English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ජීවිතක්‍ෂයට පත් සරසවි සිසුන් දෙදෙනා වෙත ජනාධිපති අවධානය - ප‍්‍රදේශයේ පොලිස් ආරක්‍ෂාව තරකරයි


යාපනයේ සරසවියේ සිසුන් දෙදෙනෙක් බ‍්‍රහස්පතින්දා රාත‍්‍රියේ්දි කොකුවිල් ප‍්‍රදේශයේදි ජීවිතක්‍ෂයට පත්වෙති. පොලීසියට අනුව, පළමුව එය රිය අනතුරකි. එහෙත් පශ්චාත් මරණ පරීක්‍ෂණ අනාවරණය කළේ එක් සිසුවෙකුගේ ශරීරයේ වෙඩිවැදීමකින් සිදුවන තුවාල ඇති බවයි. වන්දි ගෙවන ලෙසට ජනාධිපතිවරයා නියෝග කරයි. යාපනය විශ්වවිද්‍යාලය ,පොලිස් ස්ථානය අවට සහ අධිකරණය අවට ප‍්‍රදේශවල පොලිස් ආරක්‍ෂාව තරකර ඇත. මින් පෙනීයන්නේ පොලීසියට වැරැද්දක් වී ඇති බැවින් සිසුන් දෙදෙනාගේ මරණ සම්බන්ධයෙන් ප‍්‍රකෝපකාරි හදිසි අවස්ථාවක් හටගත හොත් ඊට මුහුණ දීම සඳහා නොවේද ?   

පෙරේදා (බ‍්‍රහස්පතින්දා) රාත‍්‍රියේ දී සාදයකට ගොස් ආපසු පැමිණෙමින් සිටියදී යාපනය කොකුවිල් ප‍්‍රදේශයේදි ජිවිතක්‍ෂයට පත්වුණු යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් අපක්‍ෂපාති හා ස්වාධින පරික්‍ෂණයක් පවත්වා එම වාර්තාව අධිකරණයට ඉදිරිපත්කරන ලෙසට ජනාධිපති මෛත‍්‍රිපාල උපදෙස් දී ඇත. එමෙන්ම ඔවුන්ගේ දෙමාපියන් වෙත යම්කිසර වන්දි මුදලක් ගෙවීමට ද ඉදිරියේදි තිරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

යතුරුපැදියකින් ගමන්කරමින් සිට ඇති සිසුන් දෙදෙනා හදිසි රිය අනතුරකින් මිය ගිය බවට සිද්ධිය සිදුවන අවස්ථාවේදි කොකුවිල් පොලිස් මාර්ග බාධකයේ් සේවයෙහි නිරතවු පොලිස් නිළධාරීන් ප‍්‍රකාශකර තිබුණද , පශ්චාත් මරණ පරීක්‍ෂණයේදි අද (ඔක් 22) අනාවරණය වි ඇත්තේ එක් සිසුවෙකුගේ ශරීරයේ වෙඩි වැදීමකින් සිදුවු තුවාල තිබුණු බවයි.   

සාවධ්‍ය ප‍්‍රකාශයක් කළ සිද්ධිය සිදුවන අවස්ථාවේදි එම පොලිස් මාර්ග බාධකයේ් සිටි පොලිස් නිළධාරීන් පස්දෙනා ඊයේ(ඔක් 21) අත්අඩංගුවට ගත් අතර ඔවුන් අද(ඔක් 22) යාපනය මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර තිබුණි.

සිද්ධිය විභාග කිරීමෙන් පසුව ඔවුන් ලබන මස 04වෙනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර, පොලිස් නිළධාරීන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් ඔවුන් අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවීමට තිරණයකර ඇත.

සරසවි සිසුන් දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් පළමුව සාවද්‍ය ප‍්‍රකාශයක් කළ පොලිස් නිළධාරීන් පස්දෙනා අතර උප පොලිස් පරික්‍ෂකවරයෙක් පොලිස් සැරයන්වරයෙක් පොලිස් කොස්තාපල් දෙදෙනෙකු සහ පොලිස් රියදුරෙකු වන බව වාර්තා වෙනවා.   

යාපනය සරසවියේ කලා අංශයේ තෙවන වසරේ අධ්‍යන කටයුතුවල නිරත වු 23 හැවිරිදි 24 හැවිරිදි සිසුන්ගේ දේහයන් ඔවුන්ගේ නිවෙස්වලට භාරදී ඇති බව ද වාර්තා වෙයි.

පිංතුර -  අන්තරජාලයෙන්
-    මෙලනි




2016-10-22
Advertisement

Find us on Facebook