English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


දේශපාලන සිරකරුවන් වෙනුවෙන් සාකච්ඡාවකට ඉඩක් !




දේශපාලන සිරකරුවන් නිදහස්කර ගැනීම සම්බන්ධයෙන් මෙපමණ කාලයක් තුළ දැරු නොයෙකුත් උත්සාහයන් සඳහා, ප‍්‍රථම වතාවට ආණ්ඩුවේ වගකිව යුතු පාර්ශවයන් හා සාකච්ඡාවකට අවස්ථාවක් ලබා දෙන බවට අද (නොවැ 23) ජනාධිපති කාර්යාලයෙන් පොරොන්දු වු බව දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරය ප‍්‍රකාශ කරයි.

දැනට සිරභාරයේ සිටින දේශපාලන සිරකරුවන් සම්බන්ධ සියලූ කරුණු ඇතුලත් ලිපි ගොණුවක් අද දින (නොවැ 23) ජනාධිපති ලේකම් කාර්යාලයට භාරදුන් බව දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මාරිමුත්තු සත්‍යවේල් පියතුමා ප‍්‍රකාශ කළ අතර, ඔවුන්ගේ ඉල්ලීම පිළිබඳව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ අධිකරණ අමාත්‍යංශය ඇතුළු අදාළ පිරිස් සමගින් සාකච්ඡුාකර ඉන්පසුව, දේශපාලන සිරකරුවන් නිදහස්කර ගැනීමේ ජාතික ව්‍යාපාරය සමග සාකච්ඡා කිරීමට කැඳවන බවට, එම ලිපි ගොණු භාරගනිමින්, ජනාධිපති අතිරේක ලේකම් සුුනන්ද කාරියප්පෙරුම අද දින පොරොන්දු වු බව මාධ්‍යය අමතමින් පූජ්‍ය තැන්නේ ඥාණානන්ද හිමි ප‍්‍රකාශ කළේය.