English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


උතුරට පැමිණීමට බිය වන්න එපා - විපක්‍ෂ නායක
Image result for Images of R. Sambandan

උතුරු පළාත තුළ යම් යම් කලබලකාරි තත්ත්වයන් යළිත් හටගනීවී යැයි බියෙන් දකුණේ ජනතාව බොරු බියක් සිත්හි තබාගත යුතු නැතැයි පවසන විපක්‍ෂ නායක ආර් සම්බන්ධන් , සුපුරුදු පරිදි උතුරේ සංචාරය කරන ලෙසට දකුණේ ජනතාවට ආරාධනා කරයි.

උතුරු පළාතේ කිසිදු කලබලයක් ඇති නොවන වගට සහතිකයක් ලබාදෙන විපක්‍ෂ නායකවරයා, දෙමළ ජාතික සන්ධානය රට දෙකඩ කිරීමට කටයුතු කරන දේශපාලන පක්‍ෂයක් නොවන බැවින් කිසිවෙක් සිය පක්‍ෂය සම්බන්ධයෙන් කිසිදු බියක් ඇතිකර ගත යුතු නැති බව ප‍්‍රකාශ කළේය.  

කලබලකාරි තත්ත්වයන් ඇතිවේ යැයි යන බියෙන් දකුණේ ජනතාව උතුරට පැමිණීමෙන් වැළකී සිටින තත්ත්වයක් නිරික්‍ෂණය කිරිමට හැකි බව පෙන්වා දෙමින් විපක්‍ෂ නායකවරයා මෙසේ් ප‍්‍රකාශ කළේ දෙමළ ජනතා විමුක්ති පෙරමුණේ නායක නඬේෂපිල්ලේයි විද්‍යාදරන් විසින් ආරම්භ කරන ලද "කාලෙයි කදිර්" නැමැති  පුවත්පත දොරටවැඞීම නිමිත්තෙන් පැවති උත්සව අවස්ථාවේදිය.

පිංතුරය   -   අන්තර්ජාලයෙන්
-    මෙලනි




2016-11-06
Advertisement

Find us on Facebook