English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


නාවික සෙබළා 20වෙනි දා තෙක් රිමාන්ඞ් !


පසුගිය අඟහරුවාදා එනම් අගෝස්තු 12 වෙනිදා මධ්‍යම රාත‍්‍රියේදි බලහත්කාරයෙන් නිවෙසෙකට ඇතුළු වී අනවශ්‍ය හිරිහැරයක් කරන්නට උත්සාහා කළ ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ නිළධාරියෙකු මේ මස 20 වෙනිදා තෙක් රිමාන්ඞ්කර ඇතැයි උතුරේ ආරංචි මාර්ග සඳහන් කරයි.

වඩමාරච්චි මුල්ලියාන් ප‍්‍රදේශයේ පදිංචි ධීවර පවුලක් මෙම සිදුවීමට මූලික වී ඇති බව වාර්තා වෙන අතර, පසුදින හිමිදිරි පාන්දරින් සිය ධීවර රැකියාව සඳහා පිටත්ව යෑමට නියමිතව ඇති හෙයින් සැමියා සිද්ධිය හටගත් දින රාත‍්‍රීයේ නින්දට ගොස් ඇත්තේ නිවෙසෙහි පිටත ඇති ස්තෝප්පුවේය.

බිරිඳ සුපුරුදු පරිදි නිවෙසේ ඇතුලත නිදන කාමරයේ නිදා සිට ඇති අතර හදිසියේම තමන් සමීපයේ කිසියම් පුද්ගලයෙකු සිටින බව දැනී ඇය කෑගසා ඇත. එහිදි නාවික භටයා විසින් ශබ්දය පිටනොවන ලෙසට ඇගේ මුව තදකර ඇයව පාලනය කරන්නට උත්සාහා කර ඇතිමුත් සිය බිරිඳගේ කෑගසන ශබ්දය ඇසී පිටත නිදා හුන් සැමියා වහා බිරිඳ සීටි කාමරයට ගොස් සිය බිරිඳට අතවර කරන්නට සැරසුණු නාවික සෙබළා අල්ලාගෙන ඇත.

බිරිඳගේ කැගැසීමේ ශබ්දයට අවට නිවෙස්වල පිරිස් ද එම නිවසට පැමිණ, සැමියා සමඟ එක්ව නාවික භටයා ගැටගසා පලාලි පොලිස් ස්ථානයට දන්වා ඇත. 
 
පසුව සිද්ධිය පිළිබඳව ආරංචිය ලැබුණු අදාළ නාවික හමුදා නිළධාරින් එම නිවෙසට පැමිණ සිද්ධියට මුල්වුණු නාවික සෙබළා මුදාහරින ලෙසට ඉල්ලා ඇති නමුත් නිවැසියන් හා අනෙකුත් පුද්ගලයින් විසින් එම ඉල්ලිම ප‍්‍රතික්‍ෂේප කර ඇත.

පාන්දර 1.00 ට පමණ පලාලි පොලීසියෙන් පැමිණ අදාළ නාවික සෙබළා අත්අඩංගුවට ගෙන, පසුවදා කිිලිනොච්චි දිස්ත‍්‍රික් උසාවියට ඉදිරිපත් කිරීමේදි විනිසුරුවරයා විසින් වැරදිකාර නාවික සෙබළා මේ මස 20වන දා තෙක් රිමාන්ඞ් කරන ලෙසට නියෝග කර ඇත.

දමිළ කාන්තාවට අතවර කරන්නට මැදියම් රාත‍්‍රියේදි නිවෙසට පැන්න නාවික සෙබළා නිදහස් නොකිරීම මත නිවැසියන්ට නාවික හමුදා අංශයෙන් බලපෑම් එල්ල වුණු බව ද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

ජායාරූපය  -  අන්තර්ජාලයෙනි
-MMP



2014-08-17
Advertisement

Find us on Facebook