English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මා තවමත් ඉල්ලා සිටින එකම දේ, ප‍්‍රගීත්ට යුක්තියයි - සන්ධ්‍යා එක්නැළිගොඩ

"කිසිම දවසක මට ජීවත්වෙන්න මාර්ගයක් ඉල්ලූවේ නැහැ. දරුවන්ව ජීවත් කරවන්න උදව් ඉල්ලූවේ නැහැ. මා ඉල්ලන්නේ එකම දෙයයි. ප‍්‍රගීත්ට යුක්තිය ඉටුකරන්න. ප‍්‍රගීත්ගේ අපරාධකරුවන්ට දඬුවම් ලබාදෙන්න කියා පමණයිි."යැයි මානව හිමිකම් ක‍්‍රියාකාරිනි සන්ධ්‍යා එක්නැළිගොඩ ප‍්‍රකාශ කළේය.


ඇය මෙසේ ප‍්‍රකාශ කළේ ඊයේ (ඔක් 21)මරදාන සාමජය හා සාමයික කේන්ද්‍රයේ දී පැවති විශේෂ මාධ්‍ය හමුවේදිය.

යහපාලන ආණ්ඩුව බලයට පත්වී වසර දෙකක් තුළ ප‍්‍රගීත් වෙනුවෙන් යුක්තිය ඉටුකරන්නට කියා ඉල්ලා සිටීම හැර වෙනත් කිසිම වරප‍්‍රසාදයක් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා නොසිටියේ යැයි ඇය කීහ.  

අතුරුදහන්වු ජේ්‍යෂ්ඨ මාධ්‍යවේදි ප‍්‍රගීත් එක්නැළිගොඩ වෙනුවෙන් යුක්ති සාධාරණය ඉටුකර ගැනීම සඳහා, එම අතුරුදහන් කිරීමේ අයුක්තිසහගත ක‍්‍රියාව තුළින් මානව හිමිකම් ක‍්‍රියාධරනියක ලෙසට සමාජයට පිවිසෙන සන්ධ්‍ය එක්නැළිගොඩ, වත්මන් ජනාධිපතිතුමා බලයට පැමිණීම සඳහා සිය ඡයාරූප ද භාවිතාකර ඇති නමුත් තමන් වෙත යුක්තිය ඉටුකිරීම ප‍්‍රමාදකර ඇති බව පැවසීය. 



යුක්තිය ඉටුකිරීම
අල්ලස් කොමිසම සහ පොලිසිය වෙත චෝදනා කරමින් ජනාධිපති සිරිසේන පසුගිය  12 වෙනිදා ශ‍්‍රි ලංකා පදනම් ආයතනයේදි හමුදා බුද්ධි අංශ නිළධාරින්
දිර්ඝ කාලයක් තිස්සේ සිරකර තැබිම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් ඔවුන්ට නඩු පැවරීම හෝ නිදහස් කිරීම කළ යුතු යැයි ප‍්‍රකාශ කළා.
   
ජනාධිපතිගේ එම ප‍්‍රකාශය විවේචනයට ලක්කරමින් "ජනාධිපතිතුමාගේ ප‍්‍රකාශයේ එතුමා කියනවා මේ හමුදා නිළධාරීන් මාස 18ක් නඩු නැතිව හිරේ තියාගෙන ඉන්නවා කියලා. ජනාධිපතිතුමෙනි, මං මාස 81ක් යුක්තිය හොයමින් මේ ගමන යනවා."යැයි සන්ධ්‍ය එක්නැළිගොඩ චෝදනාත්මකව ප‍්‍රකාශ කළේය.

"ජනාධිපතිතුමා අවධානය යොමුකළ යුතු වෙනවා. මේ බුද්ධි නිළධාරීන් ට බන්ධනාගාරගතව ඉන්න සිද්ධ වෙලා තියෙන්නේ මේ පරීක්‍ෂණවලට මේ අයගේ සහ හමුදාවේ බුද්ධිඅංශයේ සහය නොලැබෙන හේතුව මත කියලා. ඒවගේම ජනාධිපතිතුමාගේ අවධානයට යොමුකරන්න කැමතියි, මේ බුද්ධි නිළධාරින් මාස 18ක් හිටියේ රක්‍ෂිත බන්ධනාගාරයේ නොවෙයි. හිටියේ රක්‍ෂිත බන්ධනාගාර රෝහලේ. ඒ අවස්ථාව මේ රටේ අනෙක් සිරකරුවන්ට තියෙන තත්ත්වයක් නෙවෙයි. ඒක විශේෂ තත්ත්වයක්. එහෙම වෙන්නෙ කොහොමද ?" ඇය කීහ.
 
බත් පැකට් විකුණා දරුවන් රැකීම
එමෙන්ම මාධ්‍ය වෙත පෝස්ටර්යක් පෙන්වා සිටිමින්, මෙවැනි ආකාරයේ තමන්ට විරුද්ධව පෝස්ටර් ගැසීමට තමන් කළ වැරැද්ද කුමක්ද කියා ප‍්‍රශ්න කළේය.





"කාටද ?මොකක්ද මම කරපු වැරැද්ද ? මේ විධියට මට විරුද්ධව පෝස්ටර් ගන්නේ ? මම බොහෝම ආඩම්බරයෙන් කියනවා බත් පැකට් විකුණලා තමයි මම දරුවන්ව රකින්නෙ කියලා. ඒත් මේ රටේ අධිකරණයට හමුදාවට සම්බන්ධ ආයතනම කියලා තියෙනවා ප‍්‍රගීත් කොටිත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ කියලා, එහෙම කියද්දි මේ අය කියනවා මම කොටි සන්ධ්‍යා, කොටි සුරතලිය කියලා."
 
ප‍්‍රගීත්  පැහැරගෙන යෑම සැලැසුම් සහගත අපරාධයක්. 2009 දි පළමුවෙනි වතාවට අරගෙන ගිහිං කිසියම් හෝ මැදිහත්වීමක් මත නිදහස් කරනවා. දෙවනිවර 2010 අරගෙන යනවා මේ සියලූම දේවල් කරන්නේ එකම කණ්ඩායමක්. මේ අපරාධකාරයින්ව සොයාගෙන අධිකරණයට ඉදිරිපත්කරලා තියෙනවා.



"අපරාධකරුවන් නිදහස්කරන්න කියලා රටේ ප‍්‍රධාන පුරවැසියා කියනවානම් අධිකරණයකින් රටේ වින්දිතයින්ට ඉටුවන සාධාරණය කුමක්ද යන්න මම ජනාධිපතිතුමාගෙන් අහන්න කැමතියි."
 
 
පිංතුර සහ සටහන  -  මෙලනි මානෙල් පෙරේරා




2016-10-22
Advertisement

Find us on Facebook