English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


සිවිල් සමාජ මානව හිමිකම් දින සැමරුම් !
එළඹෙන දෙසැම්බර් 10 වෙනිදාල 68 වන වරටත් ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සමරනු ලබයි. මෙම ජගත් මානව හිමිකම් දිනය සැමරීම සඳහා ශ‍්‍රි ලංකාවේ ද සිවිල් සංවිධාන කිිහිපයක් ම සුදානම් වෙමින් සිටිති. ඒ අතර මානව හිමිකම් උත්තමාචාර උළෙලක් සහ මහජන දැනුවත් කිරීමක් මහනුවර දී සහ කොළඹ දී සිදුකෙරෙන බව අයිතියට වාර්තා විය.

සිවිල් සමාජය විසින් කොළඹ දී පැවැත්වීමට නියමිත ජගත් මානව හිමිකම් දින සැමරුම, පුරවැසියන් දැනුවත් කිරීම සඳහා වෙන්කරමින් අලූත් ව්‍යවස්ථාවක් කුමටද යන කතිකාව ඔස්සේ සම්මන්ත‍්‍රණයක් පවත්වනු ලබන බව රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය පැවසීය.



එමෙන්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණය උදෙසා පාර්ලිමේන්තුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් ලෙස රැස්වී සිදුකරනු ලැබූ සාකච්ඡාවේ ප‍්‍රතිඵලයක් ලෙසට මෙහෙයුම් කාරක සභාව විසින් ඉදිරිපත් කරන අතුරු වාර්තාව සභාගත කිරීම ද මෙදින සිදුකරන බව රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක ලේකම් පිලිප් දිසානායක අයිතියට ප‍්‍රකාශ කළේය.

"නිදහසේ වේදිකාව" සහ "වීදියේ විරෝධය" යන සමාජ බලපෑම් කණ්ඩායම් දෙක විසින් ඊට අයත් සිවිල් සමාජ සංවිධාන කිහිපයකම සහභාගිත්වයෙන් යුතුව සිදුකරනු ලබන මෙම ජගත් මානව හිමිකම් දින සම්මන්ත‍්‍රණය, දෙසැම්බර් මස 10 වෙනිදා පෙරවරු 10.00 සිට  කොළඹ පිහිටි මහවැලි කේන්ද්‍රයේදි පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

මානව හිමිකම් වෙනුවෙන් කැපවී ක‍්‍රියාකරන සමාජ ක‍්‍රියාධරයින් පිළිගැනීම අගය කිරිම මෙන්ම තවදුරටත් සමාජය තුළ නොරැකෙමින් පවතිනල උල්ලංඝණය වීමට භාජනය වන මානව හිමිකම් ප‍්‍රවර්ධනය කිරීම හා ආරක්‍ෂා කිරීම යන අවශ්‍යතාවයට උරදෙමින් මහනුවර මානව හිමිකම් කාර්යාලය විසින් සැමරුම් උළෙලක් සංවිධානය කර ඇත.

මෙම "මානව හිමිකම් උත්තමාචාරය -2016", දෙසැම්බර් මස 11 වෙනිදා මහනුවර ශුද්ධවු පවුලේ නුවර ශාලාවේදි, පස්වරු 2.00 ආරම්භ කිරීමට කටයුතු සැලසුම් කර ඇතැයි මානව හිමිකම් මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂක ගරු නන්දන මනතුංග පියතුමා අයිතියට ප‍්‍රකාශ කළා.
 
මහනුවර උත්තමාචාර උළෙලේ ප‍්‍රධාන අමුත්තා ලෙසට ජාතික කරිටාස් සෙඩෙක් ආයතනයේ හිටපු අධ්‍යක්‍ෂක සහ නිර්මල මරිය නිකායේ හිටපු ප‍්‍රාදේශීය ප‍්‍රධාන පියතුමා වන ගරු ඔස්වල්ඞ් බී ෆර්ත් පියතුමා සහභාගි වන අතර මෙදින ආරාධිත දේ්ශනය ප‍්‍රකට මානව හිමිකම් ක‍්‍රියාධරයෙකු වන රුකි ප‍්‍රනාන්දු විසින් සිදුකරනු ලබයි.

-    මෙලනි



2016-12-05
Advertisement

Find us on Facebook