English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


වාරණය නිමයි -

උසාවිය නිහඬ මුත් - පුරවැසියන් නිහඬවුයේ නැත. මහජන ප‍්‍රදර්ශනය වලකාලමින් කොළඹ දිසා අධිකරණය මගින් නිකුත්කර තිබු වාරණ නියෝගයෙන් සිනමාකරු ප‍්‍රසන්න විතානගේ විසින් අධ්‍යක්‍ෂණය කරනු ලැබු උසාවිය නිහඬයි චිත‍්‍රපටය ඊයේ  (ඔක් 21) නිදහස් කෙරිණිි. අද (22) සිට චිත‍්‍රපටිය මහජන ප‍්‍රදර්ශනය සඳහා විවෘත වෙයි. හිටපු විනිසුරුගේ පැමිණිල්ල විභාග කිරීම ලබන ජනවාරි මස 19 වෙනිදාට කල්තැබිණ.

අධිකරණයේ විභාග වෙමින් පැවති නඩුවක සැකකරුවෙකුගේ බිරිඳ ලිංගික දුෂණයට ලක්කිරීම කථා වස්තු කරගනිමින් ප‍්‍රසන්න විතානගේ විසින් නිර්මානය කරනු ලැබු මෙම වාර්තා චිත‍්‍රපටය මහජන ප‍්‍රදර්ශනය සඳහා විවෘත කිරිමෙන් තමන්ට අපහාසයක් සිදුවන බවට හිටපු විනිසුරු ලෙනින් රත්නායක විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් අනුව පනවා තිබු වාරණ නියෝගය කොළඹ දිසා විනිසුරු එම් යු ගුණවර්ධන විසින් ඊයේ අත්හිටුවනු ලැබිණි.

අයුක්තිසහගත ලෙසට වින්දිතයෙකු මුහුණ දුන් අසාධාරණයක් පිළිබඳව සමාජයට අණාවරනය කරන මෙම වාර්තාමය චිත‍්‍රපටියට පැනවු වාරණය ඉවත්කරන ලෙස ඉල්ලා "මාධ්‍ය හා සිවිල් සංවිධාන එකතුව" විසින් 19 බදාදා අලූත්කඬේ අධිිකරණය ඉදිරිපිට නිහඬ විරෝධයක් ද පවත්වමින් ඉල්ලීම් දෙකක් මූලික කරගනිමින් අධිකරණ සේවා කොමිෂන් සභාවට පෙත්සමක් ද භාර දෙනු ලැබිණි. 


 
අධිකරණ නියෝගය පිළිබඳව සිය සතුට පළකරන උසාවිය නිහඬයි නිර්මානකරු ප‍්‍රසන්න විතානගේ, වාණිජ ප‍්‍රදර්ශනයට තැබෙන පළමු ශ‍්‍රි ලාංකික වාර්තා චිත‍්‍රපටය ලෙසින් තම අධ්‍යක්‍ෂණය අද සිට සිනමා ශාලාවල තිරගත කෙරෙන බව ගගන මාධ්‍ය සමග සිදුකළ සම්මුඛ සාකච්ඡවකදි ප‍්‍රකාශකර ඇත.



සිය චිත‍්‍රපටියට පනවා තිබු වාරණය ඉවත් කිරීම, "භාෂණයේ නිදහස සහ තොරතුරු දැනගැනීමේ අයිතිය" තහවුරු වු අවස්ථාවක් බවට ප‍්‍රසාදය පළකර ඇති ප‍්‍රසන්න විතානගේ ශ‍්‍රි ලංකාවේ අධිකරණ ක‍්‍රමය කොතෙක් දුරට සමාජ සාධාරණය ඉෂ්ටකරන්නේද යන්න පේ‍්‍රක්ෂකයාටත් දැකගැනීමේ අවස්ථාවක් මෙම චිත‍්‍රපටිය නැරඹීම තුළින් උදාවනු ඇතැයි තමන් විශ්වාසකරනු ලබන බව ප‍්‍රකාශකර ඇත.
 
ගගන මාධ්‍ය විසින් ප‍්‍රසන්න විතානගේ අධ්‍යක්‍ෂවරයා සමඟ සිදුකර ඇති සාකච්ඡව පහත විඞීයෝ පටයෙන් නැරඹිය හැක.


පිංතුර  - විකල්ප වෙබ් අඩවිය

-  මෙලනි




2016-10-22
Advertisement

Find us on Facebook