English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


‘හතරවැනි තට්ටුව’ මෙහෙයවන ලද්දේ සිසිර මෙන්ඩිස් විසිනි !


2016 නොවැම්බර් 15
 
මාධ්‍ය නිවේදනය:
 
එක්සත් ජාතීන්ගේ වධහිංසා පිළිබඳ කමිටුවට ශ‍්‍රී ලංකාව රහස් පොලිසියේ හා ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ වධක කණ්ඩායම් කාර්ය භාර නිලධාරියා එවයි. යන ශීර්ෂය යටතේ සත්‍යය සහ යුක්ති පිළිිබඳ ජාත්‍යන්තර ව්‍යාපෘතියේ (ITJP) විධායක අධ්‍යක්‍ෂිකා යස්මින් සූකා මාධ්‍ය නිවේදනයක් නිකුත්කර ඇත.

සම්පුර්ණ මාධ්‍ය නිවේදනය මෙසේය:    

 
ජොහැන්නස්බර්ග්: අද දින (15), එක්සත් ජාතීන්ගේ වධ හිංසනයන්ට එරෙහි කමිටුව හමුවේ ශ‍්‍රී ලංකාවේ වධ බන්ධන පිළිබඳ ක‍්‍රියා කලාපය ආරක්‍ෂා කිරීමට නියමිත ආණ්ඩුවේ නියෝජිත කණ්ඩායමට, යුද්ධය අවසානය වන විට ශ‍්‍රී ලංකාවේ වඩාත් කුප‍්‍රකට වධක බිමෙහි කාර්යභාර පොලිස් නිලධරයා ද අයත් වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

ශ‍්‍රී ලංකාවේ යුද්ධය තීව‍්‍රව පැවැති සමයේ දී 2008 මාර්තු මාසයේ සිට 2009 ජූනි දක්වා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව (CID) භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ සිසිර මෙන්ඩිස්, ත‍්‍රස්ත විමර්ශන ඒකකය ද (TID) භාරව ක‍්‍රියා කළේය. ශ‍්‍රී ලාංකිකයන් වධහිංසා සඳහා කෙටි යෙදුමක් සේ බහුලව යොදාගන්නා කුප‍්‍රකට ‘හතරවැනි තට්ටුව’ මෙහෙයවන ලද්දේ ඔහු විසිනි. ඉකුත් වසරේ දී එක්සත් ජාතීන්ගේ වාර්තාවක ද සිසිර මෙන්ඩිස්ගේ නම සඳහන් කොට තිබූ අතර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය තුළ වධ බන්ධන පැමිණවීමට යොදාගත් ප‍්‍රශ්න කිරීමේ කුටි, ‘පහරදීම් සඳහා භාවිතා කළ ලෝහ ද`ඩු ද, ජල වධ හිංසනයන් සඳහා යොදාගන්නා වතරු බැරල්’ යනාදී වධක මෙවලම්වලින් සමන්විතව තිබූ බව ද එකී වාර්තාව පෙන්වා දී තිබිණ.

"තමන් යටතේ සිටි ඒකකයන් විසින් සිදුකළ වධ බන්ධනයන්ට වගකිව යුතු නිලධාරියෙකු වධ හිංසන සම්බන්ධයෙන් වන එක්සත් ජාතීන්ගේ රැස්වීමකට සිය නියෝජිතයෙක් වශයෙන් එවීමට ශ‍්‍රී ලංකා ආණ්ඩුව කටයුතු කිරීම වින්දිතයන්ට මෙන්ම ජාත්‍යන්තර ප‍්‍රජාවට ද කළ පූර්ණ නිගහ‍්‍ර යකැ"යි සත්‍යය සහ යුක්ති පිළිිබඳ ජාත්‍යන්තර ව්‍යාපෘතියේ (ITJP)  විධායක අධ්‍යක්‍ෂිකා යස්මින් සූකා ප‍්‍රකාශ කළාය.
 
ශ‍්‍රී ලංකා රජයේ ආරක්‍ෂක හමුදාවන් විසින් යුද්ධාවසානයේදී වධ බන්ධන සහ ප‍්‍රචණ්ඩ ලිංගික හිංසනයන් ‘දැනුවත් පිළිවෙතක’ කොටසක් සේ බහුල වශයෙන් යොදාගත් බව නිගමනය කළ 2015 එක්සත් ජාතීන්ගේ වාර්තාව, එකී ක‍්‍රියාවන් යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධ සේ පිළිගැනීමට සාධාරණ පදනමක් ඇති බවද නිශ්චය කළේය. යුද්ධයේ තිව‍්‍ර අදියරේදී පොලිස් ඒකක දෙකකට අණ දෙන්නා වශයෙන්, ස්වකීය කාර්යාලය පිහිටි ගොඩනැගිළි තුළමත්, සයි නිලධාරීන් විසින් බහුල වශයෙන් වධ හිංසනයන් යොදාගත්  බව මෙන්ඩිස් නියත ලෙසම දැන සිටිය යුතු නමුත් ඒවා වැළැක්වීමට, විමර්ශනය කිරීමට හෝ අදාළ වගකිව යුත්තන්ට ද`ඩුවම් පැමිණවීම සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගැනීමට හෙතෙම අපොහොසත් විය.

"ස්විට්සර්ලන්තයේදී සිය මුහුණ නොබියව පෙන්වීමට මෙන්ඩිස් මහතාට හැකිවන්නේ හුදෙක් එක්සත් ජාතීන්ගේ රැස්වීමකට සහභාගී වීම හේතු කොටගෙන ඔහුට හිමිවන දණ්ඩ මුක්තියේ පිහිටෙනි. මේ අවස්ථාව වඩා උත්ප‍්‍රාසාත්මක වන්නේ ඔහු වධ හිංසනයන් පිළිබඳ වන රැස්වීමකට සහභාගී වීම නිසා" යැයි යස්මින් සූකා ප‍්‍රකාශ කළාය.
 

      (CID) භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ සිසිර මෙන්ඩිස්

ඉකුත් මාස 17ක කාල පරිච්ඡ්දය තුළ ශ‍්‍රී ලංකා ආරක්‍ෂක අමාත්‍යාංශයේ යටතේ පවතින ජාතික බුද්ධි තොරතුරු මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂවරයා වශයෙන් සිසිර මන්ඩිස් ක‍්‍රියා කරයි. මෙම නව තනතුර දරමින්, වධ බන්ධන හා ප‍්‍රචණ්ඩ ලිංගික හිංසනයන් සම්බන්ධ අතීත පිළිවෙත විමසා බැලීමට හෝ තව දුරටත් අඛණ්ඩව භාවිතා වන වධ බන්ධන හා ප‍්‍රචණ්ඩ ලිංගික හිංසනයන් නවතාලීමට කිසිදු ක‍්‍රියා මාර්ගයක් ඔහු විසින් ගත් බවට කවර හෝ හැඟවුමක් නොමැත. සිරිසේන රජය යටතේත් පොලිසිය, යුද හමුදාව සහ හමුදා බුද්ධි අංශය විසින්  තව දුරටත් සිදු කෙරෙන පැහැරගැනීම් හා වධ බන්ධන පැමිණවීමේ අවස්ථා 36ක් ITJP සංවිධානය විසින් ලේඛණගත කොට ඇත. නව ආණ්ඩුව යටතේ ආරක්‍ෂක හමුදා විසින් වධ බන්ධන පැමිණවීම් පිළිබඳ පැමිණිලි 628ක් තමන් වෙත ලැබී ඇතැයි ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් ද පවසා තිබේ.  වැඩි දුර තොරතුරු සඳහා සිසිර මෙන්ඩිස් පිළිබඳ ITJP වාර්තාව බලන්න.

-    මෙලනි



2016-11-16
Advertisement

Find us on Facebook