English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


මැතිවරණ නීති අමු අමුවේ උල්ලංඝණය වෙයි !

"බදුල්ල දිස්තිරක්කයේ වගේම මොණරාගල දිස්තිරක්කය පුරාම නීති විරෝධී බැනර් කටවුට් සහ පෝස්ටර් බහුල වශයෙන් දක්නට ලැබෙනවා. මනාප අංක ලබාදීමෙන් පසු නීති විරෝධී ප‍්‍චාරණය වැඩි වී තිබෙනවා. ඒ සඳහා අපේක්ෂකයන් සහ ඔවුන්ගේ ආධාරකරුවන් වගකිවයුතුයි. මැතිවරණ නීතිය අමු අමුවේ උල්ලංඝනය කිරීමේ තත්ත්වයන් පාලනය කිරීමේ වගකීම පවතින්නේ අපේක්ෂකයන්ට." ඌව පළාත් සභා මැතිවරණයට අදාළව සිදුවන නීතිවිරෝධී ප‍්‍රචාරක කටයුතු වළක්වාලීමට අදාළ පාර්ශව තවමත් අපොහොසත් වී ඇතැයි මැතිවරණ නිරීක්‍ෂණ සංවිධානයක් වන කැෆේ සංවිධානය ප‍්‍රකාශ කරයි.

ඌවේ මැතිවරණ වාතාවරණය පිළිබඳව අදහස් දක්වු කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ කීර්ති තෙන්නකෝන් මහතා, "අවාසනාවන්ත තත්ත්වය තමයි අපේක්ෂකයෝ මැතිවරණ නීතිය උල්ලංඝනය කරමින් කටයුතු කරන විට නීතිය කිරයාත්මක කිරීමේ ආයතන විදිහට එහි වගකීම පැවරුණු පුද්ගලයෝ මේ සම්බන්ධයෙන් ගෙන ඇති ප‍්‍රවේශය."

"ඒ ප‍්‍රවේශය පිළිබඳව නම් මේ මැතිවරණයේදි කිසිසේත් සතුටු වන්නට බැහැ."

නීතිවිරෝධී ප‍්‍රචාරක කටයුතු සහ වෙනත් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම්වලට අදාළව මේ දක්වා පැමිණිලි 22 ක් තමන් වෙත ලැබී ඇතැයිද කැෆේ සංවිධානය පෙන්වා දෙයි.

මේ අතර පොලීසිය පවසන්නේ ඌව පළාත් මැතිවරණයට අදාළව පොලිසියට ලැබී ඇත්තේ පැමිණිළි 05 (පහක්) පමණක් බවයි ?.

-MMP

 




2014-08-19
Advertisement

Find us on Facebook