English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මාධ්‍ය වෘත්තියේ පළමු පාඩම යාපනය මහ ඇමතිගෙන් !


වගකීමෙන් තොරව මාධ්‍ය භාවිතා කිරීම තුළ තමන්ගේ ජීවිතයට තර්ජන එල්ල වු බවත් තමන්ගේ දකුණේ මිත‍්‍රයින් අහිමි වු බවත් උතුරු පළාත් මහ ඇමතිවරයා අවලාද නගමින්, මාධ්‍යවේදින් හට මාධ්‍ය වෘත්තියේ පළමු පාඩම සිහිගන්වයි.
 
ජනතාවට නිවරැදීවුත් සත්‍යවූත් තොරතුරු සැපයීම මාධ්‍යවේදියෙකුගේ වගකීම බව සිහිතබාගෙන සිය මාධ්‍ය වෘත්තියේ/සේවයේ නිරත වන ලෙසට යාපනය මහ ඇමති සී. වී. විග්නේස්වරන් අවධාරණය කරමින් මාධ්‍යවේදින්ගෙන් ඉල්ලා සිටියේය.
 
"උතුරු පළාතෙන් බුදු පිළිම ඉවත්කර ගන්නා ලෙසට මම නියෝග කලා කියලා දකුණේ ඇතැම් මාධ්‍යවේදීන් වැරදි සහ විකෘති කරන ලද ප‍්‍රවෘත්ති පළකලා. මේ පුවත් නිසා මගේ ජීවිතයට තර්ජන එල්ල වුණා, රජයෙන් ආරක්‍ෂාව ඉල්ලන්නත් සිදුවුණා." යැයි ඔහු ප‍්‍රකාශ කළේය.

ඉතා කල්පනාකාරිව වාර්තාකරණයේ යෙදෙන ලෙසට දමිළ මාධ්‍යවේදීන්ගෙන් ද ඔහු ඉල්ලා සිටියේය.

මහ ඇමති විග්නේ්ස්වරන් විසින් මාධ්‍යවේදින් වෙත මෙම ඉල්ලීම ඉදිරිපත් කළේ දෙමළ ජනතා විමුක්ති පෙරමුණේ නායක නඬේෂපිල්ලේයි විද්‍යාදරන් විසින් ආරම්භ කරන ලද "කාලෙයි කදිර්" නැමැති  පුවත්පත දොරටවැඞීම නිමිත්තෙන් පැවති උත්සව අවස්ථාවක් ආමන්ත‍්‍රණය කරමිනි.  

දෙමළ ජනතා විමුක්ති පෙරමුණ, එල්ටීටීඊ සංවිධානයේ හිටපු සාමාජීකයින්ගෙන් සැදුම්ලත් දෙමළ දේශපාලන පක්‍ෂයක් බව වාර්තා වෙයි.  

පිංතුරය  අන්තර්ජාලයෙන්

-    මෙලනි



2016-11-06
Advertisement

Find us on Facebook