English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


රවිරාජ් ඝාතන නඩුව විශේෂ ජූරියක් ඉදිරියේ

පාර්ලිමේන්තු මන්ත‍්‍රි නඩරාජා රවිරාජ් ඝාතනය කිරීම සම්බන්ධයෙන් වන නඩුව විභාග කිරීම සඳහා කොළඹ මහාධිකරණය විසින් විශේෂ ජූරී සභාවක් අද (නොවැ 22) පත්කළේය. මෙම විශේෂ ජුරි සභාව විසින් හෙට (නොවැ 23) සිට දිනපතා රවිරාජ් ඝාතන නඩුව විමසීමට නියමිතය.

මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට  සිටින පුද්ගලයින් තිදෙනෙකුට අධිචෝදනා කියවා භාර දීම ද අද දින සිදුකළ බව අධිකරණ ආරංචි මාර්ග සඳහන් කරයි.

විත්තිය හා පැමිණිල්ල විසින් මිට පෙර තෝරාගනු ලැබු ජුරි සමාජීකයින්ගෙන් සමන්විත මණ්ඩලයක් අතරින් අද දිනයේදි අධිකරණය තුළදී කුසපත් ඇදීමෙන් පසුව 07 දෙනෙකුගෙන් සමන්විත විශේෂ ජූරි සභාව පත්කර ගත් අතර එළඹෙන හෙට (නොවැ 23) දිනයේ සිට ඔවුන් විසින්  දිනපතා නඩුව විභාග කිරීමට නියම විය.  

පිංතුර - අන්තර්ජාලයෙන්
-    මෙලනි




2016-11-22
Advertisement

Find us on Facebook