English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


කැතයි , නින්දිතයි ! ආගමීක නායකයෙකු ලෙසට මට විනයක් තිබෙනවා. මා ඔවුන්ට සමාව දෙනවා !


අගෝස්තු මස 04 වෙනිදා, මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේ දි අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව විසින් පවත්වන්නට යෙදුණු සාමකාමී රැස්වීම කඩාලප්පල් කරන්නට පැමිණි බෞද්ධ භික්‍ෂූන්වහන්සේ ප‍්‍රමුඛ මැර කණ්ඩායම එල්ල කළ සාවද්‍ය ප‍්‍රකාශවලට පිළිතුරු දීමේ හා කරුණු පැහැදිළි කිරීමේ මාධ්‍ය සාකච්ඡවක්, අගෝස්තු මස 12 වෙනිදා කොළඹ, මරදාන පාතිමා දෙව්මැදුරු භුමියේ පිහිටා තිබෙන සමාජය හා සාමයික කේන්ද්‍රයේදි ම දී පැවැත්විය.

එහිදි, ගරු මාරිමුත්තු ෂත්‍යවේල් පියතුමා සහ විශාකා ධර්මදාස
මහත්මිය විසින්  මාධ්‍ය ආමන්ත‍්‍රණය කරමින් පැවසු අදහස් මෙසේ පළකරමු.

ගරු මාරිමුත්තු සත්‍යවේල් පියතුමා -  ඇන්ගලිකන් සභාවේ පුජක සහ අතුරුදහන්වුවන් පිළිබඳ සොයා බැලීමේ කමිටුවේ සාමාජික

සාමකාමීව පවත්වමින් සිටි ජනතා හමුවකට කිසිඳු අවසරයක් නොමැතිව එය කඩාකප්පල් කරදැමීමේ අභිලාෂයෙන් බලහත්කාරයෙන් කඩාවැඳුණු ආගමීක නායකත්වයකට විනයක් සදාචාරයක් නොතිබුණ ද තමන් ආගමීක නායකයෙකු වශයෙන් තමන්ට විනයක් සහ වගකීමක් තිබෙන බව ෂත්‍යවේල් පියතුමා ප‍්‍රකාශ කළේය. "ඔවුන්ට අවශ්‍යවුණා තවත් ආගමීක නායකත්වයක් ඔවුන්ගේ තත්ත්වයට ඇඳ වැටී විනයක් නැති මාර ක‍්‍රියාවන්වල නිරත වේවි කියා. අපි උත්සාහා කළා පිටතට ගොස් සාමකාමීව සාකච්ඡා කරන්න වුවත්, එහෙත් ඔවුන්ගේ බලහත්කාර කඩාපැනීම ගැන අපගේ විරෝධය පාමින් ඔවුන්ව විනයාණුකූලව පාලනය කරන්න සිදුවුණා. මන්ද ඔවුන්ගේ අවශ්‍යතාවය වුණේ අපි රැස්වීම පවත්වමින් සිටි බිමට බැස අපේ සාකච්ඡාවට වාඩිවෙන්නයි. වගේම කලබල ඇතිකරන්නයිි."

"ඒ මැර කණ්ඩායම මා පිළිබඳවත් අනෙක් මානව හිමිකම් ක‍්‍රියාධරයින් පිළිබඳවත් අමූලික බොරු කීවා. අපි දේශද්‍රෝහීන් කොටි ත‍්‍රස්තවාදින්ට උදව්කරන්නන් ලෙසට අපිව හැදින්වූවා. මා සභාවෙන් නෙරපා දමා ඇති අයෙකු සේ නම්කළා.  නමුත් මා සේවය කරන්නේ වේයන්ගොඩ ප‍්‍රදේශයේයි, ඒ ජනතාව සමග මා ඉතා හොඳින් සේවය කරනවා."
 
"සී එස් ආර් ආයතනය හොර ගුහාවක් ලෙසටයි ඔවුන් නම්කළේ. එහෙත් සී එස් ආර් මධ්‍යස්ථානය කියන්නේ සමාගම් පනත යටතේ ලියාපදිංචි කර තිබෙන , ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් විවෘත වී තිබෙන ජනතාවගේ අයිතීන් වෙනුවෙන් ක‍්‍රියා කරන සාමයික කේන්ද්‍රයක්."
 
"වෙන කාගේදෝ බලවේගයක උවමනාවට ආගමීක නායකයින් ලෙසට මෙසේ නින්දිත ලෙස හැසිරෙමින් අසත්‍ය තොරතුරු ප‍්‍රචාරය කිරීම පිළිබඳව දුකක් හා කණගාටුවක් ඇතිවෙනවා, එහෙත් ආගමීක නායකයෙකු වශයෙන් මා ඔවුන්ට සමාව දෙනවා."
 
විශාඛා ධර්මදාස මහත්මිය  -  යුද්ධයෙන් විපතට පත්වුවන්ගේ සංගමයේ සභාපතිනි
 

"2014 වසරේදි ශ‍්‍රි ලංකාවේ බුද්ධ සාශනයට කුමක් සිදුවී ඇත්දැයි ප‍්‍රශ්න කළ ඈ අතුරුදහන්වී සිටින තම දරුවන් වෙනුවෙන් කෑගැසීමේ අම්මලාගේ අයිතිය නැතිකිරීමට කිසිවෙකුටත් නොහැකි" යැයි ඇය ප‍්‍රකාශ කළේය. භික්‍ෂුවගේ සිවුර මුලීක වෙමින් මෙරට නිර්මල බුදු දහම මහත්වු විනාශයක් කරා ගමන් ගන්නා බව සඳහන් කළ ඇය, වාසි ලබාගැනීමේ අරමුණින් යුතුව නිර්ධය ලෙසට බුදුදහම පාවා දෙමින් සිටින බවට ඇය චෝදනා කළේය.
 
සාමකාමි රැස්වීමක් පවත්වන මෙවැනි ස්ථානයකට නොව, ඒ මැරයින් භික්‍ෂුන්වහන්සේලා කඩපනින්නට තිබුණේ නැටුම් නාඩගම්වලින් සමන්විත වු මෙවර දළදා පෙරහැරට බැව් ධර්මදාස මහත්මිය ප‍්‍රකාශ කළේය.

-MMP



2014-08-16
Advertisement

Find us on Facebook