English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


වසරක සෙවනට කුමාර් ගුණරත්නම් ආයුබෝවන් කියයි!

ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් වීසා නොමැතිව ලංකාවේ රැදී සිටිමේ වරදට වසරක සිර දඬුවම් විඳී පෙරටුගාමි සමාජවාදි පක්‍ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් හට අද (දෙසැම් 02) වෙනිදා අනුරාධපුර බන්ධනාගාරයෙන්  නිදහස ලැබිණි.

පසුගිය ජනාධිපතිවරණය සමයේදි ලංකාවට පැමිණ දේශපාලන කටයුතු වල නියැලී ඇති කුමාර් ගුණරත්නම්, වීසා කාරණය මත පසුගිය වසරේදි සිය මවගේ කෑගල්ලේ පිහිටි නිවසේ සිටියදි අත්අඩංගුවට ගනු ලැබු අතර අද දවස වනතුරු ඔහු රඳවා සිටියේ අනුරාධපුර බන්ධනාගාරයේ ය.  

සිරගෙදරත් සාමාන්‍ය ජනතාවගේම කොටසක් බැවින් පක්ෂයත් සමග දේශපාලනය කිරීමටත් සිරගතව සිටින ජනතාව සමග දේශපාලනය කිරීමටත් එය ප්‍රශ්නයක් නොවු බව, වසරකුත් මාසයක සිර දඩුවමක් විදීමෙන් පසු අද, 02 සිකුරාදා අනුරාධපුර බන්ධනාගාරයෙන් නිදහස ලැබීමෙන් පසු මාධ්‍යවේදීන්  අමත ප‍්‍රකාශ කර ඇත.

තමා රැදී සිටියේ ලංකාවේද විදේශ රටකද යන්න දේශපාලනය කිරීමට  ප්‍රශ්නයක් නොවු බවද එහිදී පැවසූ  ඔහු අවධාරණය කර සිටියේ මෙතැන් පටන් “රටේ ජනතාවගේ අනාගත අභිවෘද්ධිය සඳහාත්, සමාජවාදී ඉලක්කය සඳහාත්, පුර්ණ ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීම සඳහාත්,” අරගලයේ නිරත වන බව නිදහස ලැබීමෙන් නිදහස ලැබීමෙන් පසු මාධ්‍යවේදීන්  මාධ්‍යට ප‍්‍රකාශ කර ඇත.

මේ අතර කුමාර් ගුණරත්නව මෙරටින් පිටුවහල් නොකරන බව රජය කියා සිටියි.

කුමාර් ගුණරත්නම් හට පුරවැසි භාවය ලබාදෙන්නේ ද ? ඔහු මෙරටින් පිටුවහල් කරනු ලැබීම නතර කෙරෙන නියෝගයක් නිකුත් කරන්නේ ද ?  ඔහුට ශ‍්‍රි ලංකාවේ පුරවැසි භාවය ලබාදෙන්නේ් ද යන ප‍්‍රශ්න කිහිපය පාර්ලිමේන්තු මන්ත‍්‍රි දිනේ්ෂ් ගුණවර්ධන විසින්  අද පාර්ලිමේන්තු සැසියේදි විමසා සිටියේය.

එම ප‍්‍රශ්නවලට පිළිතුරු සැපයූ අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන අමාත්‍ය එස් බී නාවින්න ආණ්ඩුවේ ස්ථාවරය ප‍්‍රකාශයට පත්කරමින් කියා සිටියේ කුමාර් ගුණරත්නම් හට පුරවැසි භාවය ලබා දෙන බවත් ගුණරත්නම්ගේ දෙමාපියන් මෙරට ජිවත්වන බැවින් ඔහු පිටුවහල් නොකරන බවත් කුමාර් ගුණරත්නම් විසින් ශ‍්‍රි ලංකාවේ පුරවැසිභාවය සඳහා විධිමත් ඉල්ලීමක් කරන්නේ නම් ඊට යහපත් ප‍්‍රතිචාර දක්වන බවයි.

-    මෙලනි



2016-12-02
Advertisement

Find us on Facebook