English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


දෙමළ වැසියන් මත්පැනට හුරු කිරීමේ වෑයමක් !

 පිංතුරය - අන්තර්ජාලයෙන්

මඩකළපු දිස්ත‍්‍රික්කය තුළ වර්තමානයේදි මත්පැන් හල් 67ක් පවතින අතර ඉන් බලපත‍්‍ර සහිතව පවත්වාගෙන යනු ලබන්නේ මත්පැන්හල් 32 කි. ඉතිරි මත්පැන් හල් 35ම නීතිවිරෝධි ලෙසට බලවත් පුද්ගලයින් විසින් පවත්වාගෙන යනු ලබන බව වාර්තා වෙයි.

වර්තමානය වන විට මඩකළපු  දිස්ත‍්‍රික්කය තුළ ද මත්පැන් භාවිතයේ සීග‍්‍ර වර්ධනයක් පවතින බවත් එය මඩකළපු ජනතාව මුහුණ දෙන ව්‍යසනයක් බවත් මඩකළපුව රාජ්‍ය නොවන සංවිධාන සාමුහිකයේ සභාපති එස් ශිවයෝගනාදන් අයිතියට ප‍්‍රකාශ කළේය.

මත්පැන් භාවිතය අතින් මේ වන විට මඩකළපුව දිස්ත‍්‍රික්කය තෙවනි ස්ථානයේ පවතින බවත් නුවරඑළිය දිස්ත‍්‍රික්කය පළමු ස්ථානයේ සහ යාපනය දිස්ත‍්‍රික්කය දෙවන ස්ථානයේ පවතින ලෙසටත් වාර්තාගත වන බවයි ඔහු පෙන්වා දුන්නේ.



"අවසර නොලද මත්පැන්හල් සියල්ලක්ම ස්ථානගතවෙලා තියෙන්නේ ජනාවාස තුළ හෝ ආගමීක ස්ථාන අසළ. මේක මහා ව්‍යසනයක් අපේ දිස්ත‍්‍රික්කයට. මිනිස්සුන්ගේ ජීවිතවලට මහා තර්ජනයක්. මේ මත්පැන්හල් පිටුපස ප‍්‍රබල පුද්ගලයෝ ඉන්නවා. බලන්න, දමිළ මිනිස්සු වැඩිපුරම ජීවත්වෙන දිස්ත‍්‍රික්කවල මේ මත්පැන් අලෙවියේ වර්ධනය.... නුවරඑළිය එක. යාපනය දෙක. මඩකළපුව තුන. මේ මත්පැන් හල් වලින් මිනිස්සුන්ගේ ජීවිත විනාශ කරනවා. ඉතිං අපිට  ඕනේ ජිවිත විනාශවෙන දේවල් නෙවෙයි. කඩාවැටුණු ජීවිත ගොඩනංවන දේවලූයි." යැයි එස් ශිවයෝගනාදන් අයිතියට කීහ.

වෙනත් දිස්ත‍්‍රික්කවලට ලබාදුන් මත්පැන් අලෙවි හල් බලපත‍්‍රය පාවිච්චිකර මඩකළපුව දිස්ත‍්‍රික්කය තුළ ඇතැම් මත්පැන් අලෙවි හල් වර්තමානයේදි පවත්වාගෙන යන බව වෙනත් පුද්ගලයින් කිහිප දෙනෙකු ද අයිතියට පැවසීය.
 
පිංතුරය සහ සටහන මෙලනි



2016-10-31
Advertisement

Find us on Facebook