English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


දමිළ පුරවැසියෙකුට සිහල දේශපේ‍්‍රමින්ගෙන් වන්දියක් !


ඔහු ජිවතුන් අතර නැත. ඔහු මිය යෑමේ නොව  මරාදැමීමේ අමිල පාඩුව ඔහුගේ සමීපතයින්ට ය. ජීවිතයක් අහිමි වීමේ පාඩුව කිසිකලෙකත් මිලකළ නොහැක. එහෙත් සිංහල සොල්දාදුවෙකු අතින් මැරුම් කැ දමිළ ඔහු වෙනුවෙන් ඔහුගේ ඥාතින් වෙත විත්තිකාර සොල්දාදුවා වෙතින් රුපියල් ලක්‍ෂ 20ක වන්දි මුදලක් ලැබුණි.

හමුදා මේජර්වරයෙකු විසින් මෙකී වන්දි මුදල ගෙවාදැමිය යුතු වුව ද, ඒ සඳහා ඉදිරිපත් වන්නේ බොදුණු හිමිනමකි. ඒ හිමියන්ට අනුව රුපියල් ලක්‍ෂ 20ක වන්දි මුදල දේශපේ‍්‍රමි ජනතාවගෙන් ලබාදෙන්නකිි. මෙය දෛවයේ සරදමක් ද !

"දේශප්පේ‍්‍රමි ජනතාව ලබාදුන්න පරිත්‍යාග වලින් මේ වන්දි මුදල ගෙවා දැමුවා"යැයි ජාතික සංවිධාන එකමුතුවේ පුජ්‍ය බෙංගමුවේ නාලක හිමි පැවසු බව සංදේශය පුවතක් වාර්තා කළේය.

වසර 1998 දි පේදුරුතුඩුව හමුදා කඳවුරේ රඳවා සිටි රොබට් වෙලින්ටන් නැමති එල්ටීටීඊ සැකකරුවා පලායෑමට තැත්කළ අවස්ථාවේදි විමල් වික‍්‍රමගේ නැමැති හිටපු යුධ හමුදා මේජර්වරයෙකු අපරික්‍ෂාකාරි ලෙසට සිදුකළ වෙඩිතැබීමකින් ඔහු ජීවිතක්‍ෂයට පත්විය.  

අපරික්‍ෂාකාරි ලෙසට වෙඩි තැබීමකින් එල්ටීටීඊ සැකකරුවාගේ මරණය සිදුකිරීම පිළිබඳව චෝදනා කරමින් හමුදා මේජර්වරයාට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරන ලදි.

දිර්ඝ නඩු විභාගයකින් පසුව, අගෝස්තු මස 31 දා ඊට අදාළ තීන්දුව නියම කෙරිණු අතර මුදල් වන්දිය හැරුණුකොට,  කොළඹ මහාධිකරණය විසින් හමුදා මේජර්වරයා වරදකරු කරමින් ඔහුට වසර දහයකට අත්හිටවු දෙවසරක සිර දඬුවමක් නියමකළේය.   

මේ නඩුවට අභියාචනයක් ඉදිරිපත් කරන්න අපිට අදහසක් තිබුණා. නමුත් අභියාචනයක් ඉදිරිපත් කරන්න ගියොත් දඬුවම තවත් වැඩිවෙන්නට පුළුවන් කියලා අපේ නීතිවේදීන් ඒකට විරුද්ධ වුණා. ඒ නිසා අභියාචනා ඉිදිරපත් නොකරම අපි වන්දි මුදල ගෙව්වා යැයි බෙංගමුවේ නාලක හිමි ප‍්‍රකාශකර ඇත.

-    මෙලනි



2016-10-19
Advertisement

Find us on Facebook