English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ගරු අධිකරණය පුහු මාන්‍යය බිඳියි - අධිකරණයට ජය!
ජාතීන් අතර තේරුම් ගැනීම, සමගිය ,සහයෝගීතාවය යන අත්‍යවශ්‍ය අවශ්‍යතා හැකි සෑම යහපත් පියවරක් ම ගෙන වෙරදමා ශක්තිමත් කරගනිමින් රටක් ලෙසට ඉදිරියට යා යුතුව ඇති යුගයක, "අපි මෙරටේ අසවල්ලූ" , "මේක අපේ රට" යැයි මුග්ධ ලෙස අධිමානයෙන් යුතුව වාග් ප‍්‍රහාර එල්ලකරන, වැඩකරන, සිතන පතන සියලූම දෙනා වෙත මරු පහරක් එල්ල කරමින් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ගනු ලැබු මෙම තීන්දුව ට, රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ සහ අයිතිය වෙබ් අඩවියේ ආචාරය පිරි නැමෙනු ඇත.



මන්දයත්, ශ‍්‍රි ලංකාවේ ජාතික ගීය දමිළ භාෂාවෙන් ද ගායනා කිරීම පිළිබඳව පසුගිය කාලය තුළදී දැඩි විරෝධතා මතු වු අතර ,එක්තරා පිරිසක් විසින් ඊට එරෙහිව නීතිමය පියවර ගෙන තිබුණි. එහෙත් එම නීතිමය පියවර පරාජය කරමින්, ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායනා කිරිමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ කිසිඳු නීතිමය භාධාවක් නැති බව ශ්‍රේෂ්ඨාධිකරණය නොවැම්බර් 18 දා ප‍්‍රකාශ කළේය.
 
ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායනා කිරීම හේතුවෙන් මූලික අයිතීන් කඩවන බවට තීන්දුවක් දෙන ලෙසට ඉල්ලා සිටිමින් කැළණිය ප‍්‍රදේශවාසින් පිරිසක් පෙත්සමක් ඉදිරිපත් කර තිබුණු බවත්, එම පෙත්සම ප‍්‍රතික්‍ෂේප කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් "නීතිමය බාධාවක් නැතැයි" යන මෙම තීන්දුව ප‍්‍රකාශයට පත්කරනු ලැබු බවත් බීබීසී සංදේශය පුවතක් වාර්තා කළේය.

එම පුවතේ සඳහන් පරිදි, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ජාතික ගීය ගායනා කළ හැක්කේ සිංහල භාෂාවෙන් පමණක් යැයි ප‍්‍රකාශකර ඇති පෙත්සම්කරුවෝ, අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව මේ වසරේ නිදහස් දිනයේ්දි (පෙබරවාරි 04) ජාතික ගීය දමිළ භාෂාවෙන් ගැයීම තුළින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරඇති බවට තීන්දුවක් දෙන ලෙසට ඉල්ලා සිට ඇත.

එහෙත් ඊට විරෝධය පා ඇති රජයේ නීතිවේදියා, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව සිංහල මෙන්ම දමිළ භාෂාව ද රාජ්‍ය භාෂාවක් ලෙසට පිළිගෙන ඇති බවත් ඒ නිසා ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායනා කිරිමේ කිසිදු ආකාරයක නීතිමය භාධාවක් හෝ දෝෂයක් නොමැති බවත් පෙන්වා දී ඇත. 



කරුණු එසේ හෙයින් , ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම විභාගයට නොගෙන ප‍්‍රතික්‍ෂේප කළ බව ද බීබීසි පුවත සඳහන් කළේය.

අවධානය යොමුකළ යුතු, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වන අවස්ථා එමට තිබියදී කිසිඳු වැදගැම්මකට නැති, නැති ප‍්‍රශ්න මවා ගැනීමට අර අඳින , සාමය සංහිඳියාව ගැන අඹමල් රේනුවක හැඟීමක් නැති කොටින් ම සහෝදරත්වය ගැන කිසිම තැකීමක් නැති අපේ කම නැමැති පුස් ආකල්පයකින් ඔලූගෙඩි උදුම්මවාගත් මනුස්සවාදි නැති ජාතිවාදි හා ආගම්වාදි කොයි කා හටත් අධිකරණය ගනු ලැබු මෙම තීන්දුව හොඳ පාඩමකි.

පිංතුර - අන්තර්ජාලයෙන්
-    මෙලනි



2016-11-19
Advertisement

Find us on Facebook