English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


අය්යා වෙනුවට මල්ලී - සුදුසුකම් ඕනැවටත් වඩා යැයි ඔහුම කියයි !
රටේ ජනාධිපතිවීමට තමන්ට ඔිනෑවටත් වඩා සුදුසුකම් ඇති බව ඔහු කියයි. තමන් ඒ සඳහා සුදානම් යැයි ද ඔහු කියයි. අය්යාගේ ආශිර්වාදය අවශ්‍යම බව කියයි. නමුත් , ඔහු ජනාධිපතිවරණයකට තරග කළොත්, මෙරට ආගමක් දහමක් අනුගමනය නොකරන , මනුෂ්‍යත්වය ගැන අඹමල් රේණුවක තරම් වු ගෞරවයක් නැති, අතීතයේ මතක සටහන් අමතක වී ඇති, මන්ද බුද්ධික සිහිවිකල් වු පුද්ගලයින් පමණක් ඔහුට ඡන්දය පාවිච්චි කරනු ඇති බව ඔහුට අමතක වී ඇත.


ඡායාරූපය -  ලංකා නිවුස් ඇලර්ට්

රටේ ව්‍යවස්ථාවට අනුව අය්යාට ආයෙමත් ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වන්නට නොහැකි බැවින්, අය්යාගේ ආශිර්වාදය ඇතිව ශ‍්‍රි ලංකාවේ ඊළඟ ජනාධිපති වීමට තමන් සුදානම් බව අය්යාගේ මල්ලී වන හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාබය රාජපක්‍ෂක ප‍්‍රකාශ කර ඇත.

"මම සුදානම්. නමුත් ජනාධිපතිවරණයට තරග කරනවාද කියලා තාම ෆයිනල් ඩිසිෂන් එකකට ආවේ නැහැ." තමන් සුදානම් වුවත් අවසන් තීරණයකට නොපැමිණි බව ප‍්‍රකාශ කර ඇත.

තවදුරටත් මේ රටේ ජනතාවට සේවය කිරීමේ සාපිපාසාවෙන් තමන් පෙළෙන බව ප‍්‍රකාශකර ඇති හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාබය, ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමන්ට  ඕනෑවටත් වඩා සුදුසුකම් තිබෙන බැවින් ඒ සඳහා තමා සුදානම් යැයි පස්වනක් ප‍්‍රිතියෙන් යුතුව ප‍්‍රකාශ කර ඇත.

කෙසේවෙතත්, මහින්දය්යාගේ ආශිර්වාදය නොමැතිව තමන් ජනාධිපතිරවරණයක් සඳහා ඉදිරිපත් නොවන බවත් ප‍්‍රකාශකර ඇත.

ආරක්‍ෂක ලේකම් ව සිටිය දී, ඒ ධූරය රට තුළ ක‍්‍රියාත්මක කළේ් කෙසේ ද ? අය්යාට රට පාලනය කරන්නට මල්ලී කොතරම් පහසුවක් සළසා දුන්නේ ද ? මල්ලීට මෙන්ම අය්යාට ද රටේ ජනතාවගෙන් එල්ල වුණු විවේචන දිරවා ගන්නට පුළුවන් වුයේ ද? එසේ විවේචන එල්ලකළ, සිය කල්ක‍්‍රියාවන් විවේචනය කළ ප‍්‍රශ්න කළ මාධ්‍යවේදින්ට සිවිල් ක‍්‍රියාකාරීන්ට, සිවිල් වැසියන්ට අය්යාගෙන් මෙන්ම මල්ලීගෙන් අත්වු ඉරණම පිළිබඳව සිහි බුද්ධිය ඇති, කුමන හෝ දහමකට අනුව ජිවිත මෙහෙයවන මෙරට ජනතාවට අමතක වී නොමැත.



එසේනම් , අය්යාගේ මල්ලීව ජනාධිපති ලෙසට තෝරා පත්කර ගන්නේ කවුද ?

-    මෙලනි



2016-10-11
Advertisement

Find us on Facebook