English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


යු එන් කමිටුව වෙත ඉදිරිපත් කරන වධහිංසාවට එරෙහි සිවිල් සංවිධාන වාර්තාව රජයට පිළිගන්වයි

2016 නොවැම්බර් මාසයේදි ජිනීවා නුවර පැවැත්වෙන වධහිංසාවට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුවට ඉදිරිපත් කිරීම සඳහා, ශ‍්‍රි ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන 20ක් ඒකරාශි වි සකස්කල වාර්තාව, රජයට භාර දීම අද පස්වරුවේ දී කොළඹ 07, ලක්‍ෂමන් කදිර්ගාමර් ආයතනයේදි සිදුවිය. Joint Alternative Report නම් වු එම වාර්ථාව, රජය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය මංගලසමරවීර විසින් භාරගනු ලැබිණි.

ශ‍්‍රි ලංකාව තුළ සිදුවෙන වධහිංසාව වැළැක්වීම අරමුණු කරමින් 2011 වසරේදිත් සිවිල් සංවිධාන 09ක් එකතුවි එක්සත් ජාතීන්ගේ කමිටුවට ඒකාබද්ධ වාර්තාවක් ඉදිරිපත් කළ බවත්, ශ‍්‍රි ලංකාවේ සිදුවෙන වධහිංසාව වැළැක්වීම සඳහා එම වසරේදි එක්සත් ජාතීන්ගේ කමිටුව විසින් නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කරනු ලැබූ බව රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්‍ෂක පිලිප් දිසානායක පැවසීය.



එහෙත් මානව හිමිකම් සම්බන්ධව තැකීමක් නොකළ රජයක් ලෙසට පිළිගැණුනු එවකට පැවති රජය, එක්සත් ජාතින්ගේ වධහිංසාවට එරෙහි කමිටුව නියෝජනය කරමින් කියා සිටියේ ශ‍්‍රි ලංකාව තුළ වධ හිංසාවක් ක‍්‍රියාත්මක නොවන බවත් ,  පනවා තිබෙන නිර්දේශයන් ඉතාම සාර්ථකව ක‍්‍රියාත්මක වන බවටත් ඉතාම සාවද්‍ය තොරතුරු සහ වාර්තා ඉදිරිපත් කළා යැයි කීහ.

අද දින ශ‍්‍රි ලංකා රජයට භාරදෙන මෙම වාර්තාව මේ මස අවසානයේදි ජිනීවා නුවරට යවන බවත් මෙවර සැසිවාරය සඳහා සිවිල් සංවිධාන කණ්ඩායමක් සහභාගි වන බවත් වාර්තාවේ ඇතුලත් කරුණු සාකච්ඡාවට  ගනු ලබන බවත් සිංහල භාෂාවට පරිවර්ථනයකර පසුව මෙරට තුළ  සාකච්ඡාවට සංවාධයට වාර්තාව   කරන බව ද සභාව අමතමින් පිලිප් දිසානායක ප‍්‍රකාශ කළේය.



පසුගිය වසරවලදී මේ වාර්තා ජාත්‍යන්තරය තුළ පමණක් සාකච්ඡා වු බවත් මෙරට තුළ කිසිඳූ සාකච්ඡාවකට  භාජනය නොවනු බවත් සඳහන් කළ අතුරුදහන් වුවන්ගේ පවුල් එකතුවේ සභාපති බි‍්‍රටෝ ප‍්‍රනාන්දු , මෙවර උත්සාහා කරන්නේ වධහිංසාව පිළිබඳ එක්සත් ජාතින්ගේ මණ්ඩලයේ පවතින ඒ සාකච්ඡාව මෙරට සාමාන්‍ය මිනිස්සු අතර , දේශපාලන නායකයින් අතර සංවාධයට ගනුලබන්නේ කෙසේද යන්න සළකා බැලීම යැයි පැවසීය.

"තවමත් සම්ප‍්‍රදායක් හැදිලා නැහැ, වධ හිංසාව වෙනුවෙන් අතුරුදහන්වීම් වෙනුවෙන් සිවිල් හෝ වෙනත් අයිතිවාසිකම් වෙනුවෙන් සැකැසෙන වාර්තාවක් අඩුම වශයෙන් පාර්ලිමේන්තුව තුළවත් සාකච්ඡාවවට විවාධයක් බවට පත්කරලා එය සමස්ත රටේ වාර්තාවක් බවට පත්කරන්න පියවරක් අරගෙන නැහැ. ඒ නිසා බලයේ ඉන්න පක්‍ෂය තමයි මොකක්හරි වාර්තාවක් හදලා එක්සත් ජාතින්ගේ කමිටුව තුළ තමන්ගේ ජාම් බේරගන්නෙ. මේ තත්ත්වය නැතිකරන්න තමයි අපි මේ උත්සාහා කරන්නේ." (සම්පුර්ණ කථාව පසුවට)
    
පරිපුර්ණ වාර්තාවක් නොවන්නට හැකි මෙම වාර්තාව හොදින් කියවා බලා රජය විසින් ඉදිරිපත් කරන්නට සුදානම්වන වාර්තාවේ යම්කිසි වෙනස්කම් කළ යුතු නම් අඩුපාඩු හදාගන්න පුළුවන්නම් අපට බොහෝ සංවාදශීලිව ගමන් කළ හැකි යැයි බි‍්‍රටෝ ප‍්‍රනාන්දු විසින් මංගල සමරවීර ඇමතිවරයාගෙන් ඉල්ලීමක් ද කළේය.




සිවිල් සංවිධාන විසින් ඉදිරිපත් කළ වාර්තාව භාරගනු ලැබූ මංගල සමරවීර ඇමතිවරයා සභාව අමතමින් සිවිල් සංවිධාන විසින් ගනු ලැබු මෙම උත්සාහය අගය කරන බවත් ඊට බොහෝසේ ස්තුතිවන්ත බවත් මෙම වාර්තාවෙ ඇතුලත් කරුණු පිළිබඳ සිය අවධානය යොමුකර හැකි ඉක්මනින් ඒ සඳහා පියවර ගන්නා බව ප‍්‍රකාශ කළේය.
   
 


සභාව අමතමින් ශ‍්‍රි ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරියක වන අම්භිගා සත්කුණනාදන් , රයිට්ස් නව් ආයාතනයේ විධායක අධක්‍ෂක සුදර්ශන ගුණවර්ධන සහ ජාතික සාම මණ්ඩලයේ විධායක අධ්‍යෂක ආචාර්ය ජෙහාන් පෙරේරා ය නඅය විසින් සභාව ආමන්ත‍්‍රණය කරනු ලැබුහ.



පිංතුර සඳහා පිංතුර කවුළුව බලන්න
සටහන සහ පිංතුර   -  මෙලනි මානෙල් පෙරේරා



2016-10-13
Advertisement

Find us on Facebook