English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


අධ්‍යාපන ඇමතිතුමෙනි වැරැද්ද කාගේ ද ? කොතැන ද ?
2016 ඔක්තෝම්බර් 24වෙනිදා වන විට මානව හිමිකම් කොමිෂම වෙත භාරදීමට අධ්‍යාපන අමාත්‍යංශයට නියම කළ විමර්ශන වාර්තාව භාරදී නොමැත. මානව හිමිකම් කොමිසම ද ඒ ගැන සොයා බලා නැත. වගඋත්තරකාර හලාවත ආනන්ද විද්‍යාලයේ වර්තමාන විදුහල්පති සහ අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් ද පැමිණිල්ල විභාග කිරිමට මෙදින නොපැමිණෙයි. පැමිණිලිකාර පාර්ශවය සිදුවි ඇති අසාධාරණය ගැන තව තවත් කලකිරෙයි, දෝෂාරෝපණය කරයි. වසර දෙකක් තුළ දරුවාට පාසැලක් නොමැත. වරද කාගේද ?



කොළඹ මානව හිමිකම් කොමිෂන් සභාවේ දි ඊයේ (දෙසැ 01) දහවල් 1.30 විභාග කිරීමට නියමිතව තිබු මානව හිමිකම් උල්ලංඝණය කිරීමේ පැමිණිල්ලක්, එහි වගඋත්තරකරුවෙකු වන හලාවත ආනන්ද විද්‍යාලයේ වර්තමාන විදුහල්පතිගේ නොපැමිණීම හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් ගිය බවත් ඒ තුළ දරුවාට පාසැල ලබාගැනීමේ අවශ්‍යතාවය තුළ තමන් තවදුරටත් අසීරුතාවයට පත්වු බව පැමිණිලිකාර යු. එල්. එස්. නිර්මලී අයිතිය වෙබ් අඩවියට ප‍්‍රකාශ කළේය.

මෙදින පෙරවරු 10.00 යට ඇඞ්මිෂන් අත්සන් කිරීමට ඇති හෙයින් මෙදින අදාළ පරික්‍ෂණය සඳහා මා හි කො වෙත පැමිණිය නොහැකි බැවින් ඒ වෙනුවට වෙනත් දිනයක් ලබාදෙන ලෙසට වර්තමාන විදුහල්පතිවරයා විසින් මෙදින උදෑසන තමන්වෙත දන්වා සිටි බව, මෙදින පැමිණිල්ල විභාග කිරිමට නියමිතව සිටි මානව හිමිකම් කොමිෂන් සභාවේ නීති නිළධාරිනි දිලිණි මුණසිංහ විසින් කාමර අංක 03 දි රැුස්වු විට ප‍්‍රකාශ කළේ යැයි හලාවත ආනන්ද මාවතේ පදිංචි පැමිණිලිකාර යු. එල්. එස්. නිර්මලී ප‍්‍රකාශ කළේය.

"පළමුවෙනි වගඋත්තරකරු වන දැනට ආනන්ද පාසැලේ විදුහල්පති ධනන්ජය සර් සහ අමාත්‍යංශයෙනුත් කිසිවෙක් ඇවිත් සිටියේ නැහැ. ඔක්තෝම්බර් 24 වෙනිදා අමාත්‍යංශයෙන් එවන්න නියමිතව තිබුණු විමර්ශන වාර්තාව එවලත් නැහැ. අද උදේ තමයි ආනන්දේ විදුහල්පති පැමිණෙන් බැරිබව දන්වලා තියෙන්නේ. වෙනත් දිනයක් දන්වන්නම් කියලා අද දවසේ පරික්‍ෂණය සිදුකළ දිලිනි මුණසිංහ කියලා මිස් කෙනෙක් කීවා." යැයි මානව හිමිකම් කොමිෂන් සභාවේ සිට යු. එල්. එස් . නිර්මලී අයිතිය වෙබ් අඩවියට පැවසුවා.


    
තවදුරටත් ඇය කියා සිටියේ් "කිසිම සාධාරණ හේතුවක් නොමැතිව මගේ දරුවාගේ අයදුම් පත‍්‍රය ප‍්‍රතික්‍ෂේප කළා. ළමයෙක් පාසැලට බඳවා ගැනීමෙදි තිබිය යුතු සියලූ සුදුසුකම් සපුරා තිබිය දී අනුගමනය කළ යුතු සියලූ නීතිරීතිවලට අනුකූල වුණු මගේ දරුවාගේ අයදුම් පත‍්‍රය ප‍්‍රතික්‍ෂේප කරන්න කිසිම හේතුවක් නැහැ. මගේ අනෙක් ගැහැණු දරුවන් දෙදෙනා දැනටත් යන්නේ මේ ආනන්ද පාසලටමයි. අපි දකින්නේ මේක තනිකර හිටපු විදුහල්පතිවරුන්ගේ් පෞද්ගලීක තීන්දු තීරණවලට අනුව අපට සිදුකළ අසාධාරණයක් කියලයි. අපි දැන් වසර දෙකක් තිස්සේ රස්තියාදු වෙනවා මේ ප‍්‍රශ්නය විසඳා ගන්නට." යන බවයි.
 
මේ අතර දෙවන හා තෙවන වගඋත්තරකරුවන් වන ආනන්ද විදුහලේ හිටපු විදුහල්පති සහ හිටපු නියෝජ්‍ය විදුහල්පති වරුන් වන මෙකී දරුවාගේ අයදුම්පත ප‍්‍රතික්‍ෂේප කළ විදුහල්පතිවරුන් විසින් මෙම ප‍්‍රශ්නය පිළිබඳව තමන්ට ප‍්‍රකාශ කරිමට ඇති සියලූ කාරණා මේ වන විට මානව හිමිකම් කොමිෂම හමුවේ ප‍්‍රකාශ තර ඇති බවත් වෙනත් කරුණු නොමැති බවත් ප‍්‍රකාශ කළේ යැයි ද යු. එල්. එස්. නිර්මලී ප‍්‍රකාශ කළේය.

2016 නොවැම්බර් මස 04 වනදා දාතමින් යුතුව මෙදින එනම් දෙසැම්බර් පළමුදා අදාළ පරීක්‍ෂනයට පැමිණිය යුතු බවට මානව හිමිකම් කොමිෂම විසින් සියලූ පාර්ශවයන් වෙත දන්වා ඇත. එහෙත් වර්තමාන විදුහල්පතිවරයා මෙන්ම අධ්‍යාපන අමාත්‍යංශය විසින් සිය වගකීම් ඉටුකර නැත.



එය පැමිණිලිකාර පාර්ශවය වන තමන් තවදුරටත් අපහසුතාවයට පත්කරවන්නට හිතාමතා සිදුකළ දෙයක් බව අදාළ දරුවාගේ් දෙමාපියන් පෙන්වා දෙයි.

පැමිණිලිකාර යු. එල්. සහිරා නිර්මලි සිය සැමියා වන ජේ කේ නිලන්ත පෙරේරා සහ දරුවා ද මෙදින පරික්‍ෂන සඳහා මානව හිමිකම් කොමිෂම වෙත පැමිණ සිටියහ.

සටහන හා ඡායාරූප  -   මෙලනි මනෙල් පෙරේරා

සබැඳි පුවත්
පාසැලට ඇතුලත්කර නොගැනීමේ පරීක්‍ෂණ ආරාම්භ කරයි !
    2016-10-04 




2016-12-02
Advertisement

Find us on Facebook