English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


පැමිණිළි 19284කින් අසා ඇත්තේ 939ක් පමණයි


කොමිසමට නොයන ලෙසට මන්නාරම සිවිල් වැසියන්ට සී අයි ඞී මහතුන්ගෙන් අවවාද! බලපෑම් !!

යුද්ධය පසුබිම්කර ගනිමින් ශ‍්‍රි ලංකාවේ උතුරු හා නැගෙනහිර පළාත්වල සිදුවුණු පුද්ගල අතුරුදහන්වීම් පිළිබඳව විමර්ශනය කිරිම සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් පත්කළ කොමිසමට අගෝස්තු මස 15 වෙනි දිනට වසරක් පිරිණි.
 
වසරක කාලය තුළදී, ජනාධිපති කොමිසම වෙතට අතුරුදහන්වීම් පිළිබඳව සමස්ත පැමිණිළි 19284ක් ඉදිරිපත්වී ඇති අතර ඉන්, උතුරු හා නැගෙනහිර සිවිල් වැසියන් විසින් පැමිණිළි 14284ක් වශයෙන් ද, යුධ හමුදාව විසින් පැමිණිළි 5000ක් වශයෙන් ද ගොණුකර ඇත.

මෙම කොමිසම හරහා, 1983 සිට 2009 මැයි මාසය තෙක් කාල පරාසය තුළ දී සිදුවී ඇති පුද්ගල අතුරුදහන්වීම් සම්බන්ධයෙන් විමර්ශනය කෙරුණු අතර, වසරක අවසානයේදි කොමිසම වෙත ලැබී ඇති 19284 ක් පැමිණිළි අතරින් පුද්ගලයින් 1210 දෙනෙකු කැඳවා ඇති අතර පුද්ගලයින් 939 දෙනෙකු පමණක් කොමිසම ඉදිරියේ පෙනී සිටි බව වාර්තා වෙයි.

මෙම විමර්ශන කටයුතු සඳහා, ජනවාරි මාසයේදි කිළිනොච්චියේ දි ද, පෙබරවාරි මාසයේදි යාපනයේ දි ද, මාර්තු මාසයේදි මඩකළපුවේ දී ද, ජුලී මාසයේදි මුලතිව් හිදී ද, අගෝස්තු 08 සිට 10 තෙක් මන්නාරම දී ද කොමිසම කැඳවනු ලැබිණි.

කිළිනොච්චියේ පැමිණිළි සඳහා පුද්ගලයින් 154 දෙනෙකු කොමිසම ඉදිරියට කැඳවා තිබුණු අතර ඉන් පුද්ගලයින් 150ක් පෙනී සිට ඇත. යාපනයේ පැමිණිළි සම්බන්ධයෙන් පුද්ගලයින් 244 දෙනෙකු කැඳවා තිබුණු අතර ඉන් පුද්ගලයින් 180 දෙනෙක් පෙනී සිට ඇත. මඩකළපුවේ පැමිණිළි සඳහා පුද්ගලයින් 161 දෙනෙකු කැඳවා ඉන් පුද්ගලයින් 132දෙනෙකු පෙනී සිට ඇත. නැවතත් ජුනි මාසයේදි කොමිසම කැඳවු විට පුද්ගලයින් 196 කැඳවා ඉන් 195 දෙනෙකු පෙනී සිට ඇත. මුලතිව් හි දී සිදුකළ පැමිණිළි සඳහා පුද්ගලයින් 230 දෙනෙකු කැඳවා ඉන් 129 දෙනෙකු පෙනීසිට ඇත. අවසන්වරට මන්නාරම් දිස්ත‍්‍රික්කයේ පැවති කොමිසම හමුවට පුද්ගලයින් 225 දෙනෙකු කැඳවා තිබු අතර ඉදිරිපත් වී ඇත්තේ පුද්ගලයින් 153 දෙනෙකු පමණි.

එමෙන්ම, මන්නාරම පුරවැසි කමිටුවේ සභාපති ගරු සෙබමාලෙයි පියතුමා ප‍්‍රකාශ කළ ආකාරයට, කොමිසම ඉදිරියේ පෙනී නොසිටන ලෙසට සී අයි ඞී මහතුන් විසින් මන්නාරම දමිළ පුරවැසියන් හට අවවාද කර, අධෛර්ය කර, බලපෑම්කර ඇත.

කෙසේවෙතත්, මෙම කොමිසමද මෙතෙක් පැවති අනෙකුත් කොමිසම් මෙන්ම විශ්වාසය තැබිය නොහැකි, කිසිඳු ඵලක් නැති එහෙත් කාලය ,ශ‍්‍රමය හා මුදල් විශාල වශයෙන් නාස්ති කළ එක් කාර්යයක් ලෙසට මන්නාරම රදගුරු අති උතුම් රායප්පු ජෝශප් හිමිපාණන් මාධ්‍ය වෙත ප‍්‍රකාශ කළේය.

"මේක මිනිස්සුන්ට තමන්ගේ වේදනාවේ කතාන්දරය නැවත් වරක් ප‍්‍රකාශ කරන්නට ලැබුණු එක් අවස්ථාවක් පමණයි."යැයි  උන්වහන්සේ කීහ.



-MMP



2014-08-17
Advertisement

Find us on Facebook