English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


දෙමළ ජනයාට දකුනෙන් දෙන පණිවිඩය



1977, 1979, 1981 සහ අවසානයේ දී 1983 යනාදී වශයෙන් මෙරට දෙමළ ජනයා ඉලක්ක කර ගනිමින් පැන නැගුණ වාර්ගික ගැටුම්හි දී දක්නට ලැබුණූ  මහා පොදු සාධකයක් තිබුණි. එනම් ප්‍රහාරයන්ට ලක්වන දෙමළ ජනයා  තාවකාලික හෝ සදාකාලික වශයෙන් උතුරු නැගෙනහිර පලාත් කරා පිටත් කර යැවීමයි. කුප්‍රසිද්ධ 1983 කළු ජූලියෙහි දීඑම පිළිවෙත ඉස්මත්තටම ගියේ යග ජීවිතාරක්ෂාව පතා දකුණු පෙදෙස්හි සරණාගත කඳවුරු ගත වූ දෙමළ ජනයා විශේෂ දුම්රිය සහ නැව් මගින් පිටත් කර යවන ලද්දේ උතුරු නැගෙනහිර බලා ය.

එම පිළිවෙත මගින් ලංකාන්ඩුව පිළිගත් එක් සත්‍යයක් වියග එනම් වර්ගවාදී ප්‍රහාරයන්ගෙන් ගැලවී ජීවත්වීම පිණිස දෙමළ ජනයා උතුරු නැගෙනහිරට යා යුතු බවයිග  වෙනත් වචනයෙන් කියන්නේ නම් දෙමළ ජනයාගේ ආරක්ෂා සහිත වාසස්ථානය උතුරු නැගෙනහිර බවය.

දැන් 1983 කළු ජූලියෙන් තිස් දෙවසරකට පසු යලිත් එම පිළිවෙතම එපමණ පරිමානයෙන් නොවෙතත් පණ ගැන් වී තිබේ.

පසුගිය දෙතුන් මස තුළ සිදුවුනු කරුණු ගණනාවක් මගින් දෙමළ ජනයාට පැහැදිළි පනිවිඩයක් ලංකාන්ඩුවල එහි ආරක්ෂක අංශ  සහ එහි බළල් අත් විසින් ලබා දි තිබේ.

දේශපාලන උනන්දුවක් සහිත බොහෝ දෙනා දැනටමත් අසා තිබෙන්නට ඉඩ ඇති පරිදි සිය වෘත්තීමය තත්වය වැඩි දියුණු කර ගැනීම පිණිස පසුගිය තෙමස තුළ දකුණට පැමිණි උතුරෙහි දෙමළ ජනමාධ්‍යවේදීන් තෙවතාවක්ම ආපසු උතුරට බලහාත්කායෙන් පළවා හරින ලදී.

දෙමසතට පෙර පොළොන්නරුව .ඩියර් පාක්. හෝටලයේ පැවැත්වීමට නියමිත වූ දෙමළ ජනමාධ්‍යවේදීන්ගේ වැඩ මුළුවට තර්ජනය තරන ලද්දේ යුද හමුදා ප්‍රධානින් විසින් බව හෝටල‍‍යේ කළමනාකරුගේ සාක්ෂියෙන් තහවුරු වියත එම තර්ජනය එල්ල කරන ලද්දේ මඩකළපුවේ යුද හමුදා ප්‍රධානියා විසිනි. ශ්‍රී ලංකාවේ යුද හමුදාව අන්තර් ජාතික වශයෙන් මුහුණ දෙමින් සිටින මානව හිමිකම් චෝදනා පසුබිමෙහි ප්‍රාදේශීය හමුදා නායකයකු එවැනි බිය ගැන්වීමක් සිය උවමනාවට කරනු ඇතැයි සිතිය නොහැකි ය.  ඉහළින් ලද අනුබලය සහ ආරක්ෂාව පිළිබඳ සහතිකය නොවන්නට මඩකළපුවේ හමුදා නායකයා මෙවැනි තීරණයක් ගන්නේ නැත.

ආරක්ෂක අංශයන්හි ඉහළ යනු එකම එක පුද්ගලයෙකි. ඒ ගොඨාභය රාජපක්ෂ ය. ඔහුගේ අනුදැනුම නොමැතිව  මෙවැනි ක්‍රියාදාමයකට ආරක්ෂක අංශ පිරිස් යොමුවනු ඇතැයි සිතීම උගහට ය.

පොළොන්නරුවෙන් පසු මීගමුවේ දී ද ඉන් පසු මහ රැයෙහි කොළඹ ගලධාරී හෝටලයේ දී ද උතුරෙන් ආ දෙමළ ජනමාධ්‍යවේදීහු පසු පසු පොළොන්නරුවෙන් පටන් ගත් අවතාර පැන්නූහ.

මෙම ප්‍රචන්ඩකාරී බියවැද්දවිම් සම්බන්ධයෙන් ලංකාන්ඩුව කිසිදු පියවරක් ගත්තේ නැතග වාර්ගික සමගිය බිදවැටෙන ජංගම දුරකථන කෙටි පණිවිඩ යැවී යැයි මුස්ලිම් තරුණයින් අත් අඩංඟුවට ගන්නා ආන්ඩුව අඩුම වශයෙන් එම කළ කළඑළියේ දෙමළ ජනමාධ්‍යවේදීන්ට එරෙහිව සිදු වූ  එකී ප්‍රචන්ඩකාරී ක්‍රියා හෙළා දැක්කේ හෝ නැත. ජනමාධ්‍ය ඇමැති රඹුක්වැල්ල උතුරෙහි ජනමාධ්‍යවේදීන්ට සිදු වූ හිර හැර ගැන කටක් ඇරියේ නැත. එමගින් පෙන්නුම් කරන ලද්දේ ලංකාන්ඩුව සහ ප්‍රචන්ඩකාරීන් අතර ඇති සම්බන්ධය යි.  ඔවුන්ට ඇති ආන්ඩුවේ අනුබලය යි.

පොළොන්නරුව ජනමාධ්‍ය වැඩමුළුවට එල්ල වූ  හමුදා තර්ජනයෙන් කියැවුනේ වැඩ මුළුව නතර නොකළ හොත් බෞද්ධ භික්ෂුන් පැමින එයට පහර දෙනු ඇති බවයි. මේ ඊනියා ‍බෞද්ධ භික්ෂුන් යනු නානසාර නිකායේ ප්‍රහාරක බලකායන් බව නොදන්නා අයකු සිටිය නොහැකි ය. එම ප්‍රකාශයෙන් පෙනී ගියේ නානාසාර නිකාය සහ ආරක්ෂක අංශ අතර ඇති අනොන්‍ය අවබෝධය යි.

මෙයට පෙර ද මෙම තීරුවෙහිම සාකච්ජා කර ඇති නමුත් මෙම වැඩමුළු කඩාකප්පල් කර දෙමළ ජනමාධ්‍යවේදීන් ආපසු පළවා හැරීමෙහි ආරක්ෂක හමුදා භුමිකාව තේරුම් ගැනීම දැන් වඩාත් වැදගත්කමක් ගෙන තිබේ. මන් ද යත්  ජූලි අගදී ශ්‍රී ලංකා ජනමාධ්‍ය ආයතනයෙහි පැවැත් වීමට නියමිතව තිබූ යාපන ජනමාධ්‍යවේදීන්ගේ වැඩමුළුව බියගැන්වීමත් ඊයේ පෙරේදා උතුරෙහි සිට පැමිණි අතුරුදහන්වූවන්ගේ ඥතීන් බිය ගැන්වීමත් යන සියළු සිදුවීම්  එකම ක්‍රියා දාමයක් බව දැන් පැහැදිළි නිසා ය.

ජූලි අග  දී කොළඹ ශ්‍රී ලංකා ජනමාධ්‍ය ආයතනය ඉදිරිපිටට පැමිණල උතුරෙන් පැමිණි ජනමාධ්‍යවේදීන්ගේ වැඩමුළුව පැවැත් වුවහොත් .තමන් නරක ළමයින් කියන්නට එපා. යැයි මෙගෆෝනයකින් තර්ජනය කර කළහකාරි පිරිස අතර දෙමළ ජනමාධ්‍යවේදීන්ගේ මීගමුවේ වැඩමුළුව බිය ගැන්වීමට ආ පිරිස් වූහ. මීගමුවේ වැඩ මුළුව යනු හමුදා තර්ජනයෙන් නතර කරන්නට සිදු වූ පොළොන්නරුවේ වැඩමුළුව ම ය.  සාමාන්‍ය දැනිමට අනුව වුව පෙනී යනු ඇත්තේ මළකළපු හමුදා නායකයා කළ තර්ජනය මීගමුවෙහි  දී ක්‍රියාත්මක කළ පිරිස් දැන් ශ්‍රී ලංකා ජනමාධ්‍ය ආයතනය කරා ද පැමිණ ඇති බවයි.

ජූලි අග සතියෙහි එම වැඩමුළුව කරා පැමිනෙමින් සිටි යාපන ජනමාධ්‍යවේදීන් පසු පස  හඹා එමින් දිගින් දිගට ම බිය ගැන්වීම් සහ බාධා කළේ ද ආරක්ෂක අංශ පිරිස් ය.

පොළොන්නරුවෙහි සිට ශ්‍රී ලංකා ජනමාධ්‍ය ආයතනය දක්වා සිය වෘත්තීය සුදුසුකම් වැඩි දියුණු කර ගැනීමට පැමිණි දෙමළ ජනමාධ්‍යවේදීන්ට ආරක්ෂක අංශ සහ ඊට සම්බන්ධ බව පෙනෙන පිරිස් විසින් දෙන ලද පනිවිඩය කුමක් ද? ඒ අන් කිසිවක් නොව 1983 දී දෙන ලද පනිවිඩයම යග  එනම් දෙමළ ජනමාධ්‍යවේදීන්ට දකුනෙහි ආරක්ෂාවක් නැති බව ය. පොළොන්නරුවල මීගමුව සහ ගලධාරී හෝටලය මෙන්ම ශ්‍රී ලංකා පුවත් පත් ආයතනය යන සියළු තන්හිදීම තර්ජනයට ලක්වූ දෙමළ ජනමාධ්‍යවේදීන් වහාම යාපනයට යැවීම හැර වෙනත් විකල්පයක් නොතිබුණි.

දෙමළ ජනයාට විමුක්තිය ගෙනෙන බව කී යුද්ධය අවසන් වී පස් වසරකට පසුත් ඇසෙන්නේ 1983 දෝංකාරයම ය‍.

කතාව අවසන් නැත.

දෙමළ ජනයාගේ අයිතීන් ගැන කතා කරන පිරිස්වලට ‍දකුණෙහි ආරක්ෂාවක් නැති බව පෙන්නුම් කළ  මෑතම සිදුවීම නම් සමාජ සහ සාමයික කේන්ද්‍රයහි රැස්ව සිටි උතුරුකරයෙහි අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ට ලංකාන්ඩුව විසින් දෙන ලද භයානක පණිවිඩ ය යි.

එම රුස්වීමට බලයෙන් ඇතුළු වූ නානාසාර නිකායේ සංඝයා සහ ආවතේවකරුවන් පිළිබඳව දැන් ඇති තරම් ලියැවී තිබේ. ජායාරුපමය සාක්ෂි විසින් ‍‍එම සංඝයාගේ මැරවර දාමරික  හැසිරීම මොනවට පෙන්නුම් කරයි.

ඊටත් වඩා වැදගත් වන්නේ එම සංඝයා විසින් නායකත්වය දෙන ලද දාමරික පිරිස් සාධාරණ කරමින් ශ්‍රී ලංකාන්ඩුව විසින් නිකුත් කරන ලද නිවේදනය යි. ජී.එල්. පීරිස් ගේ විදේශ කටයුතු අමාත්‍යාංශය නමින් නිකුත් කරන ලද එම නිවේදනය කියා සිටියේ නානාසාර නිකායේ සංඝයා සහ දාමරිකයින් එම රුස්වීමට පැමිණ ඇත්තේ .අතුරුදහන්වූවන්. සම්බන්ධ සංවිධානයක් ලෙස බවයිග එම නිවේදනය සංඝයා ප්‍රමුක දාමරික පිරිස පිළිබඳව සදහන් කරන්නේ සඟවා ගත් ආඩම්බරයකිනි. එපමණක් නොව එම නිවේදනය උතුරෙහි ජනයාට කොළඹට පැමිණ සිය දුක්ගැනවිළි සාකච්ජා කිරීමට ඇති අයිතිය පිළිගන්නේ ද නැත.

අවසානයේ දී එම දෙමළ ජනයාට ද සිය ආරක්ෂාව පතා ආපසු උතුරටම යාමට සිදු වියග.

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට අතින්ම ලිපියක් බාර දුන් ආරක්ෂක හමුදා පෙනුමැති මැර හමුදාව එහි කියා තිබුණේ දෙමළ ජනමාධ්‍යවේදීන්ගේ වැඩමුළුව පැවැත්වුව හොත් එයට ප්‍රහාරයක් එල්ල කරන බව ය. එම දාමරික පිරිස තවදුරටත් කියා සිටියේ  ඊළඟ වතාවේ දකුණට පැමිණිය හොත් දෙමළ ක්‍රියාධරයින්ට .අබ සරණ. බව ය.

ඉතින් පනිවිඩය පැහැදිළි නැත් ද? සිය  අයිතීන් ගැන කතා කිරීම‍ට දෙමළ ජනයාට දකුණෙහි අවසරයක් නැත. යුද්ධාවසානයෙන් පස් වසරකට පසු දෙමළ ජනයා ලබා ඇති විමුක්තියේ තරම ය.




සුන්නද දේශප්‍රිය



2014-08-15
Advertisement

Find us on Facebook