English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


නීතියට පටහැනි වෙඩිතැබීමේ සංස්කෘතියට එරෙහිවෙමු - කොළඹ කොටුවේදී !
පසුගිය බ‍්‍රහස්පතින්දා රාත‍්‍රියේ්දි යාපනය කොකුවිල් ප‍්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයක්  අසළ සිදුවු යාපනය සරසවියේ සිසුන් දෙදෙනාගේ ඝාතනයට යුක්තිය ඉටුවිය යුතුය. යුක්තියට ගරුකරන, යුක්ති සාධාරණය ඉල්ලා සිටින සියලූදෙනා ඒකරාශිව ඊට එරෙහි විරෝධය දැක්විය යුතුය. මාධ්‍ය හා සිවිල් සිංවිධාන එකතුව විසින් සංවිධානය කරනු ලබන විරෝධතාවක් අද (ඔක් 24) පස්වරු 4.00 කොටුව දුම්රියපොල ඉදිරිපිටදි පැවැත්වෙන අතර ඊට සහභාගි වී, සිසුන් දෙදෙනාගේ ඥාතීන් වෙත සංවේදි බවත් , ජඩ වෙඩි තැබීමට විරෝධයත් , සිසුන් දෙදෙනා වෙත යුක්තියත් ඉල්ලා සිටිමු.



යතුරුපැදියකින් ගමන්කරමින් සිටයදි, කොකුවිල් කුලප්පිට්ටි ප‍්‍රදේශයේ පොලිස්් මාර්ග බාධකය ආසන්නයේදි හදිසි අනතුරකින් මිය ගිය බවට ප‍්‍රකාශකරන එම සිසුන් දෙදෙනාගෙන් එක් සිසුවෙකුගේ ශරීරයෙහි වෙඩි උණ්ඩ තිබූ බව එම සිසුවාගේ පියා ප‍්‍රකාශකර ඇත. "මගේ පුතාගේ ඇගේ තිබිලා වෙඩි උණ්ඩ හමුවෙලා. පරීක්‍ෂණ කරන්න. යුක්තිය ඉෂ්ඨකරන්න." යැයි එකී පියා ඉල්ලා සිටියි.
 
මෙවැනි අසාධාරණ ඝාතන කුමන ප‍්‍රදේශයක කවර පුද්ගලයෙකු වෙත එල්ලවුවද ඒවා අනුමත කළ නොහැකි අතර මෙම ඝාතන සංස්කෘතිය නිමකළ යුතුව ඇත. ඒ සඳහා පුරවැසියන් ම බුද්ධිමත්ව සිය බලය පෙන්වමින් පෙරමුණ ගත යුතුව ඇත.
 

පොලිස් අණ හෝ හමුදා අණ නොතකා පලායන්නෙකු/කණ්ඩායමක් කෙසේ මර්ධනය කළ යුතු ද ? එසේ පලායන්නෙකු/කණ්ඩායමක් කෙසේ අත්අඩංගුවට ගතයුතු ද ? යන්න පොලීසිය / හමුදාව නොදන්නේම ද ?  

ආයුධ සන්නද්ධව සිටිමින් නීතියට එරෙහිව ගොස් නිරායුධ පුද්ගලයින් ඝාතනය කිරීම පිළිබඳව පොලීසිය වේවා, හමුදාව වේවා, කවර හෝ නීිතිය ක‍්‍රියාත්මක කරවන්නෙකු/කරවන්නන් ලැජ්ජා විය යුතුය. මන්ද, ඔවුන් නීතිය පිළිබඳවත් අවි ආයුධ හැසිරවීම පිළිබඳවත් හදාරා සිය වෘත්තියෙහි යෙදෙන්නන් විය යුතු නිසාය.

එය, එසේ නොවන්නේ නම්, ඔවුන් කිසිවෙක් එකී පොලිස් සේවයටවත් හමුදා සේවයටවත් කෙසේවත් සුදුස්සන් නොවෙති. ඒ සඳහා ඔවුන් උගතුන් ද නොවෙති.
ඔවුන් ඇත්තෙන්ම ගැලපෙනුයේ කුමන කාර්යයන් සඳහා ද ?

-    මෙලනි




2016-10-24
Advertisement

Find us on Facebook