English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


යාල්පානම් දරුවන්ගේ හදවත ගිිනිතැබීම ගැන අගමැති සමාව ඉල්ලා සිටියි!
 
අගමැතිවරයාගේ මෙම ක‍්‍රියාව, සැමවිටම කථාබහා කරන, ඇතිවිය යුතු යැයි ප‍්‍රකාශ කරනු ලබන දමිළ ජාතිකයින් හා සංහිඳියාව නැංවිම වෙනුවෙන් ගනු ලැබු මහඟු පියවරක් ලෙසට අගය කළ හැක.
   

උතුරේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ඊයේ එනම් 06 වෙනිදා අඟහරුවාදා පාර්ලිමේන්තුවේදි ඉතා උණූසුම් සංවාදයක් පැවැති බව වාර්තා විය. එහිදි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ විසින් තම යු එන් පී ආණ්ඩුව රට පාලනය කළ සමයේ සිදුවුණු දැවැන්ත විනාශ කිරීමක් සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටියේය.

අපේ කාලේදි යාපනයේ පුස්තකාලය ගිනි තිබ්බා. අපි ඒ ගැන කණගාටු වෙනවා, ඒවගේම ඒ පිළිබඳව සමාව ඉල්ලා සිටිනවා.

1981 දී එවකට තමන්ගේ එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව විිසින් රට පාලනය කරනු ලැබු කාලයේදි යාපනය පුස්තකාලය ගිනිතැබීම සම්බන්ධයෙන්, එවක පැවති එක්සත් ජාතික පක්‍ෂ රජට වෙනුවෙන් තමන් මෙසේ සමාව ඉල්ලා සිටින බව ප‍්‍රකාශකර ඇත.

1981 වසරේ මැයි මස 31 වෙනිදා රාත‍්‍රියේදි යාපනයේ මිනිසුන්ගේ විශේෂයෙන් යාපනයේ දරුවන්ගේ හදවත බඳු වු මෙකී යාපනය පුස්තාකාලය ගිනිතැබු බවට මාධ්‍ය වාර්තා සිහිගන්වයි.

මෙම විනාශය පිළිබඳව සොයා බැලීම සඳහා පත්කළ ලයනල් ප‍්‍රනාන්දු කමිටුවේ තක්සේරුව එක් කෝටි පන්ලක්‍ෂයක් වුව ද එවකට ජේ ආර් ජයවර්ධන පාලන අධිකාරිය විසින් ගෙවනු ලැබු වන්දිය මුදල වුයේ රුපියල් විසිලක්‍ෂයක් පමණය යැයි එවකට යාපනය මහ නගරසභාවේ කොමසාරිස්වරයා වශයෙන් සේවය කළ උතුරු පළාත් සභාවේ සභාපති සි වි කේ සිවඥානම් විසින් පසුගිය වසරේදි බීබීසී සංදේශයට ප‍්‍රකාශකර තිබුණි.   

පසුගිය ආණ්ඩු සමයේ සිදුවීම් සම්බන්ධයෙන් ද එසේ සමාව ගන්නා ලෙසට ඒකාබද්ධ විපක්‍ෂයෙන් ද අගමැතිවරයා ඉල්ලා සිටී අතර ඝාතනයට ලක්වු රවිරාජ් මන්ත‍්‍රි ඇතුළු යාපනය මාධ්‍යවේදින්ගේ ඝාතන සම්බන්ධයෙන් ද අගමැතිවරයා ඒකාබද්ධ විපක්‍ෂයට චෝදනා එල්ල කළේ යැයි ද වාර්තා විය.

උපුටාගැනීම් -  බීබීසී සංදේශය
පිංතුරය -  අන්තර්ජාලයෙන්
-    මෙලනි



2016-12-07
Advertisement

Find us on Facebook