English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


විරෝධයට පහර දීමේ නඩුව ලබන වසරට කල් යයි
පහරකෑමට ලක්වු ජයතිලක බණ්ඩාර , සම්පත් , පිලිප්

හම්බන්තොටදී, වීදියේ විරෝධයට පහරදීමේ අසාධාරණයට, තීන්දුවක් ලබාදීම ලබන වසර තෙක් කල් යයි.

2014 ජනාධිපතිවරණයේ දී, පැවති මහින්ද රාජපක්‍ෂ රෙජීමය පලවා හැර පොදු අපේක්‍ෂකයා දීනවීම අරමුණු කරමින් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය සමගින් ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරය, මොන්ලාර් ආයතනය, සවිස්ත‍්‍රි කාන්තා සංවිධානය, ගැමි කාන්තා පෙරමුණ ඇතුළු සිවිල් සමාජ සංවිධාන සාමාජිකයින් සහ මානව හිමිකම් ක‍්‍රියාධරියින් ද කලාකරුවන් ද මාධ්‍යවේදීන් ද විසින් රට වටා යමින් වීදියේ විරෝධය දැනුවත් කිරීමේ වැඩසටහන ක‍්‍රියාත්මක කළේය.

පුරවැසියන් දැනුවත් කිරීමේ විදියේ විරෝධය වැඩසටහන හම්බන්තොට නගරයේ දි පවත්වන්නට සුදානම් වන අවස්ථාවේදි රාජපක්‍ෂ ආණ්ඩුවේ හම්බන්තොට නගර සභාවේ නගරාධිපති එරාජ් ඇතුලූ මැර කල්ලිය විසින් සිදු කළ අමානුෂික පහර දීමට එරෙහිව හම්බන්තොට මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු අංක B21970/14 යටතේ විභාග වන නඩුව, ඊයේ (නොවැ 16) දිනයේ අධිකරණය ඉදිරියේ කැඳවනු ලැබීය.
 
නීතීඥ තුසිත අලූත්පටබැඳිගේ මහතා පැමිණිලි පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින ලදිග එදින නඩුවේ ප‍්‍රශ්න කිරීම් සිදු නොවූ අතර පැමිණිලි පාර්ශවයේ ඉල්ලීම මත එය මීලග නඩු වාරය දක්වා කල් යන ලදි.

නගරාධිපති එරාජ් ඇතුලූ මැර කණ්ඩායම දියත් කළ මෙම පහරදීමේදි ඉතා බරපතල ලෙසට ප‍්‍රවීණ කලාකරු ජයතිලක බණ්ඩාර සමග සුරංග පහරකෑමට ලක්වු අතර ප‍්‍රසංග, සම්පත් , පිලිප් යන විදීයේ විරෝධය සාමාජීකයින් ද පහරකෑමට ලක්විය.

මෙම නඩු විභාගයේ මීළග කැඳවීම 2017 පෙබරවාරි 02 දින දක්වා කල් යවන ලදි.

- හිරෝෂන් ලක්‍ෂාන්  -  රයිට් ටු ලයිෆ් නීති අංශය

- මෙලනි



2016-11-17
Advertisement

Find us on Facebook