English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


හෙට උදේ 9 ට අලූත්කඬේ උසාවියට එන්න !

සිනමාකරු ප‍්‍රසන්න විතානගේ අධ්‍යක්‍ෂණය කළ උසාවිය නිහඩයි චිත‍්‍රපටය තිරගතවීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය පසුගිදා වාරණ නියෝගයක් නිකුත් කළේය. එම වාරණයට එරෙහිව හෙට එනම් ඔක් 19 දා පෙරවරු 9.00 ට කොළඹ දිසා අධිකරණය ඉදිරිපිට දී නිශ්ශබ්ද විරෝධතාවක් පැවැත්වෙයි.

මෙම නිහඬ විරෝධතාව මාධ්‍ය හා සිවිල් සමාජ සංවිධාන එකතුව විසින් සංවිධානය කරනු ලබයි. 



හිටපු මහේස්ත‍්‍රාත්වරයෙකු වන ලෙනින් රත්නායක විසින් තමා පිළිබඳ අසත්‍ය තොරතුරු මෙම චිත‍්‍රපටය තුළ අන්තර්ගතකර ඇතැයි පවසමින් ගොණුකර තිබු පෙත්සමක් හේතුවෙන් උසාවිය නිහඩයි චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය කිරීමෙන් මෙසේ වළකා ඇත.

චිත‍්‍රපටියේ ටෙ‍්‍රලරයක් පහත යොමුවෙන් නරඹන්න.


 


පිංතුර - සම්පත් සමරකෝන් ට්විටර්
ටෙ‍්‍රලරය - ටිෂාන් වික‍්‍රමසිංහ

-    මෙලනි





2016-10-18
Advertisement

Find us on Facebook