English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


මැතිවරණ නිළධාරින්ට බාධා


ඌවේ මැතිවරණ කටයුතු සම්බන්ධව ක‍්‍රියාකරන නිළධාරින් හට සිය වගකීම්  නිසි ලෙස මෙහෙයවීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි මැතිවරණ කටයුතු නිරික්‍ෂණ කණ්ඩායම් තුනක් විසිින් නිිකුත් කරන ලද ඒකාබද්ධ නිවේදනය සඳහන් කරයි.

ඌව පළාත් සභා මැතිවරණයේදි එල්ලවී ඇති තර්ජන හේතුවෙන් මැතිවරණ කටයුතු භාරව ක‍්‍රියාකරන නිළධාරීන් පසුබෑමකට ලක්ව ඇතැයි මැතිවරණ නිරීක්‍ෂණ සංවිධාන ප‍්‍රකෘශ කරයි.

මැතිවරණ කටයුතුවල නිරතව සිටින නිළධාරීන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීම නිදහස් හා සාධාරණ මැතිවරණයකට අත්‍යවශ්‍ය සාධකයක් බව, මැතිවරණ නිරික්‍ෂණ කණ්ඩායම් වන, කැෆේ සංවිධානය, පැෆරල් සංවිධානය සහ මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරික්‍ෂණ මධ්‍යස්ථානය එක්ව නිකුත්කර ඇති ඒකාබද්ධ නිවේදනයෙහි සඳහන් වෙයි.

පසුගිය බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණ වලදී කැස්බෑව, හෝමාගම සහ වැලිගම, මාතර ආදී ප්රදේශ මෙන්ම වයඹ පළාත් සභා මැතිවරණයේදී මහව යන ප්රදේශවලදී මැතිවරණ ක්රියාවලියට එල්ල වු බලපෑම් උදාහරණ කොට දක්වන එම නිරීක්ෂණ සංවිධාන, මෙවන් සිදුවීම් ඌව පළාත් සභා මැතිවරණයේදීත් සිදුවිය හැකි බවට පෙර නිමිති පළවී ඇති බව වැඩිදුරටත් සදහන් කරයි.

ඌව පළාත් සභා මැතිවරණයේ නාම යෝජනා භාරදුන් දිනයේ,අගෝස්තු 6 හිටපු පළාත් සභා මන්ත්රී අනුර විදානගමගේ සහ ඔහුගේ සොහොයුරු පාර්ලිමේන්තු මන්ත්රී තේනුක විදානගමගේ විසින් ලොග්ගල් ඔය ප්රදේශයේදී සහකාර මැතිවරණ කොමසාරිස් නාමල් තලංගම මහතාට තර්ජනය කිරීමේ සිදුවීම සහ නීති විරෝධී රථ පෙළපාලියේ නිරත වීම ආදී සිදුවීම් හුවා දක්වා ඇති මැතිවරණ නිරීක්ෂණ සංවිධාන,  දැන් සිටම නීතිය ක්රියාත්මක කරන ආයතන සහ නිලධාරින් මැතිවරණ නීතිය අකුරට ක්රියාත්මක කිරීමට කටයුතු කළ යුතු බව අවධාරණය කරයි.

කැෆේ සංවිධානය වෙනුවෙන් එහි විධායක අධ්‍යක්‍ෂ රන්ජිත් කීර්ති තෙන්නකෝන් ද පැෆරල් සංවිධානය වෙනුවෙන් එහි විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි ද මැතිවරණ ප‍්‍රචන්ඩ ක‍්‍රියා නිරීක්‍ෂණ මධ්‍යස්ථානය වෙනුවෙන් ආචාර්ය පාකි්‍යසෝති සරවනමුත්තු මහත්වරුන් එකී එකාබද්ධ නිවේදනයට අත්සන් තබා ඇත.

-MMP




2014-08-13
Advertisement

Find us on Facebook