English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


සංක‍්‍රාන්ති යුක්තිය වෙනුවෙන් රයිට් ටු ලයිෆ් !


සංහිඳියාව යනු කුමක්ද ? සංහිඳියාව වෙනුවෙන් ලැබෙන ප‍්‍රතිලාභ මොනවාද ? මෙම ක‍්‍රියාවලියට යොමුවන්නේ කෙසේද ? යන කාරණා පිළිබඳ වඩාත් පලදායි පුළුල් අවබෝධයක් ප‍්‍රජාවට ලබාදීම සඳහා රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය පියවර ගෙන ඇත.

පළාත් වශයෙන් සිදුකරුනු ලබන සංක‍්‍රාන්ති යුක්තිය පිළිබඳ දැනුවත් කිරීම සඳහා දකුණු පළාතේ දිස්ත‍්‍රික්ක තුනක් ආවරණය වන පරිදි ප‍්‍රජාව දැනුවත් කිරීමට තීරණය කර ඇති ගාල්ල මාතර හා හම්බන්තොට යන දිස්ත‍්‍රික්ක ඒ සඳහා තෝරාගෙන ඇත.

මාතර දිස්ත‍්‍රික්කයේ දැනුවත් කිරීම පසුගිය 29 වන සෙනසුරාදා මාතර Blue Ocean හෝටල් ශ‍්‍රවණාගාරයේදි පැවැත්වු අතර, දැනුවත් කිරීම සඳහා මානව හිමිකම් ක‍්‍රියාධරයින් 40 දෙනෙකු පමණ සහභාගි වු බව රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය ප‍්‍රකාශ කළේය.

සම්පත් දායකයින් වශයෙන්, දකුණු ආසියානු නීතිමය අධ්‍යන කටයුතු සඳහා ආසියානු මධ්‍යස්ථානයේ පර්යේෂණ සහයක නිලධාරිනී සරණි ගුණතිලක, රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ පිලිප් දිසානායක සමඟ ප්‍රසංග ප්‍රනාන්දු හා ඇන්තනී විනෝද් යන අය සහභාගී විඇත.

පිංතුරය - රයිට් ටු ලයිෆ්

- මෙලනි



2016-11-02
Advertisement

Find us on Facebook