English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


සාධාරණය ඉටුවෙන තාක් කල් !

පසුගිය දා (ඔක් 20දා) රාත‍්‍රියේදි යාපනය කොකුවිල් ප‍්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයක්  අසළ සිදුවු වෙඩි තැබීමෙන් මියගොස් සිටි යාපනය සරසවියේ සිසුන් දෙදෙනාගේ ඝාතනයට මෙතෙක් යුක්ති සාධාරණයක් ඉටුවී නැතැයි ප‍්‍රකාශ කරන යාපනය සරසවි සිසුහු අද (ඔක් 31දා) නැවතත් විරෝධතාවක් ආරම්භ කළ බව උතුරේ ආරංචි මාර්ග සඳහන් කළා.  

පොලිස් වෙඩිතැබීමෙන් ජීවිතක්‍ෂයට පත්වු සිය සඟයන් දෙදෙනා වෙත ඉටු වී ඇති කිසිඳු යුක්ති සාධාරණයක් නැතැයි පවසමින් සිසුහු, විශ්වවිද්‍යාලයට ඇතුළු විය හැකි සියළු දොරටු වසා දමා විරෝධතා ව්‍යාපාරයක් ආරම්භකර ඇත.

සිසුන් දෙදෙනාගේ මරණ සම්බන්ධ පොලිස් පරීක්‍ෂණ ඉතා මන්දගාමි ස්වරූපයකින් සිදුකිරීමත් , විශ්ව විද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය විසින් බලධාරින්ගෙන් කරන ලද ඉල්ලීම් වලට මෙතෙක් ප‍්‍රතිචාර නොලැබීමත් හේතුකොට ගෙන යළිත් මෙසේ විරෝධාතව ආරම්භ කළේ යැයි සිසුහු ප‍්‍රකාශකර ඇත.

අද දවසේ අදාළ දේශන නොපැවැත්වුණු බව  ද වාර්තා වෙයි.

මේ අතර, ප‍්‍රජාතන්ත‍්‍රවාදය , සාධාරණය, ස්වපාලනය දෙනවා කියමින් එයට ප‍්‍රතිවිරුද්ධ දේවල් කළාම මිනිස්සුගේ නැගී සිටීම වැළැක්විය නොහැකි බව, නව සමසමාජ පක්‍ෂයේ නායක වික‍්‍රමබාහු කරුණාරත්න කොළඹ පැවති මාධ්‍ය හමුවකදි ප‍්‍රකාශකර ඇත.

උතුරේ පවතින ගැටුම්කාරි තත්ත්වය සමනය කළහැකි වන්නේ දෙමළ ප‍්‍රශ්නවලට නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් මගින් නිසි ලෙසට දෙමළ ප‍්‍රශ්න ආමන්ත‍්‍රණය කළොත් පමණි යැයි ද වික‍්‍රමබාහු කරුණාරත්න ප‍්‍රකාශකර ඇත.

-    මෙලනි



2016-10-31
Advertisement

Find us on Facebook