English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


පුරප්පාඩු මත නිළධාරීන්ට වැඩ අධිකයි - දිගු සේවා මුරයක්


ශ‍්‍රි ලංකාවේ පොලීසියෙහි නිළධාරීන්ගේ හිගයක් පවතින බවත් එම පුරප්පාඩුව සම්පුර්ණ කරවීමට අපහසුතාවක් ඇති බවත් එබැවින් පොලිස් නිළධාරින් හට දෛනිකව පැය ගණනාවක් සේවයෙහි නිරතවන්නට සිදුවී ඇතැයි පොලිස් කොමිසම සඳහන් කරයි.

පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ ට අනුව, පොලිස් සේවය තුළ නිළධාරින් 83,000 ක් නිරතව සිටිය යුතුව තිබුණි ද මේ වන විට සේවය කරනු ලබන්නේ නිළධාරීන් 76,000 කට ආසන්න සංඛ්‍යාවක් පමණි.

පවතින නිළධාරි පුරප්පාඩුව සම්පුර්ණ කිරීමට අපහසුතාවක් ඇති බව සඳහන් කරන ඔහු, ඊට හේතු වශයෙන් දක්වන්නේ , වසරකට පොලිස් නිළධාරින් දහසකට ආසන්න ප‍්‍රමාණයක් පමණක් පුහුණු කිරීමට පහසුකම් ඇති බවයි.

"වසරකදී නිළධාරීන් 2000 ක් පුහුණු කිරීමට යෝජනා ඉදිරිපත් වෙලා තිබෙනවා. මේ ප‍්‍රමාණය පුහුණුකර ගන්නට අවකාශ ලැබෙනවානම්, පොලිස් නිළධාරීන් දිනකට සේවය කළ යුතු පැය 12කට ආසන්න කාලය යම් තරමකට අවම කරගන්න පුළුවනි." යැයි ඔහු කියයි.

මේ වන විට 1500 කට අධික සංඛ්‍යාවක් පොලිස් සේවය හැරගොස් ඇති බවත් අභියාචනා මත ඔවුන් යළි අනුයුක්ත කරගැනීමට අවශ්‍ය කටයුතු සිදුකළ බවත් ඔහු කීවේය.

-    මෙලනි




2016-10-15
Advertisement

Find us on Facebook