English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


යාපනය සිසු ඝාතනය - වන්දි දෙන්නේ කොමිසමේ නිර්දේශ අනුව!
ජීවිතක්‍ෂයට පත් සිසුන් දෙදෙනා
යාපනයේ කන්කසන්තුරේ දි යතුරුපැදියකින් ගමන්කරමින් සිටිය දී පොලිස් වෙඩි පහරින් ජිවිතක්‍ෂයට පත්වුයේ යැයි කියනු ලබන යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනා වෙනුවෙන් විශේෂ කොමිසමක් පත්කිරීමටත් එකී නිර්දේශ අනුව ඔවුන්ට වන්දි ලබාදීමටත් ඊයේ නොවැ 01 සිය නියෝජිතයින් හා දිර්ඝ සාකච්ඡාවක් පැවැත්වු ජනාධිපති සහ අගමැති එකඟ වු බව යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගම් නියෝජිත කන්දසාමි රජීබන් ප‍්‍රකාශකර ඇත.

ජීවිතක්‍ෂයට පත් සිසුන් දෙදෙනා වෙනුවෙන් මිලියන 10ය බැගින් වන්දි මුදලක් ඔවුන්ගේ පවුල්වලට ලබාදෙන ලෙසට විශ්ව විද්‍යාල නියෝජිතයින් විසින් ජනපති අගමැති සමඟ සාකච්ඡාවෙදි ඉල්ලා ඇත.

එම ඉල්ලීමට ප‍්‍රතිචාර දක්වා ඇති නායක දෙපළ පවසා ඇත්තේ නව කොමිසම මගින් ඉදිරිපත්කරනු ලබන වාර්තාවේ නිර්දේශයන්ට අනුකූලව වන්දි මුදල තීරණය කරනු ලබන බවයි. නව කොමිසන් වාර්තාව සතියක් ඇතුලත ලබාදීමට නියමිත බව ද කන්දසාමි රජීබන් පවසා ඇත.  

සිසුන්ගේ මරණ පිළිබඳ පොලිස් පරික්‍ෂණ අපක්‍ෂපාතිව සහ විනිවිද භාවයකින් යුතුව සිදුකිරීමට රජය කටයුතු කරන බවට ද අගමැතිවරයා විසින් පොරොන්දුවක් ලබාදි තිබේ.  

ජනාධිපති සහ අගමැති සමඟ කොළඹදී පැවැති මෙම සාකච්ඡාවට යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපතිනිය වසන්ති අරසරත්නම් ඇතුළු දහසය දෙනෙකු සහභාගි වි ඇත.
 
පිංතුරය - අන්තර්ජාලයෙන්

-    මෙලනි



2016-11-02
Advertisement

Find us on Facebook