English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


ලසන්ත ඝාතනයට විශ්‍රාමික ජයමාන්න යොදාගත්තද ?

සන්ඬේ ලීඞ්ර් කතෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කලේ තමන් විසින් යයි පාපොච්චාරණය කල ලිපියක් ලියා තබා, ගෙල වැලලාගෙන සිය දිවි නසා ගෙන ඇති බව කියන විශ්‍රාමික බුද්ධි අංශ නිලධාරි ඉලන්දරගේ ජයමාන්න නැමැත්තා, ලසන්ත ඝාතනය සිදුකර ඇත්තේ විශ්‍රාම ගැනීමෙන් අනතුරුව දැයි සැකයක් මතුව ඇත.

සාජන් මේජර් ඉලන්දරගේ ජයමාන්න නමැත්තා 2007 වසරේදී විශ්‍රාම ගොස් ඇති අතර, ලසන්ත ඝාතනය සිදුවන්නේ 2009 ජනවාරි 08දා වීම ඊට හේතුවයි.

එසේම ජයමාන්ත හමුදා සේවයේ සිට ඇත්තේ වසර 12ක කාලයකි.

ඔහු හමුදාවෙන් විශ්‍රාමගත්තෙකුවුවද හමුදාසේවයෙන් විශ්‍රාමයාමේ සම්පූර්ණ කාලය සම්පූර්ණ කර නොමැති බැවින් විශ්‍රාම වැටුපකට හිමිකම් නොකියන්නෙක් බවටද වාර්තා පල වේ.

ඉකුත් ආණ්ඩුව නොයෙක් අක්‍රමිකතාවලට විශ්‍රාමික හමුදා නිලධාරීන් යොදාගත් බවට පසුගිය කාලයේදී කතිකාවට බදුන් වූ අතර ඒ අනුව ජයමාන්න, ලසන්ත ඝාතනයට එසේ යොදාගත්තෙකුද යන්න පිළිබඳව පොලිස් බුද්ධි අංශවලට සැක මතුව ඇතැයි වාර්තා වේ.

‘මිලේනියම් සිටි’ :

ඉලන්දරගේ ජයමාන්න නැමැත්තා,  මිට ඉහතදී ‘මිලේනියම් සිටි’ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන එකී චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරනු ලැබුවකු බව වාර්තාවේ.

‘මිලේනියම් සිටි’ ආරක්ෂක නිවෙස්නයක ආයුධ ගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් 2002 ජනවාරි 02දා මොහු ඇතුළු හමුදා සාමාජිකයින් 05 දෙනෙකු එකල පැවති එජාප රජය විසින් අත්අඩංගුවට ගත් අතර, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය සම්බන්ධයෙන් සැකපිට මේවනවිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර සිටින හමුදා බුද්ධි අංශ සාජන් මේජර් ප්‍රේමානන්ද උදලාගම ද එසේ අත්අඩංගුවට පත්වූවන් ගෙන් කෙනෙකි.

උදලාගමගේ මිතුරෙක් :

 ජයමාන්න නමැත්තා සහ ප්‍රේමානන්ද උදලාගම සමකාලීනයන් මෙන්ම සමීප මිතුරන් ද වේ.

ජයමාන්න නමැත්තා ගෙල වැලලාගෙන සිය දිවි නසා ගැනීමට පෙර සන්ඬේ ලීඞ්ර් කතෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කලේ තමන් විසින් යයි පාපොච්චාරණය කල ලිපියක් ලියා තබා ඇත.

ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවේ සිටින බුද්ධි අංශ නිලධාරී ප්‍රේමානන්ද උදලාගම නිදහස් කරන ලෙසත්,  තමන්ගේ ලිපිය බුද්ධි අංශයට බාර දෙන ලෙසත් ඔහු එම ලිපිය මගින් ඉල්ලීමක් කර තිබේ.

අදාල ලිපියේ අත් අකුරු ඔහුගෙම බවට පවුලේ ඥතීන්ද තහවුරැ කර ඇත.

කිසිදු තොරතුරක් අනාවරණය නොවීම ?

කෙසේ නමුත් මෙතෙක් ලසන්ත ඝාතන විමර්ශනවල දී මෙම ජයමාන්න නමැත්තකු සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් මෙතෙක් අනාවරණය වී නොතිබුන බව පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ‘ශ්‍රී ලංකා මිරර්’ වෙත පැවසිය.

උදුලාගම මහතාට එරෙහිව ගම්පහ අධිකරණයෙහි විභාග වු උපාලි තෙන්න්කෝන් මහතාට පහර දීම සම්බන්ධ නඩුවෙන් ඊයේ (14)  ඔහුට ඇප ලබා දීම සිදු කොට ඇත.

එහෙත් ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම සම්බන්ධ නඩුවෙන් තවමත් ඔහු රිමාන්ඩ් භාරයේ පසුවේ.

මේ අතර ලසන්ත ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු බුද්ධි ප්‍රධානි කපිල හෙන්දාවිතාරණ මහතාගෙන් හා එවකට හිටපු යුද හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂවරයකු වූ බ්‍රිගේඩියර් අරුණ වන්නිආරච්චි මහතාගෙන්  රහස් පොලීසිය ඊයේ ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

CIDය කෑගල්ලට යයි :

කෑගල්ල කරඬුපන පදිංචි  තිදරු පියෙකු වන 52 හැවිරිදි ඉලන්දරගේ ජයමාන්න නැමැත්තාගේ සියදිවි හානි කරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක්  ආරම්භ කර ඇත.

ඒ අනුව එම දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් ඊයේ රාත්‍රියේ කෑගල්ල ප්‍රදේශයට පිටත්ව ගොස් තිබේ.

ඊයේ සිය නිවසේ මුළුතැන්ගෙයි වහළයේ බාල්කයක නයිලෝන් ලණුවක් ආධාරයෙන් ගෙල වැළලාගෙන එම හමුදා බුද්ධි අංශ විශ්‍රාමික නිලධාරියා සියදිවි හානි කරගෙන තිබිණ.

උපුටා ගැනීම : ශ්‍රී ලංකා මිරර්


                                  උපුටා ගැනීම : Sri Lanka Guardian

                                                           -  Melani






2016-10-15
Advertisement

Find us on Facebook