙසට, දහම් ද්වීපය යැයි විරුධාවලියක් මෙන්ම ප්‍රෞඩ ඉතිහාසයක් ඇතැයි කියනා මේ කුඩා ශ්‍රී ලංකා දේශයේ, "සිය අනන්‍යතාවය තුළ" ජීවත් වීමේ ප්‍රාතමීක හිමිකමවත් දිනාගෙන ජීවත් වෙති ද ......? නැත.....!

නිරායසයෙන් ලැබිය යුතුව ඇති අපේ හිමිකම් ඉල්ලා යදින්නට සිදුවී ඇත.

මීට එක් උදාහරණයක් ලෙසට සමාජයේ මතුපිටට පැමිණ නැති, දකුණේ වතු ආශ්‍රිත ( දෙණියාය )  දමිළ මිනිසුන්ගේ දැවැන්ත ඛේදවාචකයක් පෙන්වා දිය හැකිය.  එය ප්‍රබල මානව හිමිකම් උල්ලංඝණයකි.

"දකුණේ ඇතැම් වතුදරුවෝ ස්වකීය දමිළ බස වෙනුවට, චතුර ලෙස කථා කරන්නේ සිය දෙවන බස වන සිංහල ය. එය එසේ විය යුතුද ?

අධ්‍යාපනය හැදැරිමට සිදුව ඇත්තේ දෙමළෙන් නොව, සිංහල පාසැල්වල සිංහල බසිනි. එය එසේ විය යුතුද ?

උගන්නේ හින්දු ආගම වෙනුවට බෞද්ධාගමය. ක්‍රිස්තියානි ආගම හෝ ස්ලාම් ආගමය. එය එසේ විය යුතුද ?

සිංහල පාසැල්වල දෙමළ පාඩම කියාදීමට දමිළ ගුරුවරු නැත. "අපේ සිංහල ටීවර් දෙමළ පෙළපොත විතරක් කියලා දෙනවා." යැයි දමිළ ළමෝ කියති.
එය එසේ විය යුතුද ?

එහෙත්, ආණ්ඩුවෙන්, දමිළ ප්‍රශ්න පත්තර අච්චු ගසා වත්තේ පාසැල්වලට ද නොවරදවා එවනවා යැයි සිංහල ගුරුවරු පවසති.

සිංහල ගුරුවරු එසේ ප්‍රකාශකරන්නේ ,"ඕවා කියන්න ගිහිං රස්සාවත් ගහල යයි..... , දඩුවම් විදින්න වෙයි", යන දැඩි බියකින් යුතුවය.



එසේ නම්, රටක් ලෙසට 68 වන වරටත් අපි සැමරිය යුතු වන්නේ මොන මානවයාගේ හිමිකම් ද ?  
 
මේ සම්බන්ධයෙන් විස්තරාත්මක දිගු ලිපියක් බලාපොරොත්තු වන්න.

ඡායාරූපය හා සටහන මෙලනි 



2016-12-07
Advertisement

Find us on Facebook