English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මහානාම තිලකරත්න කොමිෂන් වාර්තාව කෝ ? නිදහස් වෙළෙඳ කළාප සහයෝගීතාව


2011 වසරේ මැයි මස 30 වෙනිදා කටුණායක කම්කරු අරගලයකදි පොලිස් වෙඩි පහරින් තුවාල ලබා පසුව ජිවිතක්‍ෂයට පත් රොෂේන් චානක, සිද්ධිය පිළිබඳ මහානාම තිලකරත්න කොමිසන් වාර්තාව ඉල්ලා සිටිමින් ඔහුගේ පවුලේ ඥාතින් ඇතුළු සිවිල් සංවිධාන විසින් අද, දෙසැම්බර් 01 වෙනිදා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දී නිහඬ විරෝධතාවයක් පවත්වනු ලැබීය.
   
එහිදි සුපුරුදු පරිදි විරෝධතාවට සාමකාමි බාධාවක් එල්ල කළ ශ‍්‍රි ලංකා පොලීසිය විරෝධතාව දැක්වු පිරිස පොලිස් නිල රථවල නගවාගෙන ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගෙනගොස් ඇත. එහිදි ජනාධිපති අතිරේක ලේ්කම්වරයෙකු වු සුනන්ද කාරියප්පෙරුම ය න අය විරෝධතාකරුවන් සමඟ සාකච්ඡාකර ප‍්‍රකාශ කර ඇත්තේ "රොෂේන් චානක සිද්ධිය හා අදාළ වාර්තා ලිපිගොණු සොයාගත යුතු බැවින් ස්ථීර වශයෙන් ම සති දෙකක් ඇතුලත පිළිතුරක් ලබාදෙන බව යැයිි." බි‍්‍රටෝ ප‍්‍රනාන්දු අයිතියට ප‍්‍රකාශ කළේය.

නිහඬ විරෝධතාවයේ යෙදුනු බි‍්‍රටෝ ප‍්‍රනාන්දු රොෂේන් චානකගේ මව සහ රොෂේන් චානකගේ සොයුරෙකු මාධ්‍ය ආමන්ත‍්‍රණය කරමින් මෙසේ ප‍්‍රකාශ කළේය.



පොලීසිය අපිව ෂේප්කරලා එතන්ට දානවා, ජනාධිපති ලේකම් වෙන පචයක් කෙළිනවා - බි‍්‍රටෝ ප‍්‍රනාන්දු

"ජනාධිපතිවරයා ප‍්‍රකාශකරලා තිබුණා, එතුමා ඉන්න දවසක පොලීසියට බාධාකරන්න ඉඩ නොදී එතුමාව හමුවන්න පුළුවන් කියා. ඒ නිසා තමයි අද අපි මෙතන්නට ආවේ, 2011 දි වෙඩිතියලා ඝාතනය කරපු රොෂේන් චානක පිළිබඳව මහින්ද රාජපක්‍ෂ මහත්මයාට භාරදුන්න මහනාම තිලකරත්න වාර්තාව අපට ලබා නොදෙන්නේ ඇයි කියලා අහන්න? මෙතන රොෂේන්ගේ අම්මා සහ සහෝදරවරු ඇවිත් සිටිනවා. රොෂේන්ගේ අම්මා සෑම මසෙකම පළමුවෙනිදා කටුණායක පොලීසිය ඉස්සරහා හිටගන්නවා. ඒ අම්මා ඉල්ලන්නෙ මහා ලොකු දේවල් නෙවෙයි, එයා ඉල්ලන්නේ ඒ පවත්වපු පරීක්‍ෂණයේ වාර්තාව දෙන්න කියලා, මොකද තමන්ගේ දරුවට උනේ මොකක්ද කියලා දැනගන්න අම්මා කෙනෙක් විධියට ඇයට තිබෙන අයිතිය වෙනුවෙනුයි එහෙම ඉල්ලා සිටින්නේ."

"අපි මේවෙන කොට හය හත් පාරක්ම මේ ස්ථානයට ඇවිත් තියෙනවා. ඒ හැම වතාවෙදි ම පොලිසිය මැදිහත්වෙලා අපිව ජනාධිපති ලේකම් කියලා විවිධ පුද්ගලයින්ව මුණගස්සවලා තියෙනවා, ඒ අය හැමදාම අපට පොරොන්දු වෙලා තියෙනවා වාර්තාව එවනවා කියලා. නමුත් අද වෙනතුරු ලැබුණු වාර්තාවක් නැහැ."
 
"අද පොලීසිය කියනවා අලූත් මහත්තයෙක් ඉන්නවා සුමේධ කියලා එයා විසදුම් ලබාදෙනවා කියලයි. එදා ආබාධිත රණවිරුවන්ගේ් ප‍්‍රශ්නෙන් පසුව ජනාධිපති කියලා තියෙනවාලූ අපිවගේ අය ආවහම මේ සුමේධ මහත්තයා ලඟට යොමුකරන්න කියලා එයා විසඳුම් දෙනවාමයි කියලා. නමුත් අපිට දැන් ඇතිවෙලා ජනාධිපති ලේකම්වරු හමුවෙලාම. නමුත් අපි අදත් යනවා, අද ලැබෙන උත්තරය මත තීරණයක් ගන්නවා. නිසි උත්තරයක් නොලැබුණොත් අපි ඒ හැම දවසකම මෙතන්ට ඇවිල්ලා අපේ ඉල්ලීම වෙනුවෙන් කටයුතු කරන අපි කිහිප දෙනා වාර්තාව අතට ගන්නා තුරු අපේ උත්සාහය අපි නතර කරන්නෙ නැහැ." යැයි නිදහස් වෙළෙඳ කළාප සහයෝගිතාවය වෙනුවෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ හා අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවේ සභාපති බි‍්‍රටෝ ප‍්‍රනාන්දු මාධ්‍යට පැවසීය.
      

මගේ දරුවව වෙඩි තියලා මැරුවා, වගකීම රජය භාරගත යුතුයි -  ඩබ්. ඞී. කාන්ති

"මංකොල්ලකන්න ගිය සේවක අර්ථසාධකය බේරගන්න එළියේ සටන්කරපු නිසා තමයි මගේ දරුවාව වෙඩි තියලා මැරුවේ. නමුත් ජිවිත මරාදමන්න කිසිම කෙනෙකුට අයිතියක් නැහැ. ඒකට වගකියන්න  ඕනේ හිටපු ජනාධිපතිතුමත් ආරක්‍ෂක ඇමතිතුමත් හිටපු පොලිස්පතිතුමත්. අපි ඉල්ලන්නේ පරීක්‍ෂනය පවත්වපු මහනාම තිලකරත්න කොමිසම් වාර්තාව ලබාදෙන්න කියලා විතරයි."

"මේ වෙනුවෙන් අපි අවුරුදු පහමාරක් තිස්සේ් කටුණායක පොලීසිය ඉදිරිපිට සාමකාමී උද්ඝෝෂණයක් කරනවා. ජනාධිපති ලේකම් කාර්යාලයට ඇවිත් තියෙනවා සැහෙන වතාවක්. අගමැතිතුමාට දන්වලා තියෙනවා. නමුත් තාමත් කිසිම පිළිතුරක් නැහැ. හැම මාසේම එනවා එනවා ඒත් කිසිම විසඳුමක් නැහැ.  අද නම් කොහොමහරි නිසි පිළිතුරක් අවශ්‍යමයි. ඒ වගේම එදා ගුටිකාපු අයට කිසිම සාධාරණයක් නැහැ. ඒ අතරේ රැකියාවල් කරගන්න බැරි අය ඉන්නවා, ඒ අයට සාධාරණය ඉටුවෙන්න  ඕනේ." යැයි රොෂේන් චානක ගේ මව වන ඩබ්. ඞී. කාන්ති මාධ්‍යට ප‍්‍රකාශ කළේය.