English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


පමාවී හෝ නිවරැදි තීරණයක් ගැනීම ගැන සිවිල් සමාජ ප‍්‍රසාදය !
මහින්ද ගෝඨභය ජඩ පාලන සමයේ සිට බුද්ධි අංශ ප‍්‍රධානියා ලෙසට ක‍්‍රියාකළ බි‍්‍රගේඩියර් තුවාන් සුරේෂ් සලේ හමුදා බුද්ධි ප‍්‍රධානි තනතුරින් ඉවත් කර එම තනතුර ආරක්‍ෂාකර ගැනීමට පියවර ගැනීම සම්බන්ධයෙන් මෛත‍්‍රි රනිල් යහපාලන ආණ්ඩුව වෙත සිවිල් සමාජ ප‍්‍රධානින්ගේ ප‍්‍රසාදය හිමිව ඇත.

බි‍්‍රගේඩියර් තුවාන් සුරේෂ් සලේ හමුදා බුද්ධි අංශ ප‍්‍රධානි තනතුරින් ඉවත්කොට බි‍්‍රගේඩියර් විජේන්ද්‍ර ගුණතිලක නව බුද්ධි අංශ ප‍්‍රධානියා ලෙසට පත්කිරීම යහපත් ප‍්‍රවනතාවයකි.

"මහදවල් මනුස්ස ඝාතනයක් සිද්ධ වුණාම ඒ පිළිබඳ තොරතුරු සොයාගන්නට බැරි බුද්ධි අංශයක් කොහොමද රටේ ආරක්‍ෂාව තහවුරු කරන්නේ ?රාජ්‍ය පාලකයින්ට, රාජ්‍ය පාලනයට පුර්ව ආරක්‍ෂක තොරතුරු ලබාදෙන්නෙ කොහොමද ? ඒ නිසා පහුවෙලා හෝ ආණ්ඩුවට යම්කිසි ආකාරයකට කල්පනාවක් පහළ වෙලා මේ බුද්ධි අංශයේ ප‍්‍රධානියා වෙනුවට වෙනත් පුද්ගලයෙකු පත්කර ගැනීම මම කලපනා කරන්නේ නීතිය, යුක්තිය සාධාරණය අපේක්‍ෂාකරන සමාජයක් වෙනුවෙන් ගත්ත වැදගත් තීරණයක් කියලා." එසේ ප‍්‍රකාශ කළේ යහපාලන ආණ්ඩුවක් බිහිකර ගැනීමෙහිලා පොදු අපේක්‍ෂකයා දිනවීම වෙනුවෙන් දරදිය ඇදි බුද්ධිමතෙක්/කණ්ඩායමක් වන සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසුරිය විසිනි. 



හිටපු බුද්ධි අංශ ප‍්‍රධානියා එම තනතුරින් ඉවත් කිරීම සම්බන්ධව මහාචාර්ය සරත් විජේසුරිය විසින් ප‍්‍රකාශ කරනු ලැබු අදහස් කිහිපයක් පහතින් දැක්වෙයිි.    

"ගෝඨාභය රාජපක්‍ෂ රාජ්‍ය ආරක්‍ෂක ලේකම්වරයා හැටියට කටයුතු කරන කාලේ ඔහුගේ අභිමථාර්ථ මුදුන් පමුණුවා ගැනීමට ගැලපෙන පුද්ගලයින්ව තමන්ට අවශ්‍ය වැදගත් ස්ථානවල ස්ථානගත කළා. එසේ ස්ථානගත කළ පුද්ගලයෙක් තමයි බුද්්ධි අංශයේ ප‍්‍රධානියා. ඔහු වර්තමාන ආණ්ඩුව පත්වුනාට පසුව දිගටම ඒ ධුරයේ රඳවා තැබීම තමයි පාලකයින් සිදුකළේ. දන්නා විධියට ලෝකයේ කිසිම රටක රාජ්‍ය බලය වෙනස් වුනාට පස්සේ බුද්ධි අංශයේ ප‍්‍රධානියා ලෙසට හිටපු පුද්ගලයාවම තබා ගැනීමේ සම්ප‍්‍රදායක් නැහැ."

"රාජ්‍ය පාලකයින්ට අවශ්‍ය වෙනවා තමන්ගේ රාජ්‍ය පාලනයට අවශ්‍ය නිවරැුදි තොරතුරු ලබාගන්නට. මේ පුද්ගලයා දිගින් දිගටම තබාගැනීමෙන් මේ ආණ්ඩුව ජනතාවට ලබාදුන්නු ප‍්‍රතිඥා ඉටුකිරීමට බරපතල බාධා පැමුණුනු බව ඉතා පැහැදිළි කරුණක්. ඊටත් වඩා වැදගත් දේ තමයි ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම්ව සිටි කාලයේ මෙරටේ සිදුවුණු දේවල්. මනුස්ස ඝාතන, මාධ්‍ය ආයතනවලට ගිනි තැබීම්, පැහැරගෙන යෑම්, අතුරුදහන් කිරීම් යනාදි දේ්වල් සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක කිරීමක් සිදුවුණේ නැහැ. ඒ විධියට අපරාධ සිද්ධවෙන බව , සිද්ධවු බව කලින් දැනගැනීමට හෝ නීතිය අභිමුවට කැඳවීමට හෝ ඒ බුද්ධිඅංශ ප‍්‍රධානියා අසමත් වීම බරපතල ප‍්‍රශ්නයක්. එවැනි පුද්ගලයෙක් කුමටද ?"
 
"රටේ සිදුවුණු මනුෂ්‍ය ඝාතන, මිනිස්සුන්ගේ නිදහස අහිමි කිරීම වැනි කටයුතු සම්බන්ධව අසංවේදි තත්ත්වයක තමයි ආරක්‍ෂක ලේ්කම්වරයා කටයුතු කළේ.  ඒ  නිසා අපිට සාධාරණ සැකයක් තිබුණා මනුෂ්‍ය ඝාතන, පැහැරගැනීම්, වධහිංසා කිරීම් කියන දේවල් යම් ආකාරයකට රජයේ හමුදාවල සමහර පුද්ගලයින් යොදවා සිදුකළ බව. එසේ සිදුකළේ නැත්නම් බුද්ධි අංශයට හැකියාව තියෙන්නට  ඕනේ ඒ ශාපරාධි මනුෂ්‍ය ඝාතන පිළිබඳ නීතිය ක‍්‍රියාත්මක කිරීමට. එසේ නීතිය ක‍්‍රියාත්මක කිරීමක් සිදුවුණේ නැහැ. ලෝකප‍්‍රකට අපරාධ පිළිබඳ ගවේෂණය කරලා ඉතා කෙටි කාලයකින් බුද්ධි අංශවල ක‍්‍රියාකාරීන් සාධාරණය යුක්තිය ඉටුකිරීමට කටයුතු කරනවා. එසේ කරන්නට හැකියාව තිබෙන නිළධාරීන් අපේ රටේත් සිටින බවයි අපේ විශ්වාසය." යැයි මහාචාර්ය සරත් විජේසුරිය ප‍්‍රකාශ කළේය.  


ස්තුතිය :  හඬ පටය උපුටා ගැනීම - ගගන
-    මෙලනි



2016-11-04
Advertisement

Find us on Facebook