English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


දිගු නඩු විභාගයක තීන්දුව හෙට !
විශ‍්‍රාමික ගුරුවරයකු වන කේ ඒ හේමසිරි මහතාට 2009 වසරේ දෙසැම්බර් 19 වන දින  හක්මන නගරයේදී හක්මන පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් සිදු කල අවමන් සහගත අමානුෂික වධහිංසාවට එරෙහිව, නඩු අංක HC / 57 2014 යටතේ මාතර මහාධිකරණයේ , දිගුකාලීනව විභාග වෙමින් පැවති නඩුව සඳහා, හෙට දිනයේ එනම් ඔක් 25දා, එහි තීන්දුව ලබා දීමට නියමිතව ඇත.


කේ. ඒ. හේමසිරි මහතා

කේ. ඒ. හේමසිරි යන අය තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමග 2009 වසරේ සරත් ෆොන්සේකාගේ මැතිවරණ ව්‍යාපාරයේ පෝස්ටර් අලවමින් සිටියදි හක්මන පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු තවත් පොලිස් නිළධාරීන් කිහිප දෙනෙකු පැමිණ පහර දී ඇත.  

එසේම හක්මන පොලීසියේ මෙම ක‍්‍රියා කලාපයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු අංක  FR 12/2010 යටතේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග වෙමින් පවතී. එම මුලික අයිතිවාසිකම් නඩුව පසුගිය ඔක් 07 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ කැඳවු අවස්ථාවේදි පෙත්සම්කරුගේ පාර්ශවයෙන්  අධිකරණය වෙත දන්වා සිටියේ මහාධිකරණයේ මේ සම්බන්ධයෙන් විභාගවන නඩුව, අවසාන අදියරට ලඟාවී ඇති බැවින් එම නඩුවේ තීන්දුව ශ්‍රෙෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කාලය ලබාදෙන ලෙසයි.

එම ඉල්ලීම පිළිගත් ශ්‍රේෂ්ඨාධීකරණය , ඒ සඳහා ලබන වසරේ මාර්තු 14වන දින තෙක් කාලය ලබාදුණි.

හිරෝෂන් ලක්ෂාන්  -  රයිට් ටු ලයිෆ් නීති අංශය

- මෙලනි





2016-10-24
Advertisement

Find us on Facebook