English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


මහා පරිමාන දූෂණ වංචා විභාගයට විශේෂ අධිකරණයක අවශ්‍යතාවය අති මහත්!

යහපාලන ආණ්ඩුවෙන් තවමත් සමාජය ඉල්ලා සිටින්නේ මෙරට තුළ සිදුවු සහ සිදුවෙමින් පවතින මහා පරිමානයේ වංචා දුෂණ අපරාධ විභාග කළ යුතු බවත් ඒ සඳහා විශේෂ අධිකරණයක් මගින් ක‍්‍රියා කළයුතු බවත්ය.

අද (නොවැ 08) කොළඹදී පැවැති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් අපවත්වී වදාළ පළමු ගුණසැමරුම් උළෙල අවස්ථාවේදි ද උන්වහන්සේට කරනු ලබන බුහුමණක් වශයෙන් මේ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසට එම අවශ්‍යතාවය යළි යළිත් ඉදිරිපත් කෙරිණි. ඒ, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසිනි.

එහිදි සභාව ඇමතු සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසුරිය -   

"අප දිගින් දිගටම ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ බරපතල වංචා දුෂණ සහ අපරාධ සම්බන්ධ නඩු විශේෂ අධිකරණයක් මගින් විභාග කිරිම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසයි. සෝභිත හිමියන් මෙලොවින් සමුගෙන වසරක් පිරෙන අද දින (නොවැ 08) මා ජනාධිපතිතුමාගෙන් හා අගමැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා උන්වහන්සේට කරන බුහුමනක් ලෙස විශේෂ අධිකරණයක් කඩිනමින් ස්ථාපිත කරන ලෙස. ඒ සඳහා විදේශ ආයෝජන අවශ්‍ය නැහැ. පාර්ලිමේන්තුවේ 2/3 ක කැමැත්ත අවශ්‍යවන්නේත් නැහැ. 2016 ජනවාරි 08 වනදාට ප‍්‍රථම සෝභිත හිමියන්ට බුහුමනක් ලෙස විශේෂ අධිකරණයක් ස්ථාපිත කරන ලෙස මා සියලූ නීතිගරුක පුරවැසියන් වෙනුවෙන් මේ අවස්ථාවේ ආයාචනා කර සිටිනවා.”  

දුෂණවලට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරනු ලබන ආයතනවලට වැඩි බලතල ලබාදිය යුතු බවට අවධාරණය කළ ආචාර්ය සරත් විජේසුරිය මෙසේ ද කීය –

 "නීතිය යුක්තිය මුදල් ඇති කෙනාට හා නැති කෙනාට දෙවිදිහක්. ප්‍රාථමික පොලිස් ක්‍රමය නවීන පොලිස් ක්‍රමයක් බවට පත්කිරීමට කටයුතු කළ යුතුයි. දූෂණ වංචා මැඩලීමට නීතිපති දෙපාර්තමේන්තුවේ සංයුතිය දෙගුණයක් කළ යුතුයි. අල්ලස් හෝ දූෂණ මැඩපැවැත්වීමට කොමිසමක් පිහිටුවිය යුතුයි. හොංකොං දුෂණ පිටුදැකීමේ ආයතනය මෙන් එය බලතල සහිත විය යුතුයි." යැයි මහාචාර්යවරයා සඳහන් කළේය.

"ආණ්ඩුව සමග ගැටුමක් නැහැ. යහපත් දේශපාලන සංස්කෘතියක් ඇති කළ යුතුයි. වචන සංග්‍රය පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ජනවාරි 8 පෙරළිය යහපත් දේශපාලන තත්වයක් ඇති කිරීමයි. ඒ සඳහා ආණ්ඩුවේ කැපවීම නොපෙන්වීම තුළින් අර්බුදයක් දක්වා ගමන් කිරීම වළක්වන ලෙස ප්‍රධාන දේශපාලනඥයින් දෙදෙනාගෙන්ම ඉල්ලා සිටිනවා." යනුවෙන් සාධාරණ සමාජයක් සඳහාවන ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය වැඩිදුරටත් කියා සිටියේය.

සැමරුම් උළෙල සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක ආර් සම්බන්ධන් සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඇතුළු සිවිල් ක්‍රියාධරයන් රැසක් සහභාගී වී සිටියහ.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසිනි මෙම ගුණානුස්මරණ උළෙල සංවිධානයකර තිබිණි.


උපුටා ගැනීම් බීබීසි සංදේශය
- මෙලනි




2016-11-08
Advertisement

Find us on Facebook