English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


"තොපි මේ රෑ තිස්සේ ඇවිත් කරදර කරනවා" - තවත් පොලිස් හපන්කමක් !


යහළුවන්ට සිදුවුනේ කුමක්දැයි බලන්න ගිය ධමිත බුද්ධිකට කිසිඳු හේතුවක් නොමැතිව පොලීසියෙන් සංග‍්‍රහා කර ඇත!

හාවාඑළිය, චන්ද්‍රසිරි මහගම වාර්තා කරන ආකාරයට;
රිකිල්ලගස්කඩ ප‍්‍රදේශයේ තරුණයෙකුට පොලීසිය කිසිඳු වග විභාගයකින් තොරව පහර දී තුවාල සිදුකර ඇත. පදනමක් හේතුවක් නොමැති එම අමානුෂික පහරදීම පිළිබඳව පැමිණිළි කරන්නට හඟුරන්කෙත පොලීසියට පැමිණි කළ, පැමිණිල්ල සටහන්කර ගැනීම වෙනුවට එහි පොලිස් ස්ථානාධිපතිවරයා විසින්  ධමිත බුද්ධික ඇතුළු පැමිණිල්ල දැමීමට පොලීසියට ගිය සියලූම දෙනා කුඩුවේ දමා ඇත. මුවින් ලේ ගලමින් සිටි ධමිතට අවශ්‍ය ප‍්‍රථිකාර ගැනීම සඳහා රිකිල්ලගස්කඩ රෝහලට ගිය විට දී ද එහි සිටි වෛද්‍යවරයා කිසිඳු ප‍්‍රථිකාරයක් සිදුකර නැත. ධමිත බුද්ධික බණ්ඩාර, නුවරඑළිය මහ රෝහලේ සංවර්ධන නිළධාරියෙකු යැයි චන්ද්‍රසිරි මහගම වාර්තා කරයි.


අගෝස්තු මස 11 වෙනිදා රාත‍්‍රි 10.30 ට පමණ රිකිල්ලගස්කඩ ප‍්‍රදේශයේදි වාහන පරික්‍ෂාවේ යෙදි සිටි පොලිස් නිළධාරින් පිරිසක් විසින් මෙම පහර දීම සිදුකර අති අතර, පොලිස් නිළධාරියෙකුගේ පහර දීමෙන් තමන්ගේ හක්ක පැනීමත් තුවාල ලැබීමත් මත පේරාදෙණිය මහ රෝහලේදි සැත්කමකට ද භාජනය කළ බව ද තිස්හැවිරිදි ධමිත බුද්ධික ප‍්‍රකාශ කර ඇත.  

මෙම පහරදීම පිළිබඳව ධමිත බුද්ධික මෙසේ පැහැදිළි කරයි.

"අපි යාළුවෝ කීපදෙනෙක් ත්රීවීල් එකක ළඟ මරණ ගෙදරක ගියා. ගිහින් එනකොට රෑ දහය හමාරට විතර ඇති. රිකිල්ලගස්කඩ ප්රදේශයේදී පොලිස් ජීප් එකක් නතර කරලා තිබුණා. මගේ වීල් එකට පිටිපස්සෙන් ආව අනෙක් ත්රීවීල් එක එයාලා නතර කර ගත්තා. මම කෙළින්ම ඇවිත් ඉස්සරහ තියෙන "නයිට්" කඩයක් ළඟ නැවැතුණා. සෑහෙන වෙලාවක් බලන් හිටියත් වීල් එක එන්නෙ නැති හින්දා මම එතෙන්ට පයින් ඇවිදගෙන ගියා. මොකද කියල බලන්න. එතෙන්ට යනකොටම ඉස්සරහට ආව පොලිසියේ කෙනෙක් මගෙන් කිසිම දෙයක් අහන්නෙ බලන්නෙ නැතිව මූණට ගහගෙන ගහගෙන ගියා. වෙනකොට අපේ නතර කරල තිබුණ වීල් එකේ දෙන්නෙක් අරක්කු බීල කියල ජීප් එකට දාගෙන හිටියේ. මට ගහල එයාල දෙන්නවත් අරන් පොලිසියට ගියා. මගේ කටින් ලේ එනව. කට අරින්න බැරිව ලොකු කැක්කුමක් ආවා. කිසිම හේතුවක් නැතිව මට ගහපු එක ගැන පොලිසියේ ලොකු මහත්තයට කියන්න අපි හඟුරන්කෙත පොලිසියට ගියා. එතකොට වෙලාව රාත්රි 12.30 විතර ඇති. අපි ලොකු මහත්තයගේ කාමරයට ගියාම එයා බනින්න ගත්තා.

"තොපි මේ රෑ තිස්සේ ඇවිත් කරදර කරනවා" කියලා ගිහින් හිටපු අපි තුන්දෙනාම කූඩුවට දානවා කිව්වා. ඊට පස්සේ පොලිසියෙන් අපිව ජීප් එකේ දාගෙන රිකිල්ලගස්කඩ ඉස්පිරිතාලෙ දොස්තර මහත්තය ළඟට අරගෙන ගියා. අපි එයා ළඟට අරගෙන යන්න ඉස්සර වෙලා පොලිසියේ දෙන්නෙක් ෙදාස්තර මහත්තයා එක්ක කතා කරලයි ආවේ.

මම දොස්තර මහත්තයට කිව්වාමම නුවරඑළිය ඉස්පිරිතාලෙ වැඩ කරන කෙනෙක්. මට පොලිසියෙන් ගැහුවා, අමාරුයි කියලා. වෙනකොටත් මගේ කටෙන් ලේ එනවා. දොස්තර මහත්තයා කිසිම දෙයක් ගණනකට ගත්තෙ නෑ. අඩු ගාණෙ බේත් පෙත්තක්වත් මට දුන්නෙ නෑ. කාඩ් එක අස්සන් කරල දුන්නා. පොලිසියෙන් අපිව අරගෙන ඇවිත් රිමාන්ඩ් කෙරුවා. පහුවදා ඇවිත් තමයි පේරාදෙණිය රෝහලට ඇතුළු වුණේ.

මේ සම්බන්ධයෙන් හඟුරන්කෙත පොලිසියේ ස්ථානාධිපතිවරයා හමුවීමට පසුගිය 16 දා තුවාලකරුගේ මව වන එච්.එම්. අනුලාවතී සහ ඇයගේ ඥාති සොයුරියක් වන කේ.බී. ශීලවතී යන දෙදෙනා ගොස් තිබේ.

එහිදි පොලීසියේ ලොකුමහත්තයා යැයි කියනා නිළධාරියා පෙරදා එවැනි කලබැගෑනියක් සිදුනොවුන ආකාරයෙන් ඉතා කාරූණිකව මෙම කාන්තාවන් දෙපලට කථාකර ඇත. අනුලාවති මවට සහ ශීලවති සොයුරියට අනුව;

"ලොකු මහත්තයා කිසි සැරවැරයක් නැතිව අපිට හොඳට කතා කෙරුවා. දැන් මොකක්ද අපෙන් බලාපොරොත්තු වෙන්නෙ කියල අහල කාගෙන් හරි උපදෙස් අරගෙනද ආවෙ කියලත් ඇහුවා. එයා කියන්නෙම පුතා දුවනකොට වැටිල තුවාල වෙලා කියල. අපි කිව්වා වැටිල නෙවේ. මල්ලි අඬ අඬා කියනවා පොලිසියෙන් ගැහුවා කියල කියන බව. එයාගේ හකු ඇටය පැනල ඒකට ප්ලේට් එකක් දාන්න රුපියල් 15000ක් ගියා කිව්වම ටිකට් කපන්න ඉස්සර වෙලා දවසේ ඇවිත් කියන්න කිව්වා. අපි හරි අහිංසක මිනිස්සු වගේ පෙනෙන හින්දා .අයි.සී. මහත්තයා පොලිසියේ කට්ටියගෙන් 15000ක් එකතු කරල දෙන්නම් කියලත් කිව්වා"

ඡායාරූපය සහ වාර්තාව - හාවාඑළිය, චන්ද්‍රසිරි මහගම

-MMP

 




2014-08-18
Advertisement

Find us on Facebook