English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මට ගැහුවොත් මමත් ගසමි - අගමැතිතුමා

මාධ්‍යයෙන් අගමැති රනිල් වික‍්‍රමසිංහට පහර ගැසුවොත් අගමැතිවරයා ද පෙරලා එකී මාධ්‍යයට ප‍්‍රසිද්ධියේ් පහර දෙන බව අද (නොවැ 28) පාර්ලිමෙන්තුවේ දි ප‍්‍රකාශ කළේය.

අද පෙරවරුවේ, ජනමාධ්‍ය අමාත්‍යංශයේ අයවැය කාරක සභා අවස්ථාවේ විවාධයට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ් නායක මෙන්ම විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක විසින් සන්ඬේ ටයිම්ස්, දෙරණ මාධ්‍ය ඇතුළු මාධ්‍ය ආයතනවලට එල්ලවන සෘජු බලපෑම් සම්බන්ධයෙන් හා මහින්ද රාපක්‍ෂ පාලන සමයේදි සිදුකළ ඝාතන සහ පහරදීම් සම්බන්ධයෙන් පරීක්‍ෂණ විධිමත් ලෙස සිදුනොවීම සම්බන්ධයෙන් ප‍්‍රශ්න කළේය.  

අනුර කුමාර දිසානායක පාර්ලිමෙන්තු මන්ත‍්‍රිවරයා නැගු ප‍්‍රශ්නයට පිළිතුරු දෙමින් අගමැතිවරයා ප‍්‍රකාශ කළේ මාධ්‍යයෙන් තමන්ට පහර දෙන්නේ නම් තමන් ද මාධ්‍යයට පහර දෙන බවත් , තමන් එසේ පහර දෙන්නේ ප‍්‍රසිද්ධියේ විවේචනය කිරිමෙන් පමණක් බවත් ය.

එමෙන්ම, තමා මෙන් ම ජනාධිපතිවරයා ද මාධ්‍ය වෙනුවෙන් පැවසිය යුතු දේ ප‍්‍රසිද්ධියේම ප‍්‍රකාශකරන බවත් එසේ නැතිව මාධ්‍ය ආයතනවලට ගිණි තැබීමටවත් පුවත්පත් කතුවරුන් පැහැරගෙන යාමටවත් හමුදාව ලවා මාධ්‍යවේදින්ට පහර දීමටවත් මාධ්‍යවේදීන් ඝාතනය කිරිමටවත් තමාට හෝ ජනාධිපතිවරයාට අවශ්‍ය නොවන්නේ යැයි අගමැතිවරයා ප‍්‍රකාශ කළේය.

-    මෙලනි



2016-11-28
Advertisement

Find us on Facebook