English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


සත්‍ය විකෘතිකර ජනතාව නොමග යවන්නෝ !
මෙය අද එනමි අගෝස්තු මස 13 වෙනි දා දිවයින අන්තර්ජාල පුවත්පතෙහි පළකර තිබු ලිපියකි.

පිවිසුමි මාර්ගය
http://www.divaina.com/2014/08/13/news04.html


මහවිරු පවුල්වල "අඳෝනා" මොහොතින් ජිනීවා යවයි

සමන් ගමගේ

උතුරේ මහවිරු පවුල්වල පිරිසක්‌ කොළඹට කැඳවා පසුගියදා කොළඹ මරදාන සමාජයීය හා සාමයික කේන්ද්‍රයේදී පැවැත්වූ වැඩමුළුවේදී එම මහවිරු පවුල්වල අදහස්‌ චන්ද්‍රිකා තාක්‍ෂණය ඔස්‌සේ ඒ මොහොතේම ජිනීවා වෙත ලබාදී ඇතැයි ජාතික බුද්ධි සේවා වෙත තොරතුරු ලැබී තිබේ.

රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් කිහිපදෙනකු එක්‌ව මෙම වැඩමුළුව සංවිධානය කර තිබූ අතර මෙහිදී එම මහවිරු පවුල්වල සාමාජිකයන් ප්‍රකාශ කළ සියල්ල අඳෝනා ලෙසින් ජිනීවා වෙත සජීවීව ලබා දී ඇතැයිද හෙළි වී ඇත.

සජීවී රූපවාහිනී සාකච්ඡාවක්‌ ලෙස චන්ද්‍රිකා තාක්‍ෂණය ඔස්‌සේ එම අදහස්‌ හුවමාරු කරගැනීම් සිදුව තිබෙන අතර එහිදී අධිතාක්‍ෂණ උපකරණවලින් සන්නද්ධව එහි පැමිණ සිටි විදේශ බුද්ධි සේවාවක සහාය වැඩමුළුව සංවිධානය කළ පුද්ගලයන්ට ලැබුණු බවද සඳහන් වේ.

මෙම විදේශ බුද්ධි සේවා නිලධාරීන් එහිදී මාධ්‍යවේදීන් කණ්‌ඩායමක්‌ ලෙස පෙනී සිට ඇතැයිද පැවසේ. ඇමරිකානු සී.අයි.ඒ. සංවිධානය ඇතුළු විදේශ බුද්ධි සේවා කිහිපයක්‌ මෙරට තුළ ක්‍රියාත්මක බවට පසුගිය දිනවල රජයට අනාවරණය වී තිබිණි.

මෙම වැඩමුළුව ආරම්භ වී එහි කටයුතු සිදුවෙමින් තිබියදී මියගිය හා අතුරුදන් වූවන්ගේ දෙමාපිය එකමුතුවේ සාමාජිකයන් මහා සංඝරත්නයද සමඟ එහි පැමිණි අවස්‌ථාවේ සමාජයීය හා සාමයික කේන්ද්‍රයට පැමිණි මෙරට ඇමරිකානු තානාපති කාර්යාලයේ ඉහළම නිලධාරියෙක්‌ කඩිමුඩියේම සිදුකළේ අදාළ අධිතාක්‍ෂණික උපකරණ ගැලවීමට උපදෙස්‌ දෙමින් මාධ්‍යවේදීන් ලෙස පෙනී සිටි විදේශිකයන්ද සමඟ එම ස්‌ථානයෙන් පිටතට යෑවීම බව එහි සිටි පුද්ගලයන් දැක තිබිණි.

එකී ඇමරිකානු තානාපති නිලධාරියා එහිදී ක්‍රියා කළ අන්දම බරපතළ ලෙස සැකයට තුඩු දෙන්නක්‌ බව ජාතික බුද්ධි සේවා නිලධාරියෙක්‌ "දිවයින" කළ විමසුමක දී පැවැසීය.

මෙම වැඩමුළුව සංවිධානය කිරීමේදී ඇමරිකානු තානාපති කාර්යාලය ඇතුළුව තවත් බටහිර තානාපති කාර්යාල කිහිපයක සහාය අදාළ සංවිධායකයන්ට ලැබී තිබිණි.

මෙම ලිපියට අනුව  -  
පළමුව, මෙම වාර්තාකරු සත්‍ය ගවෙිෂණය නොකරන බුද්ධිමත්ව සිය වෘත්තීය ක‍්‍රියාත්මක නොකරන විශ්වාසය තැබිය නොහැකි වාර්තාකරුවෙකි.

දෙවනුව, සහමුලින්ම සාවද්‍ය තොරතුරු සපයමින් අප රටෙහි බුද්ධි අංශයේ නිළධාරීන්ව ද එම සේවාව ද සැහැල්ලුවටත් ,අවමානයටත් ලක්කර ඇත. මන්ද ඔහුගේ මෙම අමුලික බොරු නිර්මාණය ආරමිභකර ඇත්තේ ජාතික බුද්ධි අංශය ද ඔහුගේ කෘතිම මෙන් ම සාවද්‍ය නිර්මාණයට හවුල්කර ගිනිමිනි. ඔහුගේ බොරු ලිපියට බරක් ලබාගෙන ජනතාවට එය ඉතා හොදින් ඒත්තු ගන්වන්නට ඔහු ජාතික බුද්ධි අංශය පාවිචිචිකර ඇත. එහෙත්, මෙරට බුද්ධි, අංශය අල්පෙනෙත්ති තුඩක ප‍්‍රමාණයක් තරමිවත් සත්‍යයක් නැති මෙවැනි මුසාවද වලට සහ ජනතාව සහමුලින්ම නොමග යවන සාවද්‍ය ප‍්‍රකාශවල අයිතිකරුවකු වන්නට තරමි නිහිනී සහ අබුද්ධිමත්, වගකීමක් රහිත මෙන්ම බාල ඝනයේ බුද්ධි අංශයක් ලෙසට නමි අප හඳුනාගෙනත් නැත අත්දැකිමක් ද නැත. අප දන්නා ශ‍්‍රි ලංකාවෙි බුද්ධි අංශය මීට හාත්පස වෙනස්ය.  

තෙවනුව, මොහුගේ සමිපූර්ණ පුවත් වාර්තාවෙි සටහන් වී ඇති නිවරැදි කරුණු නොව, වචන වශයෙන් කිහිපයක් ඇහිඳා ගත හැකිය. එසේ ගතහැක්කේ, රාජ්‍ය නොවන සංවිධාන , කොළඹට කැඳවීම, සමාජය හා සාමයික කේන්ද‍්‍රය , අඳෝනා , මියගිය හා අතුරුදහන්වුවන්ගේ දෙමාපිය එකතුවෙි සාමාජිකයින් (එදා පැමිණියේ ඔවුන්ම දැයි ස්ථීර වශයෙන් නොදනිමු), මහා සංඝරත්නය ( සිවුරු දමා සිටියමුත්, ඔවුන්ගේ හැසීරිම හා වාග් ප‍්‍රහාරයන්ට අනුව ඔවුන් ද ගෞරවනීය සංඝයාවහන්සේලා යැයි සිතීම ඉතාම අසීරුය) සහ ඇමරිකානු තානාපති නිළධාරියා යන වචන පමණක් සත්‍යය වචන වෙති. ඒ හැරුණුකොට එම පුවත් වාර්තාව සහමුලින් ම ඒ වාර්තාකරුවාගේ හිතළුවකි! අසත්‍ය ම වැපිරීමකි සහ ප‍්‍රචාරයකි ! දිවයින පුවත්පතට ද මහා අගෞරවයකි!
-MMP




2014-08-13
Advertisement

Find us on Facebook