English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ඔහු අකමැති මිනීවළ හෙට සිට හෑරේ !

 
ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරයෙකු හා ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ උප සභාපතිවරයෙකු වන, නැගෙනහිර පළාත භාරව සිටී එල්ටීටීඊ නායක කරුණා අම්මාන් හෙවත් විනයාගමුර්ති මුරලිදරන් විසින් දැඩි විරෝධතාවක් එල්ලකරමින් තිබෙන නැගෙනහිර කාත්තන්කුඩි සමුහ මිනිවළෙහි කැණීම් කටයුතු හෙට එනම් අගෝස්තු 18 වන දා ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වෙයි.

ජූලී මස පළමුවෙනිදා කලවංචිකුඩි සංචාරක මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් මෙම සමූහ මිනීවළෙහි කැණීම් කටයුතු ආරම්භ කරන ලෙසට දින නියම කරමින් නියෝගයක් නිකුත් කළේය.

මෙම සමුහ මිනීවළ තුළ මුස්ලිම් ජාතිකයින් 150කට අධික පිරිසකගේ සිරුරු ප‍්‍රමාණයක් මිහිදන් වී ඇතැයි සැක පළකරන අතර, පුද්ගලයින් අතුරුදහන්වීම් පිළබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසමට මේ පිළිබඳව පැමිණීළි
163 ක් ලැබී ඇත. පුද්ගලයින් 54 දෙනෙකු මේ පිළිබඳව පොලීසියට ප‍්‍රකාශ ලබාදී ඇත.

1990 වසරේදි අම්පාර මඩකළපු මාර්ගයේ ගමන්කරමින් සිටී මුස්ලිම් වැසියන් පිරිසක් රැගෙනවිත් මෙහිදි ඝාතනය කරන්නට ඇතැයි සැක කරයි.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක අජිත් රෝහණ මහතාට අනුව, අපේ‍්‍රල් මාසයේ දී කාත්තන්කුඩි ප‍්‍රදේශයේ නිවැසියෙකු වන අබ්දුල් මජීඞ් මොහොමඞ් යන අය විසින් මෙම සමුහ මිනීවළ පිළිබඳව කාත්තන්කුඩි පොලිසියේ පැමිණිල්ලක් දමා ඇත.එම පැමිණිල්ලට අනුව පරීක්‍ෂණ කටයුතු ආරම්භකර ඇත.

මෙම අවධියේදි එල්ටීටීඊ සංවිධානයේ නැගෙනහිර පළාත භාර ප‍්‍රධානියා ලෙසට කටයුතු කර ඇත්තේ වර්ථමානයේදි ප‍්‍රධාන දේශපාලන ධාරාවේ සැළකිය යුතු වගකීමක් දරණ  රාජ්‍ය විරෝධී එල්ටීටීඊ සංවිධානයේ නායකයෙකු වු කරුණා අම්මාන්ය.

ඡයාරූපය  -  අන්තර්ජාලයෙනි
-MMP



2014-08-17
Advertisement

Find us on Facebook