English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


උතුර ගැන බලන්න ජාත්‍යන්තරයේ මැදිහත්වීමක් පතයි

වර්තමානයේදි උතුරේ සිදුවන සිදුවීම් පාලනය කිරිමට රජය අසමත්වී ඇති බවත් නොයෙක් සිදුවීම් සම්බන්ධයෙන් රජය ඉදිරිපත්කරන විසදුම් ගැන සෑහිමකට පත්විය නොහැකි බවත් එබැවින් උතුරේ සිදුවීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ මැදිහත්වීමක් අවශ්‍යයැයි උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සි වී විග්නේස්වරන් ප‍්‍රකාශ කරයි.

ඔහු මෙසේ ප‍්‍රකාශකර ඇත්තේ, බි‍්‍රතාන්‍ය රාජ්‍ය ආධාර යටතේ උතුරේ දියත්වන සුබසාධන කටයුතු පිළිබඳව සොයාබැලීම සඳහා නිරික්‍ෂණ චාරිකවක නිරත වන එක්සත් ජාතින්ගේ හා පොදුරාජ්‍ය මණ්ඩලීය කටයුතු පිළිබඳ බි‍්‍රතාන්‍ය නියෝජ්‍ය ඇමතිනි ඒන්ලි බැරන්ට් සමඟ යාපනයේදි පැවතී සාකච්ඡවකදිය.   
 
ප‍්‍රධාන අමාත්‍ය විග්නේස්වරන් තවදුරටත් පවසා ඇත්තේ, සිවිල් යුද්දය හා සම්බන්ධ යුධ අපරාධ හා සම්බන්ධයෙන් සිදුකර පරික්‍ෂණ සඳහා විදේස් විනිසුරුවන් යොදවා ගතයුතු බවට ඉල්ලා සිටින්නේද දේශිය පරීක්‍ෂණයන් පිළිබඳ විශ්වාසයක් තැබිය නොහැකි නිසා යැයි නියෝජ්‍ය ඇමතිවරිය හට පැහැදිළිකර ඇත.

එමෙන්ම, සිවිල් යුද්දයේ ප‍්‍රතිඵල ලෙසට වැන්ඹු කාන්තාවන් 30,000ක් පමණ උතුරු නැගෙනහිර පළාත්වල ජිවත්වන අතර ඔවුන් හට ජීවත්වීම උදෙසා නිසි වැඩපිළිවෙළක් තවමත් නැති බවත් ඔවුන් වෙනුවෙන් විශේෂ වැඩපිළිවළක් සැකසිය යුතු බවත් ප‍්‍රධාන ඇමති විග්නේස්වරන්, නියෝජ්‍ය ඇමතිනිය සමග ප‍්‍රකාශකර ඇත.

පිංතුරය   -   අන්තර්ජාලයෙන්
-    මෙලනි



2016-11-08
Advertisement

Find us on Facebook