English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


මුහුදෙනුත් මාළු අහිමි, කළපුවෙනුත් මාළු අහිමි මඩකළපු ධීවරයෝ!

මඩකළපු, කළපුවේ සිටින මිනීකන කිඹුලෙක්

පසුගිය මාසේ ආරම්භකල වාරකං සමයත් සමඟින් ලබන වසරේ පෙබරවාරි මාසය තෙක් මුහුදු ධිවරයින් හට රැකියාව අහිමිවී ඇති බවත් කිඹුල් තර්ජනයක් හේතුවෙන් කළපුවේ ධිවරයින් හට ද රැකියාව කරගන්නට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවත් එම හේතුවෙන් තමන් දැඩි ආර්ථික ප‍්‍රශ්නවලට මුහුණ දී ඇතැයි මඩකළපුව ධිවරයෝ පවසති. කිඹුල් ප‍්‍රහාරයකින් ධීවරයෙකුගේ එක් අතක් අහිමි වී ඇත. කළපු ධිවරයෝ 500 දෙනෙකු තර්ජනයට මුහුණ පා සිටිති.

"අපි දන්න සාස්තරේ මුදු යන්න මාළු අල්ලන්න විතරයි. වෙනත් රැකියාවල් කරන්න අපි දන්නෙ නැහැ. වාරකං කාලේ ඉවරවෙනකම් ඉතිං අපි ජීවත් වෙන්නෙ කොහොමද කියල අපි ම විතරයි දන්නෙ." යැයි මුහුදු ධීවරයෙකු අයිතියට කීවේය.

ඒ අතරම කළපු ධිවරයින් කිහිප දෙනෙකු කියා සිටියේ වසර ගණනාවක් තිස්සේ කළපුවේ රැකියාව කරගෙන ජීවත් වු ඔවුන්ට, මාස කිහිපයක සිට නිදහසේ රැකියාව කරගන්නට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවත්, එසේ වී ඇත්තේ මිනීකන කිඹුලන් කළපුව ආක‍්‍රමණය කර ඇති නිසා බවත්ය.

   කේ. අලෙකෙන්තිරාජා


මේ වෙන විටත් එක් කළපු ධිවරයෙක් මිනීකන කිඹුල් ප‍්‍රහාරයකට ලක් වී සිටින අතර ඔහුගේ වම් අත උරහිස අසළින් කිඹුලා ගලවාගෙන ඇත. ඇතැම් ධීවරයින් පවසන්නේ කිසිදු කිඹුල් තර්ජනයක් නොතිබුණු මඩකළපුවේ, කළපුවට මහින්ද රාජපක්‍ෂ රෙජිමය සමයේ කිඹුලන් ගෙනවිත් දැමීම හේ්තුවෙන් මේ වන විට කිඹුල් උවදුරක් උද්ගතවී ඇති බවයි.

මාස කිහිපයකට පෙර සිදුවු මෙම කිඹුල් ප‍්‍රහාරයට ලක්වී සිටින ධිවරයා 63 වියැති කේ. අලෙකෙන්තිරාජා වන අතර ඉන්පසුව ද නිතර කළපුව තුළ කිඹුලන් දකින්නට ලැබීම හේතුවෙන් කිසිදු කළපු ධිවරයෙකු රැකියාවේ නොයන බව ධිවරයෝ පවසති.
 

පිංතුරය  - මෙලනි

"දරුවන්ගේ කුසගිණි හැඞීම ඉවසා දරාගෙන ඉන්නට බැරිම තැන කළපුවට යන ධීවරයෙක් මිස, වෙන කිසිම ධිවරයෙක් දැන් කළපු රස්සාව කරන්නෙ නැහැ, මරණ බය නිසා."

  පිංතුර  - ෂශිිකරන් පුන්‍යමුර්ති
-    මෙලනි




2016-11-05
Advertisement

Find us on Facebook